චමීර සහ අකිලට IPL වරම්; මාලිංග ඉවතට

624
2018 IPL player Auction

2018 අයි. පී. එල්. තරගය සඳහා ක්‍රීඩකයින් තෝරා ගත් ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (28) නිමාවට පත්විය. අදියර දෙකක් යටතේ පැවති මෙම වෙන්දේසිය ඉන්දියාවේ බැංගලෝර් නුවර දී පැවැත්විය.

[rev_slider LOLC]

ලෝක කුසලානයට පෙර ලසිත් මාලිංග සමුගනියි ද…?

2019 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩකයෙකු ලෙස…

මෙවර අයි. පී. එල්. ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 18 දෙනෙකු තෝරා ගෙන තිබුණි. නමුත් ඉන් වෙන්දේසියට ඉදිරිපත් කළේ ක්‍රීඩකයින් 06 දෙනෙකු පමණයි. අයි. පී. එල්. තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ප්‍රමාණයකට හිමිකම්  කියන ලසිත් මාලිංග වෙන්දේසිය පැවති පළමු දිනයේ දී (27) වෙන්දේසියට ඉදිරිපත් කළ අතර ඔහුව මිල දී ගන්නට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැත.

ඊයේ (28) දිනයේ දී ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිල දී ගන්නා ලදි. මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අකිලව මිල දී ගත්තේ ශ්‍රී ලංකා රුපියල් කෝටි එකහමාරකට ආසන්න මුදලක් වැය කරමිනි.

මීට අමතරව රුපියල් කෝටි එකහමාරකට ආසන්න මුදලක් වැය කරමින් ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරව මිල දී ගත්තේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

ඊයේ (28) දිනයේ දී තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල හා කුසල් ජනිත් යන ක්‍රීඩකයින්  වෙන්දේසියට ඉදිරිපත් කළ ද, ඔවුන්ව මිල දී ගන්නට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැත. මෙවර අයි. පී. එල්. ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 581 දෙනෙකු ඇතුලත්ව තිබුණි.

මීගමුවට පූර්ණ ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු පෙළ Tier B තරගාවලියේ අද (28) අවසන් වූ..

මෙවර වෙන්දේසියේ දී වැඩිම මිලකට අලෙවි වූයේ එංගලන්තයේ වේගපන්දු යවන ක්‍රීඩක බෙන් ස්ටොක්ස් වන අතර ඔහු ඉන්දීය රුපියල් කෝටි 12.5කට මිල දී ගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කටයුතු කළේය. මෙවර වෙන්දේසියේ දී වැඩිම මිලකට අලෙවි වූ ඉන්දීය ක්‍රීඩකයා වූයේ ජාදෙව් උනට්කට් ය. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ඔහු මිල දී ගත්තේ රුපියල් කෝටි 11.5ක මුදලකටයි. අමතරව ලෝකේශ් රාහුල් හා මනීෂ් පාන්ඩේ ද ඉහළ මිලකට අලෙවි විය.

මේ අතර වෙන්දේසියේ පළමු අදියරේ දී  අලෙවි නොවීම හේතුවෙන් වැඩි වශයෙන් කතා බහට ලක්වූ බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් ඊයේ දිනයේ දී කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම විසින් මිල දී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 02ක මුදලකටයි. මීට පෙර පැවති අයි. පී. එල්. තරගාවලිවල දී ක්‍රිස් ගේල් රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළේය.

මෙවර වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් වෙන්දේසි වීම කැපී පෙනුණ සිදු වීමකි.

නමුත් තවමත් ටෙස්ට් තරග ක්‍රීඩා කර නොමැති ඇෆ්ගනිස්ථානයේ ක්‍රීඩකයින් තිදෙනෙකු මේ වන විට IPL තරගාවලිය සඳහා කණ්ඩායම් විසින් මිල දී ගෙන තිබෙනවා. රෂිඩ් ඛාන්, මුජිබ් සඩ්රාන් සහ මොහොමඩ් නබී මෙවර  IPL තරගාවලිය සඳහා තේරී පත්වූ  ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් තිදෙනායි.

යොවුන් දඟපන්දු යවන ක්‍රීඩක 16 හැවිරිදි මුජිබ් සඩ්රාන් කෝටි 9.5කට මුදලකට කිංග්ස් ඉලෙවන්ස් පන්ජාබ් කණ්ඩායම විසින් මිල දී ගන්නා ලදි.

මේ අතර නේපාල කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන සන්දීප් ලමචේන් ඉන්දීය රුපියල් ලක්ෂ 20ක  මිලකට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම විසින් මිලට ගෙන ඇත.

වෙන්දේසිය නිමා වූ පසුව ඒ ඒ කණ්ඩායම්වල සිටින ප්‍රබල ක්‍රීඩකයින් පහත පරිදි වේ.

මුම්බායි ඉන්දියන්ස් – රෝහිත් ශර්මා (නායක), අකිල දනංජය, ජෝන් පෝල් ඩුමිනි, කිරන් පොලාඩ්, පැට් කමින්ග්ස්, එවින් ලෙවිස්, හාර්දික් පාන්ඩයා, ජස්ප්‍රිට් බුම්රා, මස්ටයිෆර් රහමාන්.

රාජස්ථාන් රෝයල් – ස්ටීව් ස්මිත් (නායක), දුෂ්මන්ත චමීර, බෙන් ස්ටොක්ස්, අජින්කයා රහනේ, ජෝස් බට්ලර්, ජාදෙව් උනට්කට්, ස්ටුවර්ට් බිනී, සංජු සැම්සන්, රාහුල් ත්‍රිපාති.

සන්රයිසස් හයිද්රාබාද් – ඩේවිඩ් වෝනේර් (නායක), බුවනේශ්වර් කුමාර්, ශිකාර් ධවාන්, යුසුෆ් පතාන්, කේන් විලියම්සන්, ක්‍රිස් ජෝර්ඩන්, රාශිඩ් කාන්, ෂකිබ් අල් හසන්.

කිංගස් ඉලෙවන් පංජාබ් – යුවරාජ් සිං, රවිචන්ද්‍රන් අශ්වින්, ක්‍රිස් ගේල්, ලෝකේශ් රාහුල්, ආරොන් ෆින්ච්, ඩේවිඩ් මිලර්, මායන්ක් අගර්වාල්, මාර්ක් ස්ටෝනිස්, මොහිට් ශර්මා.

කොල්කටා නයිට් රයිඩර්ස් – රොබින් උත්තප්පා, දිනේෂ් කාර්තික්, ක්‍රිස් ලින්, ඒ. රසල්, මිචෙල් ජොන්සන්, විනය කුමාර්, කුලදීප් යාදෙව්, මිචෙල් ස්ටාක්.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් – ගවුතම් ගාම්බීර්, ජේසන් රෝයි, කැගිසෝ රබාඩා, අමිත් මිශ්රා, ට්‍රෙන්ට් බෝල්ට්, කොලින් මුන්රෝ, ග්ලෙන් මැක්ස්වෙල්, ක්‍රිස් මොරිස්, සන්දීප් ලමචේන්.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – විරාත් කොලී (නායක), බ්‍රෙන්ඩන් මැකලම්, ඒ.බි ඩිවිලියර්ස්, ක්‍රිස් වෝක්ස්, කුවින්ටන් ඩි කොක්, වොෂින්ටන් සුන්දර්, මොන් අලී, යුස්වෙන්ද්‍ර චාහාල්, උමේෂ් යාදෙව්, පාතිව් පටෙල්, ටීම් ස්වුති, කොලින් ගරෑන්ඩ්හෝම්, නේතන් කවුල්ට්ර් නයිල්.

චෙන්නායි සුපර් කිංගස් – මහේන්ද්‍ර සිං  දෝනි (නායක), සුරේෂ් රයිනා, මුරලි විජේ, අම්බති රයිදු, මිචෙල් සැන්ටන්ර්, හර්බජාන් සිං, ෆෆ් ඩියු ප්ලේසිස්, රවින්ද්‍ර ජඩේජා, ඉම්රාන් තාහිර්, ෂේන් වොට්සන්, ඩුවෙයින් බ්‍රාවෝ, ලුන්ගි නිගිදී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<