රොබින් වෑන් පර්සිගේ හොඳම යුනයිටඩ් ක්‍රීඩකයින් පහ

139

හිටපු ප්‍රිමියර් ලීග් තරුවක් වන රොබින් වෑන් පර්සි මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ගත කළ කාලයේ දී ඔහු ක්‍රීඩා කරන්නට කැමතිම වූ ක්‍රීඩකයින් පස්දෙනා ගැන මාධ්‍ය වෙත පවසා තිබුනා. වෑන් පර්සි මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට පැමිණියේ ආර්සනල් කණ්ඩායමේ සිටයි. 

පරිපාලනය සමඟ ගැටුම් මැද Barcelona ක්‍රීඩකයෝ වැටුප් කප්පාදුවට එකඟ වෙති

ස්පාඤ්ඤයේ ප්‍රබල FC Barcelona ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් සහ එහි පරිපාලනය අතර දිනෙන්…

2012 වසරේ දී යුරෝ මිලියන 22.5කට යුනයිටඩ් කණ්ඩායමට පැමිණි ඔහු, පැමිණි දිනයේ සිටම මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට සිය උපරිමය ලබා දෙන්නට සමත් වුනා. සිය පළමු තරගවාරයේ දී ගෝල 26ක් වාර්තා කර ගත් ඔහු සර් ඇලෙක්ස් ෆර්ගසන්ට 13 වන ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා දෙන්නට සුපිරි දායකත්වයක් දැක්වූවා. ඒ සර් ඇලෙක්ස් ෆර්ගසන් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අවසන් තරගවාරය යි. 

36 හැවිරිදි වෑන් පර්සි මෙසේ පවසා සිටියා. 

“ඒක හරිම අමාරු දෙයක්. මොකද ඔවුන් හැමෝම ඔවුන්ගේ විදිහට හොඳින්ම ක්‍රීඩා කළා.” 

“මම හිතන්නේ අපි හැමවිටම අපි වෙන්න ඕනේ. මේ ක්‍රීඩකයින් හරිම ශක්තිමත් වුනේ ඔවුන් ස්වාභාවිකවම තමන්ට උරුම දස්කම් දක්වන්නට සමත් වුනු නිසයි.” 

“Vidic සටන්කාමියෙක්. හැමෝම බය වෙන තැන්වලට ඔහු බය නැතුව ඔලුව දානවා. ඔහු දිනන්න අවශ්‍ය ඕනේ දෙයක් කරනවා. Ferdinand හරිම ආකර්ශනීයයි. පන්දුව හරිම පහසුවෙන් හසුරුවනවා. දීර්ඝ පන්දු යොමු කිරීම් වලට හරිම දක්ෂයි.”

“Ryan Giggs කියන්නේ අවධානය තමා වෙත ලබා ගන්නා ආකාරයේ ක්‍රීඩකයෙක්.” ඔහු පවසා සිටියා. 

“ඔහු හැම වේලාවේම ඉතා පහසුවෙන් ක්‍රීඩා කරනවා. වයස 39ක් වුනත් තවම ඔහු ඉස්සර වගේමයි. ඔහු යෝගා කරනවා වගේම පා පන්දුවේම ජීවත් වෙනවා.”

Luis Suarezගෙන් උරුගුවේ ජනතාවට පරිත්‍යාග රැසක්

කොරෝනා හෙවත් COVID-19 වයිරසය මේ වන විට වඩාත් දරුණු ලෙස ලොව පුරා පැතිරෙමින් පවතී…

වෑන් පර්සි තවදුරටත් පවසා සිටියේ ඔහුගේ ඉදිරිපෙළ ක්‍රීඩක Wayne Rooney ඉතා කැපී පෙනුන ක්‍රීඩකයෙකු බවයි. ඒ වගේම ඔහු Patrice Evraටත් සිය ප්‍රශංසාව පළකර සිටියා. 

“Rooney ඔහුගේම ක්‍රීඩා විලාසයකට ක්‍රීඩා කළා. ඔහු හැම වේලාවේම තරගයේමයි හිටියේ. ඒ වගේම Patrice Evra හැම වේලාවේම හයියෙන් කතා කරලා කණ්ඩායමේ විශ්වාසය ගොඩ නගනවා. අද මම දන්නවා ඔහු විහිලු වීඩියෝ හදනවා. නමුත් ඔහුට කරන්න පුළුවන් එකම දේ එය නොවෙයි. ඔහු වෘත්තීයමය පාපන්දු ක්‍රීඩකයෙකු මෙන්ම ඉතා බුද්ධිමත් ක්‍රීඩකයෙක්.” 


“ඔහු භාෂාවන් පහක් කතා කරනවා. කොරියානු භාෂාවත් ඔහුට පුළුවන්. ඔහුගේ ශරීර ස්වභාවයම එය හොඳින් පෙන්නුම් කරනවා. ඔහුගේ මනසත් ඔහුගේ ශරීරය වගේම ශක්තිමත්.” 

යුනයිටඩ් කණ්ඩායම හැර ගිය වෑන් පර්සි, 2015 වසරේ දී Fenerbahce ක්‍රීඩා සමාජය හා එක්වුනා. එහි තරගවාර තුනක් ක්‍රීඩා කළ ඔහු නැවත Feyenoord වෙත ගියා. එහිදී ඔහු තරග 31ක දී ගෝල 18ක් වාර්තා කළ අතර පසුගිය වසරේ මැයි මාසයේ දී ඔහු ක්‍රීඩා පිටියට සමු දුන්නා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<