Video – ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවයේ දෙවන අදියරට සියල්ල සූදානම්

641

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දෙවැනි අදියර එනම් 2021-23 තරගාවලිය ලබන අගෝස්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තරග 13ක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.

එංගලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ ආරම්භයත් සමඟ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දෙවැනි අදියර ආරම්භ වන අතර එය ලබන අගෝස්තු මාසයේ සිට 2023 වසරේ ජුනි මාසය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.