2026 LPL තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි

LPL 2026

1
Cricket

2026 LPL තරගාවලිය සඳහා තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ ආරම්භක තරගය ජුලි මස 17 වැනි දා පැවැත්වීමට නියමිත අතර, එහි දී පසුගිය තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කළ Jaffna සහ Galle කණ්ඩායම් තරගයට සහභාගී වනු ඇති.

එම තරගයට පෙර ආකර්ෂණීය සමාරම්භක උළෙලක් ද පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එතැන් සිට අගෝස්තු මස 02 දින දක්වා තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 05 දෙවතාව බැගින් එකිනෙකා මුණ ගැසෙන මූලික වටයේ තරග 20ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව මූලික වටයෙන් තෝරා ගන්නා කණ්ඩායම් 04ක් Playoff තරග වටයට සුදුසුකම් ලබාගන්නා අතර, ඔවුන් අතර පැවැත්වීමට නියමිත Qualifier 1, Eliminator, Qualifier 2 සහ අවසන් මහා තරගය අගෝස්තු 05, 07 සහ 08 යන දිනවල දී ක්‍රියාත්මක වීමට නියමිතයි.

Date 3.00 pm (Day Match) 7.30 pm (Night Match) Venue
  Home Away Home Away  
Friday, July 17, 2026 Opening Ceremony Jaffna Galle SSC
Saturday, July 18, 2026 Kandy Dambulla Galle Colombo SSC
Sunday, July 19, 2026 Dambulla Jaffna Colombo Kandy SSC
Tuesday, July 21, 2026                  Dambulla Kandy Dambulla
Wednesday, July 22, 2026 Jaffna Colombo Dambulla Galle Dambulla
Thursday, July 23, 2026 Kandy Colombo Galle Jaffna Dambulla
Saturday, July 25, 2026 Galle Kandy Dambulla Colombo Dambulla
Sunday, July 26,

2026

Kandy Jaffna Galle Dambulla Dambulla
Tuesday, July 28, 2026     Colombo Jaffna Kandy
Wednesday, July 29, 2026 Galle Kandy Colombo Dambulla Kandy
Thursday, July 30, 2026     Jaffna Kandy Kandy
Saturday, August 1,

2026

    Colombo Galle Kandy
Sunday, August 2, 2026     Jaffna Dambulla Kandy
Wednesday, August 5, 2026 Qualifier 1 (1 vs 2) Eliminator (3 vs 4) RPICS
Friday, August 7, 2026     Qualifier 2

(Looser QF1 vs Winner Eliminator)

RPICS
Saturday, August 8, 2026     Final RPICS
Sunday, August 9, 2026     Rain Reserve Day RPICS

 

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<