ව්‍යාපාර කළමනාකරණ පාසල (BMS) සහ බංගලාදේශ් ලිබරල් කලා විශ්ව විද්‍යාලය (ULAB) අවසන් තරගයේ අසුන් වෙන්කර ගනිමින් රෙඩ් බුල් විශ්ව විද්‍යාලීය විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරග අද (10) නිමාවට පත් වූයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි.

පසුගිය ලිපි: BMS කණ්ඩායමට පරාජයක්

අර්ධ අවසන් වටයේ එක් තරගයක් ව්‍යාපාර කළමනාකරණ පාසල සහ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලය අතර පැවත්විය. සුපුරුදු පරිදි කාසියේ වාසිය ලබා ගැනීමට BMS ක්‍රීඩකයෝ සමත් වූ අතර ඔවුන් ප්‍රතිවාදීන්ට ප්‍රථමයෙන් පිතිකරණයට අැරයුම් කරන ලදි.

ප්‍රථම ක්‍රීඩකයා ලෙස පිටියට පිවිසි ජෙරී පයික් විසින් පන්දු 22කදි 4 පහර 3ක් සහ 6 පහරක් සමඟින් ලකුණු 29ක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු දුවද්දි දැවී යාමකට හසුවන ලදි.

ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ ඒවන් ජෝන්ස් ය. ඔහු විසින් අර්ධ ශතකයක් වාර්තා කල අතර පන්දු 23කදි 4 පහර 3ක් සහ 6 පහර 4ක් සමඟින් ලකුණු 51ක් ලබා ගන්නා විට ඩෙවින් පත්මනාදන්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන ලදි.

ප්‍රිටෝරියා කණ්ඩායම වෙනුවෙන් රුබීන් හර්මන් සහ තෝමස් කේබර් විසින් නොදැවී ලකුණු 20 බැඟින් වාර්තා කිරීමට සමත් විය. පන්දු යැවීමේදි ශෙහාන් ජයසූරිය විසින් ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත් අතර ඩෙවින් පත්මනාදන් සහ භානුක රාජපක්ෂ කඩුලු 1 බැඟින් දවා ගන්නා ලදි.

කෙසේ නමුත් නියමිත පන්දුවාර 20 අවසානයේ ප්‍රිටෝරියා කණ්ඩායමට කඩුලු 5ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 179කි.

BMS ක්‍රීඩකයෝ ලකුණු 180ක ඉලක්කයක් සමඟ පිටියට පිවිසි අතර කණ්ඩායමේ මනෝජ් සරත්චන්ද්‍ර විසින් නොදැවී ලකුණු 47*ක් ලබා ගත්තේ පන්දු 33කදි 4 පහරක් සහ 6 පහර 3ක් සමඟිනි.

BMS කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 43ක් ලබා ගැනීමට ජනිත් ලියනගේ සමත් විය. ඔහුගේ ඉණිමට 4 පහර 2ක් සහ 6 පහර 3ක් අන්තර්ගත වූ අතර 4වැනි කඩුල්ල ලෙස ඔහු දුවද්දි දැවී යන විට ලකුණු පුවරුව 173/4ක් ලෙස දැක්විය.

තරගාවලියේ දස්කම් දැක්වු තවත් ක්‍රීඩකයෙකු වන ගේශාන් විමලධර්ම පන්දු 26කදි ලකුණු 32ක් වාර්තා කර අතර ඊට 4 පහර 3ක් සහ එක් 6 පහරක් අැතුලත් විය. තරගාවලියේ අාරම්භ ක්‍රීඩකයා වූ නිරෝෂන් දික්වැල්ල සාර්ථකව පිතිකරණයේ නිරතවෙමින් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ තවත් එක් සුවිශේෂි සිදුවීමක් ලෙස ශෙහාන් ජයසූරිය ලකුණු 2කට දැවී යෑම දැක්විය හැකිය. විලී ලූඩික්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීම ඔහුගේ දැවී යෑමට හේතුවයි.

පන්දු යැවීමේදි තෝමස් කේබර්, විලී ලූඩික් සහ වින්සන්ට් මෝර් කඩුල්ල බැඟින් දවා ගැනීමට සමත් විය.

කෙසේ නමුත් ජයග්‍රහණය කල අනෙක් තරග ද්විත්වය සේම හොඳින් ක්‍රීඩා කල BMS කණ්ඩායම පන්දුවාර 19කදි කඩුලු 4ක් දැවී ලකුණු 181ක් වාර්තා කරමින් අවසන් තරගයේ අසුන් වෙන් කරගැනීමට සමත් විය.

ULAB – 179/5 (20) | ඒවන් ජෝන්ස් 51, ජෙරී පයික් 29, රුබන් හර්මන් 20*, තෝමස් කෙබර් 20*, මරේ කුට්සි 18, ශෙහාන් ජයසූරිය 2/27, ඩෙවින් පත්මනාදන් 1/22, භානුක රාජපක්ෂ 1/39.

BMS – 181/4 (19) | මනෝජ් සරත්චන්ද්‍ර 47*, ජනිත් ලියනගේ 43, වන ගේශාන් විමලධර්ම 32, නිරෝෂන් දික්වැල්ල 31, තෝමස් කේබර් 1/28, විලී ලූඩික් 1/28, වින්සන්ට් මෝර් 1/29.

BMS කණ්ඩායමට කඩුලු 6ක ජයග්‍රහණයක්

හෙට පැවැත්වෙන අවසන් තරගයේදි නායක නිරෝෂන් දික්වැල්ල, ශෙහාන් ජයසූරිය සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් සහභාගී නොවන අතර ඔවුන් වෙළඳ සේවා A කාණ්ඩයේ තරග සඳහා සහභාගී වීම ඊට හේතුවයි. කෙසේ නමුත් ඔවුන්ගේ අඩුව පුරවාලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් හි අාරම්භක පිතිකරු දනංජය ද සිල්වා සහ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පිටියට පිවිසෙනු අැත.

පැවති අනෙක් තරගයේ තොරතුරු

බංග්ලාදේශ් ලිබරල් කලා විශ්ව විද්‍යාලය සහ මධ්‍යම පන්ජාබ් විශ්ව විද්‍යාලය අතර තරගය

  • කඩුලු දෙකක ජය ලිබරල් කලා විශ්ව විද්‍යාලයට
  • මධ්‍යම පන්ජාබ් විශ්ව විද්‍යාලය – 152/8
  • ලිබරල් කලා විශ්ව විද්‍යාලය – 155/8
  • තරගයේ වීරයා – මහ්බුබුර් රහ්මාන්

තරගාවලියේ අවසන් තරගය හෙට (11) ලිබරල් කලා විශ්ව විද්‍යාලය සහ BMS අතර ගාල්ලේදි පැවැත්වෙනු අැත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට