Messiගේ ගුවන් යානය හදිසියේ ගොඩබස්වයි

105
Messi's Private Jet Makes an Emergency Landing

සුපිරි පාපන්දු ක්‍රීඩක Lionel Messi විසින් භාවිතා කරනු ලබන ඔහුගේ පෞද්ගලික ගුවන්යානයක් බෙල්ජියමේ දී හදිසි ගොඩබෑමකට ලක්කර ඇත. 

ඒ අනුව Messi විසින් නිරන්තරයෙන් ඔහුගේ විදේශ ගමන් කටයුතු සඳහා භාවිතා කරනු ලබන මෙම ගුවන්යානය අද (03) උදෑසන බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර Zavantem ගුවන් තොටුපළේ දී මෙසේ හදිසියේ ගොඩබස්වා ඇත. කෙසේ නමුත් මේ අවස්ථාවේ Messi එම ගුවන්යානයේ සිට නොමැත.  

ඒ වන විට එම ගුවන්යානය බ්‍රසීලයේ Recife නුවර Guararapes ගුවන් තොටුපළේ සිට ස්පාඤ්ඤයේ Canary දූපත්හි Tenerife දූපත බලා පියාසර කරමින් තිබූ අතර එහි ගොඩබැස්වීමේ උපාංගවල ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙසේ එය හදිසියේ ගොඩබස්වන්නට සිදුවී ඇති බව වාර්තා වේ. 

අනතුරුව විනාඩි 90ක පමණ කාලයකින් පසුව නැවතත් එය Tenerife බලා ගමන් ආරම්භ කර ඇතත් එහි දී විනාඩි 43ක කාලයක් සැතපුම් 132ක දුරක් පියාසර කිරීමෙන් අනතුරුව එය නැවතත් Zavantem ගුවන් තොටුපළ කරාම පැමිණ ගොඩබස්වා ඇත. 

කෙසේ නමුත් එම ගුවන් තොටුපළේ බලධාරීන් මෙම සිදුවීමට අදාළ වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත ලබා දීම යුරෝපා සංගමයේ ‘General Data Protection Rights’ නීතිය මත ප්‍රතික්‍ෂේප කොට ඇත. 

තවත් කියවන්න;

මීට වසර 2ක පමණ කාලයකට පෙර Messi විසින් මෙම ගුවන්යානය යූරෝ මිලියන 13ක මුදලකට මිලදී ගනු ලැබූ අතර අනතුරුව එය ඔහු ඔහුගේ පෞද්ගලික ගුවන් ගමන් සඳහා නිතර භාවිතා කරනු ලබයි. ඔහුට අවශ්‍ය පරිදි එහි පහසුකම් සකසා ගැනීමට ද ඔහු කටයුතු කර ඇති අතර සුඛෝපභෝගී පහසුකම් වලින් යුතු එය ආසන 16කින්, මුළුතැන්ගෙයකින් සහ වැසිකිළි 2කින් සමන්විත වේ. 

ඊට අමතරව එහි පිටත Messiගේ jersey අංකය වන අංක 10 දක්වා ඇති අතර තවදුරටත් ගුවන්යානය තුළට ඇතුළු වන පඩිපෙළේ ඔහුගේ බිරිඳගේ මෙන්ම දරුවන්ගේ ද නම් සටහන් කොට ඇත.  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<