කොරෝනා සටනත් හරියට ටෙස්ට් ක්‍රිකට් වගේ – තෙන්ඩුල්කාර්

60
Sachin Tendulkar

ඉන්දියානු ක්‍රිකට් පුරාවෘත්තයක් වන සචින් තෙන්ඩුල්කාර් විසින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නව කොරෝනා වයිරස් සටනට සමාන කර තිබේ. එම සංසන්දනය කිරීමෙන් ඉවසීම සහ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ඇති අවශ්‍යතාවය ඔහු ඉස්මතු කර තිබේ.

“අප හොඳින් ආරක්ෂා විය යුතුය” යනුවෙන් අනතුරු ඇඟවීමක් ද ඔහු විසින් කර තිබේ.

එංගලන්ත දේශීය ක්‍රිකට් ගැන ඇන්ඩර්සන් බියෙන්

එංගලන්ත වේගපන්දු යවන්නෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් මේ දිනවල පැතිර යන කොරෝනා…

“ලෝකය Covid-19 වසංගතයට එරෙහිව සටන් කරන අතර බොහෝ විට අපට ක්‍රීඩාවේ පැරණි ආකෘතියෙන් පාඩම් උකහා ගත හැකි කාලය මෙය විය හැකියි.” යයි තෙන්ඩුල්කාර් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත.  

ලෝක වාර්තා රැසකට හිමිකම් කියන මේ පිතිකරුවා පවසා ඇත්තේ මෙම වයිරසය අපගේ සාමූහික අවබෝධයෙන් ඔබ්බට ගිය නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ ටෙස්ට් ආකෘතියේ උපක්‍රම මඟින් මෙය පරාජය කළ හැකි බවයි.

“ටෙස්ට් ක්‍රිකට් ඔබට නොතේරෙන දේට ගරු කිරීම ගැන කියලා දෙනවා. ඒ වගේම එය ඉවසිලිවන්තකමේ ගුණාංගය අගය කරනවා.” යනුවෙන් ඔහු පැවසීය.  

“තණතීරුවේ තත්වය හෝ පන්දු යවන්නා ඔබට නොතේරෙන විට, ආරක්‍ෂාකාරී ක්‍රීඩා රටාව හොඳම ප්‍රහාරයේ ස්වරූපය බවට පත්වෙනවා. අපට හොඳින් ආරක්ෂා වීමට සිදු වෙලා තියෙනවා. ඉවසීම තමයි අපට දැන් අවශ්‍යම දේ.”   

ඉන්දියාවේ මේ වන විට වාර්තා වී ඇත්තේ වයිරස් මරණ 3ක් සහ රෝගීන් 169ක් පමණක් වන නමුත් ලොව පුරා පුද්ගලයින් 9,000කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති මෙම රෝගය පැතිරීම පිළිබඳව ඉන්දියාව වඩාත් බියෙන් සිටියි. බොහෝ රටවල් මෙන්ම ඉන්දියාව ද දැඩි ගමන් සීමාවන් පනවා ඇත.

46 හැවිරිදි තෙන්ඩුල්කාර් ටෙස්ට් 200ක දී ලකුණු 15,921ක් වාර්තා කර ගෙන 2013 වසරේ දී විශ්‍රාම ගත් අතර ඔහු ඉන්දීය සමාජයට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට සමත් පුද්ගලයෙකු ලෙස සැලකේ.

කොරෝනා වළක්වන්න ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් උපදෙස්

මේ දිනවල වසංගතයක් ලෙස පැතිර යන COVID – 19 වයිරසයෙන් මෙරට ජනතාවට ආරක්ෂා වීම සඳහා…

වයිරසයට එරෙහිව සියලු රටවල් එක්ව ක්‍රියා කළ යුතු බව ද ඔහු පැවසීය.

“ක්‍රිකට් උපමාවක් භාවිතා කරමින් පැහැදිලි කළොත්; ක්‍රීඩාවේ කෙටි ආකෘතීන් සඳහා කණ්ඩායමට තනි දක්ෂතාවයෙන් උපකාර කරන්න පුළුවන්. ඒත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ දී එය හවුල්කාරිත්වය සහ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය පිළිබඳ දෙයක්.” යනුවෙන් ඔහු පැවසීය.

“ටෙස්ට් ක්‍රිකට් කියන්නේ විවිධ ස්ථරවල ක්‍රීඩා කිරීමයි. ඔබට පළමු එක මඟ හැරුණේ නම් සෑම විටම දෙවන ඉනිමක් තියෙනවා.” 

“විවිධ රටවල් කොරෝනා වයිරසයට එරෙහි සටනේ විවිධ අවස්ථා වල සිටිනවා.” ඔහු තවදුරටත් පැවසීය.

 “සියලු ජාතීන් තමන් එක් කණ්ඩායමක කොටසක් ලෙස සලකා මේ අභියෝගයට මුහුණ දිය  යුතුයි.”

“අපි මේ අභියෝගය කොටස් ලෙස ජයග්‍රහණය කරලා, අවසානයේ දී ජයග්‍රාහී ලෙස නිමා කරමු.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<