කාගෙත් ආදරය මැද දෝණිට හිමි වූ වැඩිමහල් රසික ප්‍රේමය!

IPL 2023

237
​MS dhoni meets one of his eldest fan during ipl 2023

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් වසර කිහිපයක් ගෙවී ගියත් තවමත් Mahendra Singh Dhoni හට හිමි වන ප්‍රේක්ෂක ආකර්ෂණයේ නම් වැඩි වීමක් මිස කිසිඳු අඩු වීමක් දකින්නට ලැබෙන්නේ නැහැ.

එමෙන්ම ඔහුට හිමි වන රසික ආකර්ෂණයේ කිසිඳු වයස් භේදයක් ද නොමැති බව පෙනී යන්නේ කුඩා දරුවාගේ පටන් මහලු වියේ පසු වන වයෝවෘද්ධ රසිකයින් පවා ඔහු කෙරේ මහත් භක්තියකින් යුතු ව ගෞරවය පුද කරනා ආකාරය අනුවයි.

මෙම රසික ප්‍රජාව අතරින් Dhoniට සිටින වයසින් වැඩි ම රසිකාවියක් වීමට ඉඩ ඇති 88 හැවිරිදි කාන්තාවක් මුණ ගැසීමට Dhoni පසුගිය දිනෙක ඇගේ නිවස වෙත ම ගොස් තිබුණා.

ඇය දකුණු ඉන්දියාවේ අතිශයින් ම ජනප්‍රිය සිනමා තාරකාවක් සහ දේශපාලන භූමිකාවක ද නිරත වන Kushbu Sundarගේ නැන්දම්මා වන අතර, Dhoni විසින් ඇයව දැක බලා ගැනීමට ගිය අවස්ථාව Kushbu විසින් ඡායාරූපය ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

“වීරයින් හැදෙන්නේ නැහැ. ඔවුන් උපදිනවා. Dhoni ඒක ඔප්පු කළා. අපේ CSK නායකයා තලාගේ (Dhoniගේ අන්වර්ථ නාමය) උණුසුම් ආගන්තුක සත්කාරය ගැන විස්තර කරන්න මට වචන නැහැ.

ඔහුගෙන් ඔබ්බට යමක් නොදකින, ඔහුට වන්දනා මාන කරන මගේ 88 වියැති නැන්දාමා ව Dhoni විසින් මුණ ගැසුණා. Mahi ඔබ ඇයගේ ජීවිතයට හොඳ සෞඛ්‍ය සහ සතුට ලබා දුන්නා.”

මේ වන විට 41 හැවිරිදි වියේ පසු වන MS Dhoni මෙවර IPL තරගාවලියේ දී ද අනෙක් තරුණ ක්‍රීඩකයින් හා කරට කර ගැටෙමින් විශිෂ්ට ලෙස ක්‍රීඩා කරමින් සිටින අතර අවසන් වරට ඔහු විසින් Rajasthan Royals සමඟ ක්‍රීඩා කළ තරගයේ දී පන්දු 17කින් වේගවත් ලකුණු 32ක් ලබා ගැනීමට ද සමත් වුනා.

එමෙන්ම මෙවර IPL තරගාවලියේ ඉනිම් තුනක දී ලකුණු 58ක් ලබා ගෙන ඇති Dhoni ඒ වෙනුවෙන් හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් ද අන්තර්ගත කර ගෙන තිබෙනවා.

එමෙන්ම මෙවර තරගාවලියේ ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වන්නේ 215ක් වැනි ඉතා ඉහළ අගයකයි.

මෙවර IPL තරගාවලියේ සියලු තතු විත්ති මෙන්ම තරගාවලියේ සියලු තරග සජීවීව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<