අර්ධ මැරතන් ලෝක වාර්තාව බිඳ වැටේ

151
Image Courtesy: Olympic Channel

කොරෝනා වසංගතය නිසාවෙන් නව ක්‍රමවේදයන් යටතේ මලල ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ වූ පසු, තනිව තරග වදිමින් කාන්තා අර්ධ මැරතන් ඉසව්ව සඳහා පිහිටුවා තිබූ ලෝක වාර්තාව බිද හෙීමට කෙන්යානු දිගුදුර ධාවන ශූරී Peres Jepchirchir සමත්ව ඇත.

මේ වන විට 26 වැනි වියේ පසුවන Peres Jepchirchir පසුගිය දා Letna Park’s හිදී කිලෝමීටර 21.1ක දුරක් පැය 1:05.34ක කාලයකින් අවසන් කරමින් 2018 වසරේ පැවති ලෝක අර්ධ මැරතන් ශූරතාවයේ දී Netsanet Gudeta විසින් පිහිටුවා තිබූ කාන්තා අර්ධ මැරතන් ලෝක වාර්තාව (1:06.11) බිඳ හෙලීමට සමත් විය.

තරගයේ මුල් කොටසේ දී ඉතා කැපී පෙනෙන ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ඇය මුල් මිනිත්තු 30 තුළ දී කිලෝමීටර 10ක දුරක් එනම් තරගයෙන් අඩක් සම්පූර්ණ කිරීමට සමත් වූ අතර දෙවැනි අර්ධයේ දී එම වේගයම පවත්වා ගෙන යෑමට ඇය අපොහොසත් වූ නමුත් ලෝක වාර්තාගත කාලයකින් එම තරගය නිමා කිරීමට සමත් විය.

තවත් මලල ක්‍රීඩා පුවත්:

එම වාර්තාව පිහිටුවීමෙන් අනතුරුව සිය ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර සිටියේ තමන් මෙලෙස තනිව තරග කිරීම ඉතා අපහසු බවත් අනෙකුත් තරගකරුවන් සිටියා නම් මීට වඩා හොඳ කාලයක් කරා තමන්ට යෑමට තිබූ බවයි.

“මෙම දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා, මම අතිශයෙන්ම සතුටට පත්වුනා. මම සිතුවා මට මෙම කාලයට වඩා අඩු කාලයකට යන්න පුළුවන් වෙයි කියලා, නමුත් මෙම ප්‍රතිඵලය පිළිබඳව මම සෑහීමකට පත්වනවා. තනිව තරග වැදීම ඉතා දුෂ්කර දෙයක් වුනා” යැයි ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

2013 වසරේ සිටම කෙන්යාව නියෝජනය කරමින් දිගුදුර ධාවන පිටියේ දස්කම් දැක්වීමට සමත් වූ Jepchirchir 2016 වසරේ පැවති අර්ධ මැරතන් ලෝක ශූරතාවයේ දී කේවල සහ කණ්ඩායම් ඉසව්වන් ද්විත්වයේම රන් පදක්කම් දිනා ගනිමින් ලෝක ශූරිය බවට පත්වීමට ද සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<