“අපේ රටේ අය ඔයාට කැමතිම නෑ”

107
People hate you in Argentina says Dybala to Ronaldo

ලෝකයේ ඕනෑම පාපන්දු ලෝලියෙකු වර්ග දෙකකට බෙදිය හැක. ඒ පෘතුගාලයේ Cristiano Ronaldoට කැමති අය හෝ ආජන්ටිනාවේ Lionel Messiට කැමති අය ලෙසයි. ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාව තුල එතෙක් මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩක ලැයිස්තුවේ ඔවුන් දෙදෙනාට හිමිවන්නේ ඉහල ස්ථානයකි.

දකුණු ඇමරිකානු රටක් වන ආජන්ටිනාව තුළ ඔහු කෙරෙහි කිසිදු ආදරයක් නොමැති බව Juventus ඉදිරිපෙළ ක්‍රීඩක Paulo Dybala පෘතුගාල පාපන්දු තාරකාව වන Cristiano Ronaldo හට පවසා ඇත. 

රොබින් වෑන් පර්සිගේ හොඳම යුනයිටඩ් ක්‍රීඩකයින් පහ

හිටපු ප්‍රිමියර් ලීග් තරුවක් වන රොබින් වෑන් පර්සි මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ගත කළ ….

Lionel Messiගේ නිජබිම වන ආජන්ටිනාව Cristiano Ronaldo හට වෛර කරන බවත්, ඔහු ආජන්ටිනාවේ එතරම් ජනප්‍රිය චරිතයක් නොවන බව Juventus කණ්ඩායමේ සගයා වන Cristiano Ronaldoට පැවසූ බව Paulo Dybala පවසයි.

Messi සහ Cristiano Ronaldo  ලොව ප්‍රබලතම පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනා වන අතර ඔවුන් අතර ඇති ක්‍රීඩා එදිරිවාදිකම් දීර්ඝ අතීතයකට දිවයයි. එහෙත් එම එදිරිවාදිකම් පසෙක ලූ විට ඔවුන් දෙදෙනා මෙතෙක් ක්‍රීඩා කළ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන් දෙදෙනෙකු ලෙස හැදින්විය හැක. 

Messiගේ බාසිලෝනා සහ Cristiano Ronaldoගේ රියල් මැඩ්රිඩ් අතර ගැටුම් පාපන්දු ඉතිහාසයේ වඩාත්ම තරගකාරී තරග වූ අතර ක්‍රීඩකයන් දෙදෙනාම තම ක්‍රීඩා හැකියාවන් ඉහළ නංවා ඇත්තේ අනෙක් ක්‍රීඩකයාට වඩා හොඳ සටනක් ලබා දීමටය.

La Liga හි ක්‍රීඩාංගණයේ එදිරිවාදිකම් අවසන් කරමින් Cristiano Ronaldo 2018 දී Juventus වෙත සංක්‍රමණය වූ නමුත් ඔහු හා Messi අතරින් වඩා හොඳ යැයි සැලකිය යුත්තේ කවුදැයි යන්න පිළිබඳ විවාදය තවමත් පවතී.

දැන් ටියුරින්හි Cristiano Ronaldoගේ කණ්ඩායම් සගයෙකු වන ආජන්ටිනාවේ ජාත්‍යන්තර ක්‍රීඩක Paulo Dybala මෙම පෘතුගීසි තාරකාවට තම රටේ ක්‍රීඩාලෝලීන්ගේ කිසිදු කැමැත්තක් නොමැති බව පවසා ඇත. කෙසේ වෙතත් Cristiano Ronaldo සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර විය යුතු ක්‍රීඩකයෙක් බව Paulo Dybala ද පිළිගෙන ඇත. 

පරිපාලනය සමඟ ගැටුම් මැද Barcelona ක්‍රීඩකයෝ වැටුප් කප්පාදුවට එකඟ වෙති

ස්පාඤ්ඤයේ ප්‍රබල FC Barcelona ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් සහ එහි පරිපාලනය අතර දිනෙන් දින ………..

“මම ඔහුට කිව්වා ක්‍රිස්ටියානෝ, ආජන්ටිනාවේ දී අපි ඔබට ටිකක් වෛර කරනවා ඔබේ රූපය නිසා, ඔබේ ක්‍රීඩා විලාසය නිසා, ඔබ ගමන් කරන ආකාරය නිසා” ආජන්ටිනාවේ පාපන්දු සංගමය සමඟ සම්මුඛ සාකච්ඡාවක දී Paulo Dybala පැවසීය.

“සත්‍යය නම් ඔබ මා පුදුමයට පත් කළා ඔබ වෙනස් ක්‍රීඩකයෙක් බව මට පෙනී ගිය නිසා” 

Cristiano Ronaldo සහ Messi යන දෙදෙනා සමඟ ක්‍රීඩා කළ තරු කිහිප දෙනාගෙන් එක් අයෙකු වන Paulo Dybalaට ක්‍රීඩාවේ මෙතෙක් ක්‍රීඩා කළ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන් දෙදෙනා පිළිබඳ අද්විතීය අවබෝධයක් ඇත. 

කෙසේ වෙතත්, පසුගිය වසරේ Juventus තාරකාව වඩාත් අවධානයට ලක්වූයේ ආජන්ටිනාවේ දී Messi සමඟ ක්‍රීඩා කිරීම තමාට අපහසු බව පැවසීමත් සමඟිනි.

Messi සහ Paulo Dybala යන දෙදෙනාම එකම ස්ථානයක ක්‍රීඩා කිරීමත් සමඟ Juventus ක්‍රීඩක Paulo Dybala පවසා ඇත්තේ බාසිලෝනා පුරාවෘත්තය සමඟ සමවීමට කිරීමට තමා මහත් පරිශ්‍රමයක් දැරූ බවයි.

Paulo Dybala පවසන්නේ ඔහු Messi සමඟ උපාය මාර්ග පිළිබඳව කතා කළ බවත්, ඔවුන් දෙදෙනා ස්ථානගතව එකට ගැළපෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කළ බවත්ය.

“මම කිසි විටෙකත් කණ්ඩායම් සගයෙකු විවේචනය කිරීමට අදහස් කළේ නෑ. මට අවශ්‍ය වූයේ සිදු වෙමින් පවතින දෙයක් වැඩිදියුණු කිරීමට විතරයි” Paulo Dybala පැවසීය.

තවමත් පාපන්දු ක්‍රීඩා කරන රටක් අප්‍රිකාවේත්

අප්‍රිකානු කලාපයේ රාජ්‍යයක් වන බුරුන්දි (Burundi) තවමත් සුපුරුදු පරිදි පාපන්දු තරග ….

“මම Lionel Messi සමඟ ඒ ගැන කතා කළේ අප දෙදෙනාම උපායශීලීව සමාන නිසා. මට ලෝක කුසලානයේ හෝ කෝපා ඇමරිකා තරගාවලියේ ක්‍රීඩා කරන්න ලොකු වෙලාවක් තිබුණේ නෑ. ඒ අතරම, මම පුහුණුකරුවන්ගේ තීරණවලට සැමවිටම ගරු කරනවා. මන්ද ආජන්ටිනාව ඉතා කීර්තිමත් නිසා.” 

Paulo Dybalaට මෑතක දී කොරෝනා වයිරසය ආසාදනය වී තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් එම අසනීපයෙන් සුවය ලැබීමෙන් පසු Paulo Dybala මාධ්‍ය වෙත පැමිණි පළමු අවස්ථාව මෙය විය. කොරෝනා හෙවත් COVID-19 වයිරසයට ධනාත්මක (positive) බව තහවුරු වීමෙන් පසුව තමා ඉතාමත් බියට පත්වූ බව Paulo Dybala පවසා ඇත.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<