ජාතික ශූරයන් තේරීමේ සටනට දින නියම වේ

378
National Sport Festival

කොරෝනා වසංගතය නිසාවෙන් දින නියමයකින් තොරව කල් දැමූ 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල මෙම වසරේ දෙසැම්බර් මස අගදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා.

කොරෝනා වයිරස තත්වය හමුවේ මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල සහ එයට සමගාමීව පැවැත්වෙන සියලුම ක්‍රීඩා තරග සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පැවැත්වීමටත්, ක්‍රීඩා ඉසව්වල ගුණාත්මක භාවයට මුල්තැනක් දෙමින්, ජාත්‍යන්තර තාක්ෂණ ක්‍රමවේදයන්ට අනුව පැවැත්වීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එම තරගාවලියට සමගාමීව පවත්වන මැරතන්, පාපැදි සහ තරග ඇවිදීමේ ඉසව් මෙම වසරේ ඔක්තෝබර් මස 10 සහ 11 යන දෙදින කතරගම නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

තවත් මලල ක්‍රීඩා පුවත්:

46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන ජාතික රට හරහා දිවීමේ තරග පසුගිය මාර්තු මස නුවරඑළියේ දී පැවති අතර බස්නාහිර පළාත නියෝජනය කළ ආර්. එම් එස්. පුෂ්පකුමාර සහ දකුණු පළාත නියෝජනය කළ ජී. ටී. ඒ. අබේරත්න පිළිවෙළින් එහි කාන්තා සහ පිරිමි ඉසව් ජය ගැනීමට සමත් විය.

ක්‍රීඩා උළෙල පිළිබඳව විස්තර පහතින්

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<