NCC, බදුරලිය, රාගම සහ යුද හමුදාව අවසන් පූර්ව වටයට

299
Major Club Limited Ove

ශ්‍රී ලංකා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (07) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරග ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට NCC, බදුරලිය, රාගම සහ යුද හමුදා ක්‍රීඩකයන් සමත් වුනා.

අඩු ලකුණක් සඳහා පැවති තියුණු සටනකින් පසු තරගාවලියේ සාර්ථක කණ්ඩායමක් වූ SSC කණ්ඩායම ලකුණු 17කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයේ අසුන වෙන් කරවා ගැනීමට ප්‍රබල යුද හමුදා ක්‍රීඩකයන් සමත් වුනා.

යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් දුෂාන් විමුක්ති නොදැවී ලකුණු 55ක් රැස් කිරීමට සමත් වූ අතර සුමින්ද ලක්ෂාන් සහ අසේල ගුණරත්න කඩුලු 3 බැගින් දවා ගත්තා.

යොවුන් ක්‍රීඩක කමිල් මිෂාරගේ (107) සහ ඇන්ජලෝ පෙරේරාගේ අගනා පිතිකරණය නිසාවෙන් නාවික හමුදා කණ්ඩායම ලකුණු 167කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට NCC ක්‍රීඩකයන්ට හැකි වුනා.

Tamil Union කඩුලු 6කින් පරාජය කිරීමට රාගම ක්‍රීඩා සමාජය සමත් වුනා. අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජනිත් ලියනගේ ලකුණු 91ක් සහ උදාර ජයසුන්දර නොදැවී ලකුණු 86ක් රැස් කළා.

තවත් ක්‍රිකට් පුවත්:  

මූලික වටයේ ලබා ගත් අපරාජිකත්වය එලෙසම රඳවා ගත් බදුරලිය ක්‍රීඩකයන් Moors ක්‍රීඩකයන් කඩුලු 7කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. නැවතත් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ සඳුන් වීරක්කොඩි ලකුණු 70යි.

දිනයේ කෙටි ලකුණු සටහන,

Quarter Final 

  • Venue – Colts Ground, Colombo
  • Toss – NCC

Nondescripts Cricket Club – 337/9 (50): කමිල් මිෂාර 107, ඇන්ජලෝ පෙරේරා 94, කවීන් බණ්ඩාර 46, දිනෙත් ජයකොඩි 35, චතුරංග ද සිල්වා 25, පූර්ණ චාරුක 4/47, ඩිලන්ක 2/53

Navy Sports Club – 170 (46): ජොහැන් ද සිල්වා 44, අරවින්ද අකුරුගොඩ 29, චමෝද් සඳරු 22, චාමික කරුණාරත්න 2/23, සහන් ආරච්චිගේ 2/25

NCC කණ්ඩායමට ලකුණු 167ක ජයක් 

Quarter Final 

  • Venue – De Soysa International Cricket Stadium, Moratuwa
  • Toss – Badureliya CC

Moors Sports Club – 154 (41.3): ජීවන් මෙන්ඩිස් 38, මොහොමඩ් ශමාස් 31, දිනුක ඩිල්ෂාන් 24, කවිඳු කුලසේකර 21, තිලකරත්න සම්පත් 4/26, නිමන්ද මධුශංක 2/20, අලංකාර අසංක 2/30,

Badureliya Cricket Club – 157/3 (25.5): සඳුන් වීරක්කොඩි 70, මිලින්ද සිරිවර්ධන 34*, දුනිත් ජයතුංග 20, සචිත්‍ර සේරසිංහ 3/57

බදුරලිය කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

Quarter Final 

  • Venue – P Sara Oval, Colombo 
  • Toss – Army CC

Army Cricket Club – 198 (48.2): දුෂාන් විමුක්ති 55*, සුමින්ද ලක්ෂාන් 41, තිසර පෙරේරා 32, අසේල ගුණරත්න 22, ප්‍රබාත් ජයසූරිය 3/32, ලක්ෂිත මනසිංහ 2/20

Sinhalese Sports Club – 181 (47.1): හිමේෂ් රාමනායක 54, ක්‍රිශාන් සංජුල 33, අවිශ්ක ප්‍රනාන්දු 32, සුමින්ද ලක්ෂාන් 3/30, අසේල ගුණරත්න 3/46, සීක්කුගේ ප්‍රසන්න 2/38

යුද හමුදා කණ්ඩායමට ලකුණු 17ක ජයක් 

Quarter Final 

  • Venue – Marians Cricket Ground, Katunayake
  • Toss – Ragama CC

Tamil Union C & AC – 255/9 (50): යොහාන් මෙන්ඩිස් 75, සදීර සමරවික්‍රම 64, ඉසුරු උදාන 33, රවිඳු ප්‍රනාන්දු 3/47, ශශික දුල්ෂාන් 2/24, ඉෂාන් ජයරත්න 2/52

Ragama CC – 256/4 (46): ජනිත් ලියනගේ 91, උදාර ජයසුන්දර 86*, දිනෙත් තිමෝදය 33, සමින්ද ප්‍රනාන්දු 21, ඉසුරු උදාන 2/37

රාගම කණ්ඩායමට කඩුලු 6ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<