වසරේ මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරයි

ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙල 2022

221

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩකයා සම්මානය නෝර්වේ ක්‍රීඩක Mondo Duplantis විසින් හිමිකර ගද්දී වසරේ ක්‍රීඩිකාවන් ලෙස ඇමරිකානු ක්‍රීඩිකා Sydney McLaughlin අභිෂේක ලැබුවා.

Mondo Duplantis සහ Sydney McLaughlin වසර හතරකට පෙර මලල ක්‍රීඩා සම්මාන උළෙලේ වසරේ නැගී එන ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබූ අතර ඔවුන් දෙදෙනාම නිමා වූ ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ ලෝක වාර්තා පිහිටුවීමට සමත් වීම විශේෂත්වයක්.

23 වැනි වියේ පසු වන Sydney McLaughlin මීටර් 400 කඩුලු පැනීම ඉසව්වෙහි ඉහළ දස්කම් දක්වමින් මෙම වසරේ ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් වූ අතර ඇය තත්පර 50.68ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් තමන්ගේම ලෝක වාර්තාව අලුත් කිරීමට ද මෙම වසරේ සමත් වුනා.

මෙම වසරේ 23 වියට පා තැබූ Mondo Duplantis රිටි පැනීම ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ලෙසින් බොහෝ දෙනා හඳුන්වන අතර ඔහු මෙම වසරේ සහභාගී වූ තරගාවලි 19න් 18කම මීටර් හයේ සීමාව පසු කිරීමට සමත් වීම විශේෂත්වයක්.

ගෘහස්ථ මලල ක්‍රීඩා පිටියේ රිටි පැනීම ලෝක වාර්තාව බිඳ හෙළමින් (මීටර් 6.19) මෙවර තරග වාරය ආරම්භ කළ Mondo Duplantis, 2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ රිටි පැනීම ඉසව්ව මීටර් 6.21 දස්කමක් දක්වා ලෝක වාර්තාවක් සමඟින් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ මෙම වසරේ ඉහළ දස්කම් දැක්වූ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා Vilagos වසරේ නැගී එන ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගනිද්දී, වසරේ වැඩි කතාබහට ලක් වූ යොවුන් ක්‍රීඩක Knighton නැගී එන ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබුවා.

තරගාවලියේ අනෙකුත් සම්මාන සහ ජයග්‍රාහකයින්

  • සාමාජික සම්මේලන සම්මානය: බ්‍රසීල මලල ක්‍රීඩා සම්මේලනය
  • Fair Play සම්මානය: Katie Nageotte සහ Holly Bradshaw
  • ජනාධිපති සම්මානය: යුක්‍රේන මලල ක්‍රීඩා සංගමය
  • වසරේ පුහුණුකරුවා: Gennadii Zuiev
  • වසරේ කාන්තාව: Donna Fraser
  • වසරේ ඡායාරූපය: Martin Rickett’s photograph of a steeplechase fall in Oregon (https://www.worldathletics.org/awards/news/photograph-year-2022-martin-rickett)

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<