පවන් ද්විත්ව ශතකයකට පසුව නැවත ශතකයකට

135

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ක්‍රිකට් තරගාවලියේ අද (05) දින නිමා වූ මහානාම විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය අතර සුහද තරගයේ දී මහානාම විද්‍යාලයේ පවන් රත්නායක එක් දිනක් තුළ දී පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයක් ද අනෙක් ඉනිමේ දී ශතකයක් ද වාර්තා කිරීමට සමත් වූයේය. 

පවන් රත්නායකගෙන් නැවතත් ශතකයක්

නිමා වූ සති අන්තයේ දී තම පළමු පෙළ මංගල ශතකය වාර්තා කළ කොළඹ මහානාම විද්‍යාලයේ පවන් රත්නායක……

වේල්ස් කුමර විද්‍යාලය සමඟින් පැවති මෙම තරගයේ දී පවන් රත්නායක පෙර දිනයේ පන්දු 259කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 168ක් රැස්කර ගෙන සිටි අතර අද දින ඔහු එම ඉනිම ද්විත්ව ශතකයක් දක්වා රැගෙන යෑමට සමත් විය. ඔහු එම ඉනිමේ දී පන්දු 288කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සමඟින් නොදැවී ලකුණු 200ක් රැස්කර ගැනීමට සමත් විය.  

එතැනින් නතර නොවූ ඔහු අද දිනයේ දීම නැවත දෙවැනි ඉනිමට ද පන්දුවට පහර දීමට පිටියට පිවිස නොදැවී ශතකයක් වාර්තා කිරීමට සමත් විය. එවර ඔහු පන්දු 74ක දී නොදැවී ලකුණු 100ක් රැස්කර ගත්තේ හතරේ පහර 7ක් සමඟිනි. 

පවන් පසුගිය සති අන්තයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ තරගාවලියට සහභාගී වෙමින් මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ශතකයක් රැස්කර ගනිමින් පළමු පෙළ ළාබාලතම ශතක ලාභියා බවට ද පත්විය.  

කොළඹ මහානාම විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය 

කොළඹ සී. සී. සී. පිටියේ දී ඊයේ දින ආරම්භ වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

මහානාම විද්‍යාලය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 96ක දී කඩුලු 7ක් දැවී 287) කඩුලු 9ක් දැවී 320 (104.1) පවන් රත්නායක නොදැවී 200, සොනාල් ගමගේ 27, දෙවිඳු කැකිරිදෙණිය 25, නදුක ප්‍රනාන්දු 5/56, කාවින්ද ද මෙල් 2/66. සහ දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 165 (30.1) පවන් රත්නායක නොදැවී 100, පුල්ශාන් රෝහණ 40. 

වේල්ස් කුමර විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 85 (39.3) තරිඳු අමරසිංහ 32, දෙවිඳු කැකිරිදෙණිය 4/18, ධනුක නිම්මාන 2/10. 


කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය 

තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී අද (05) දින ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ධර්මපාල ක්‍රීඩකයන් තම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 56ක් පමණි. එම ඉනිමේ කඩුලු 6ක් ලකුණු 20කට දවා ගැනීමට නිපුන් කාංචන සමත් වීම කැපී පෙනුනි. 

පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි තර්ස්ටන් ක්‍රීඩකයන් තම පළමු ඉනිමට ලකුණු 248ක් රැස්කළ අතර ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 192ක් පිටුපස සිටිමින් පිටියට පිවිසි ධර්මපාල ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 11ක් රැස්කර ගෙන සිටියහ. 

තර්ස්ටන් ඉනිමට එරෙහිව පන්දු යැවූ දිනිත් නෙලුම්දෙණිය ලකුණු 81කට කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූයේය. 

පිළියන්දල මැදි විදුහල 06 වන වරටත් එක්දින ශූරයන් වෙයි

ධර්මපාල විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 56 (27.1) ඉරංග තේජාන් 17, නිපුන් කාංචන 6/20, විහෂ් තෙව්මික 2/03. සහ දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 11 (4) 

තර්ස්ටන් විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 248 (48) යොහාන් ලියනගේ 40, රනේෂ් සිල්වා 37, තිනෙත් ප්‍රබුද්ධ 33, ජයවිහාන් මහවිතාන 30, අවිශ්ක කෞෂල්‍ය 29, දිනිත් නෙලුම්දෙණිය 7/81. 

මෙම තරගය හෙට (06) දින දෙවැනි දිනයට ක්‍රියාත්මක වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<