ආධුනික අංශයේ ශූරතාවයන් සරත් ජෙම්ස්ට සහ සිරිපැරකුම්ට

490
Munchee National Volleyball Championship 2016Munchee National Volleyball Championship 2016Munchee National Volleyball Championship 2016Munchee National Volleyball Championship 2016

රස ලොව රජ කිරුල මන්චි ආයතනය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එක්ව සංවිධානය කල “මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ, ආධුනික අංශයේ” අවසන් මහා තරග, අද (26) මහරගම තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදී පැවති අතර එහිදී, නිව්ස්ටාර් කණ්ඩායම 3:2ක් ලෙස පරාජය කරමින් සරත් ජෙම්ස් ක්‍රීඩා සමාජය පිරිමි අංශයෙන් ශූරතාවය දිනා ගනිද්දී, 3:0ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පරාජය කරමින් බෝයගම සිරිපැරකුම් ක්‍රීඩිකාවෝ ශූරතාවය ජයග්‍රහණය කරන ලදී.

ආධුනික අංශයේ වොලිබෝල් ශූරියන් සහ ශූරයින් වන්නේ කවුරුන්ද?

2016 මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ ආධුනික අංශයේ තරග, දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ වී මේ වන විට ජාතික තලය දක්වා පැමිණ ඇත. විශිෂ්ට…

අවසන් පූර්ව වටයේදී ගල්ගමුව නිව්ස්ටාර් ක්‍රීඩකයින්, විවේකානන්ද ක්‍රීඩා සමාජය හමුවේ තරගවට 3:1ක් ලෙසත්, රත්නපුර සරත් ජෙම්ස් ක්‍රීඩකයින්, හොරණ වාසනා බේකර්ස් කණ්ඩායම හමුවේ තරගවට 3:2ක් ලෙසත් ජයග්‍රහණය කරමින් පිරිමි අවසන් මහා තරගයට අවතීර්ණ වූ අතර, බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජය අවසන් පූර්ව වටයේදී, යුධ හමුදා ක්‍රීඩිකාවන් තරගවට 3:1ක් ලෙසත්, ගුවන් හමුදා ක්‍රීඩිකාවන් විසින් කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් තරගවට 3:1ක් ලෙසත් පරාජය කරමින් අවසන් මහා තරගයට අසුන් වෙන්කර ගන්නා ලදී.

කාන්තා අංශය

උදෑසන ආරම්භ වූ කාන්තා අවසන් මහා තරගයේදී වඩාත් කැපිපෙනෙන කණ්ඩායමක් වූයේ අත්දැකීම් බහුල, වයසින් වැඩිමහල් ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමඟින් තරග කරන්නා වූ, නව යොවුන් ලාබාල ක්‍රීඩිකාවන් පිරිසකගෙන් සැදුම්ලත් සිරිපැරකුම් ක්‍රීඩා සමාජයයි.

තරගාරම්භයේ සිටම ප්‍රථම වටය ඉතා උණුසුම් එකක් වූ අතර ප්‍රථම වටයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූයේ අමිල විජයපාල මහතා විසින් පුහුණු කරන්නා වූ බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජයයි. ඒ 26-24ක් ලෙසයි.

තරගයේ දෙවැනි අර්ධයේදී බෝයගම ක්‍රීඩිකාවන් අභිබවා යෑමට නාවික ක්‍රීඩිකාවන් උත්සහ දැරූවත්, ඔවුන්ව සාර්ථකව යටපත් කරමින් 25-18ක් ලෙසින් ජයග්‍රහණය වාර්තා කරන්නට බෝයගම ක්‍රීඩිකාවන් සමත් විය.

තෙවැනි වටය කණ්ඩායම් දෙකටම ඉතාමත් තියුණු එකක් වූ අතර බෝයගම ක්‍රීඩිකාවන් විසින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන ලදී. කරට කර ලකුණු සම වෙමින් තරගය ඇඳිගිය අතර බෝයගම ක්‍රීඩිකාවන්ගේ දැඩි පහරවල් හමුවේ ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ අසරණ වන බවක් පෙනෙන්ට තිබුනි.

තරගයේ අවසානයට ආසන්න වන විට 24-23ක් ලෙසින් එක් ලකුණක් පිටුපසින් සිටි ගුවන් ක්‍රීඩිකාවන් හට, තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී ද බෝයගම ක්‍රීඩිකාවන් අභිබවා යෑමට නොහැකිවූ අතර, 25-23ක් ලෙසින් එම වටයත් ජයග්‍රහණය කරමින් සිරිපැරකුම් ක්‍රීඩිකාවෝ තරගවට 3:0ක් ලෙස අවසන් මහා තරගය ද ජයග්‍රහණය කරන්නට සමත් විය.

තරගයේ ඡායාරූප ඇල්බමය වෙත පිවිසෙන්න

අවසන් ලකුණු – සිරිපැරකුම් ක්‍රීඩා සමාජය : ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 26-24, 25-18, 25-23 (3:0)

  • ශූරතාවය: බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජය
  • අනුශූරතාවය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
  • තෙවැනි ස්ථානය: මාවතගම කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය
  • දක්ෂතම ක්‍රීඩිකාව: නිමේෂිකා සෙව්වන්දි
  • දක්ෂතම පන්දු ඔසවන්නිය: සුනේත්‍රා ප්‍රියදර්ශණි
  • දක්ෂතම ප්‍රහාරිකාව: දිලුක්ෂි හර්ෂිනි

සරත් ජෙම්ස් සහ නිව්ස්ටාර් සමාජ අවසන් වටයට

පුරා දින 3ක් මහරගම ජාතික තරුණ සේවා සභා එලිමහන් ක්‍රීඩා පිටියේදී පැවති “මන්චී ජාතික වොලිබෝල් තරගාවලියේ ”ආධුනක අංශයේ ජාතික තරග අතුරින් සරත් මැණික් සහ නිව්ස්ටාර් ක්‍රීඩා සමාජ පිරිමි අංශයේ අවසන් මහා තරගයට…

පිරිමි අංශය

ආරම්භක සංඥාවත් සමඟින් තරගය ආරම්භ වූයේ නිව්ස්ටාර් ක්‍රීඩකයින් හට පිරිනැමීමට අවස්තාව උදා කරමිනි. සාර්ථක පිරීනැමීමත් සමඟින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කල නිව්ස්ටාර් ක්‍රීඩා සමාජයට, ප්‍රථම වටයේදී සාර්ථක වන්නට සරත් ජෙම්ස් ක්‍රීඩකයෝ ඉඩ ලබාදුන්නේ නැත. ප්‍රථම වටය නිමාවන විට නිව්ස්ටාර් ක්‍රීඩකයෝ ලකුණු 21ක් රැස්කරගන්නා ලදී.

දෙවන වටයේදී ලකුණු පිරිනැමීමේදි යම් මතභේදාත්මක අවස්තාවක්ද පැන නැගුනු නමුත්  එම වටයේද ජයග්‍රහණය ලබා ගන්නට සරත් ජෙම්ස් ක්‍රීඩකයෝ සමත් වූහ (25-23).

තරගයේ තෙවන වටය නිව්ස්ටාර් කණ්ඩායමට තියුණු එකක් වූයේ සරත් ක්‍රීඩකයෝ ජයග්‍රහණය කරනා බවට ඉඟි පල කර සිටීම නිසාවෙන් වුවද, තෙවන වටය වඩාත් සුපරික්ෂාකාරීව ක්‍රීඩා කිරීමට වගබලා ගත් නිව්ස්ටාර් ක්‍රීඩකයෝ කරට කර තරගයකින් ජයග්‍රහණය වාර්තා කලේ 25-23ක් ලෙසයි.

තරගයේ සිව්වන වටයේදී සරත් ක්‍රීඩකයෝ තරමක් කලබලකාරී ස්වභාවයක් සහ පිරිනැමීමේ අවස්තා කිහිපයකින් මඟ හැර ගැනීම නිසාවෙන් ලකුණු කිහිපයක් නිව්ස්ටාර් ක්‍රීඩකයින් හට ලබා දුන් නමුත්, එම තරගයද ලකුණු සමවෙමින් ඇදි යමින් අවසානයේදි නිව්ස්ටාර් කණ්ඩායමම ජයග්‍රහණය වාර්තා කලේ 25-22ක් ලෙසයි.

වඩාත් උද්වේගකර වූ පස්වැනි වටයේදී ආරම්භයේ සිටම පෙරමුණ ගත් සරත් මැණික් ක්‍රීඩකයෝ කිසිම අවස්තාවකදී ලකුණු පුවරුව සමකරන්නට ඉඩනොතබමින් ජයග්‍රහණය වාර්තා කලේ 15-13ක් ලෙසිනි. ඒ අනුව තරගවට 3:2ක් ලෙස ජයග්‍රහණය හිමි කරගන්නට සරත් ජෙම්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ ඡායාරූප ඇල්බමය වෙත පිවිසෙන්න

අවසන් ලකුණු – සරත් ජෙම්ස් ක්‍රීඩා සමාජය : නිව්ස්ටාර් ක්‍රීඩා සමාජය 25-21, 25-23, 23-25, 22-25, 15-13 (3:2)

  • ශූරතාවය: සරත් ජෙම්ස් ක්‍රීඩා සමාජය
  • අනුශූරතාවය: නිව්ස්ටාර් ක්‍රීඩා සමාජය
  • තෙවැනි ස්ථානය: වාසනා බේකර්ස් ක්‍රීඩා සමාජය
  • දක්ෂතම ක්‍රීඩකයා: කෝසල සේනාරත්න (සරත් ජෙම්ස් ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම පන්දු ඔසවන්නා: එල්. ජී. සී. පුෂ්පකුමාර (සරත් ජෙම්ස් ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම ප්‍රහාරකයා:  එස්. පී. ඒ. පතිරණ (නිව්ස්ටාර් ක්‍රීඩා සමාජය)

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට