ලෝක කුසලානයට සුදුසුකම් ගන්න ශ්‍රී ලංකාව තරමක් අපහසු කාණ්ඩයකට

309

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම FIFA ලෝක කුසලානයට හා 2023 ආසියානු කුසලානයට සුදුස්සන් තේරීමේ තරගාවලියේ දෙවන වටයේ H කාණ්ඩයට ඇතුළත්ව තිබේ. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමට අමතරව කොරියාව, ලෙබනනය, ටර්ක්මෙනිස්තානය හා උතුරු කොරියාව එම කාණ්ඩයට ඇතුළත් අනෙකුත් රටවල් වේ. මෙම තේරීම් අද (17) ක්වාලාලම්පූර් හි ආසියානු පාපන්දු සම්මේලනයේ ප්‍රධාන මූලස්ථානයේ දී පැවති රැස්වීමක දී සිදු කෙරුණි. 

මැකාවූ පාඩමක් ඉගෙන ගනිද්දී ලංකාව ඉදිරියට

‘FIFA’ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සහ 2023 ‘AFC’ ආසියානු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ…

ශ්‍රී ලංකා කණ්ඩායම උතුරු කොරියාව, දකුණු කොරියාව, ලෙබනනය හා ටර්ක්මෙනිස්තානය සමඟින් එම රටවල්වල දී හා මෙරට දී තරග වැදීමට නියමිතයි. එම තරග එළඹෙන සැප්තැම්බර් 05 වැනිදා සිට 2020 ජුනි මස 04 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. 

2018 FIFA ලෝක කුසලාන තරගාවලියේ ආසියාව නියෝජනය කරමින් රටවල් 5ක් සහභාගි විය. ඒ ඕස්ට්‍රේලියාව, ඉරානය, ජපානය, කොරියාව හා සවුදි අරාබියයි. මෙම රටවල් වලට අමතරව AFC ආසියානු ශූරයන් වූ කටාර් රාජ්‍යය 2022 ලෝක කුසලානයේ තම ස්ථාන වෙන් කරගත්තේ 2019 ජුනි 14 වන විට ආසියානු ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 6 ලබා ගනිමිනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා චීනය ද එම ශ්‍රේණිගත කිරීම්වල හත්වැනි හා අටවැනි ස්ථාන ලබාගෙන තිබුණි. 

ආසියානු සුදුස්සන් තේරීමේ මීට පෙර පැවති තරගාවලියේ ඉන්දියාව හා යේමනය කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර මෙම වසරේ මුල් භාගයේ දී ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති තරග වටයට සහභාගි විය. 

මෙම සුදුස්සන් තේරීමේ තරගාවලියේ දෙවන වටයට පළමු වරට සුදුසුකම් ලැබීමට මොංගෝලියාව සමත්ව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම, ඉන්දුනීසියාව හා නේපාලය දෙවන වටයට සුදුසුකම් ලබා ඇත්තේ 2004 වසරෙන් පසුව වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ දී මැකාවු සමඟ තරග වැදුණු අතර එහි දෙවන අදියරේ තරගය සඳහා මැකාවු කණ්ඩායම මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කළේ එවකට මෙරට පැවති ආරක්ෂක තත්ත්වය නිසාවෙනි. එම නිසා තරගයේ ජයග්‍රහණය හා දෙවන වටයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට උදා විය. 

ආසියානු කලාපය නියෝජනය කරමින් රටවල් 40ක් මෙම තරගාවලියට සහභාගි වන අතර ඔවුන් කාණ්ඩ 5කට වෙන්කර ඇත්තේ ශ්‍රේණිගත කිරීම් සැලකිල්ලට ගනිමිනි. 

මැකාවු ක්‍රීඩකයන්ගෙන් අමුතුම විරෝධතාවක්

2023 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ආසියානු සුදුස්සන් තේරීමේ තරගාවලිය පසුගිය දා…

1 කාණ්ඩය: ඕස්ට්‍රේලියාව, ඉරානය, ජපානය, කොරියාව, සවුදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමීර්, චීනය

2 කාණ්ඩය: ඉරාකය, උස්බෙකිස්තානය, සිරියාව, ඕමානය, ලෙබනනය, Kyrgyz රාජ්‍යය, වියට්නාමය, ජෝර්දානය 

3 කාණ්ඩය: ඉන්දියාව, පලස්තීනය, බහරේන්, තායිලන්තය, ටජිකිස්තානය, උතුරු කොරියාව, චීන තායිපේ, පිලිපීනය 

4 කාණ්ඩය: ටර්ක්මෙනිස්තානය, මියන්මාරය, හොංකොං, යේමනය, ඇෆ්ගනිස්තානය, මාලදිවයින, කුවේට්, මැලේසියාව 

5 කාණ්ඩය: ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, නේපාලය, කාම්බෝජය, බංග්ලාදේශය, මොංගෝලියාව, ගුආම්

බ්‍රසීලය ඉන්කාවරුන්ගේ සිහින බිඳ දමයි

2019 කෝපා ඇමරිකා තරගාවලියට සුපිරි අවසානයක් සනිටුහන් කරමින් බ්‍රසීල පාපන්දු කණ්ඩායම විසින්…

සුදුස්සන් තේරීමේ තරගාවලියේ දෙවන වටයට අදාළ කාණ්ඩ මෙසේයි. 

A කාණ්ඩය: චීනය, සිරියාව, පිලිපීනය, මාලදිවයින, ගුආම්

B කාණ්ඩය: ඕස්ට්‍රේලියාව, ජෝර්දානය, චීන තායිපේ, කුවේට්, නේපාලය 

C කාණ්ඩය: ඉරානය, ඉරාකය, බහරේන්, හොංකොං, කාම්බෝජය 

D කාණ්ඩය: සවුදි අරාබිය, උස්බෙකිස්තානය, පලස්තීනය, ‍යේමනය, සිංගප්පූරුව 

E කාණ්ඩය: බංග්ලාදේශය, ඕමානය, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, කටාර් 

F කාණ්ඩය: ජපානය, Kyrgyz රාජ්‍යය, ටජිකිස්තානය, මියන්මාරය, 

G කාණ්ඩය: එක්සත් අරාබි එමීර්, වියට්නාමය, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව 

H කාණ්ඩය: උතුරු කොරියාව, කොරියාව, ලෙබනනය, ටර්ක්මෙනිස්තානය, ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යාමට නම් මීළඟ තරගවල දී ප්‍රබල කණ්ඩායම් පරාජය කළ යුතුය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන වටයේ තරග එළඹෙන සැප්තැම්බර් මස 05 වැනිදා මෙරට පැවැත්වෙන ටර්ක්මෙනිස්තානය සමඟ තරගයෙන් ආරම්භ කිරීමට නියමිතයි. පසුව සැප්තැම්බර් 10 වැනිදා මෙරට දී උතුරු කොරියාව සමඟින් තරග වැදීමට නියමිතයි. 

ඔක්තෝබර් 10 වැනිදා කොරියාව සමඟ තරගය කොරියාවේ දී පැවැත්වීමට නියමිත අතර ඉන් දින 5කට පසුව ලෙබනනය සමඟින් මෙරට දී තරග වැදීමට නියමිතයි. 

ඉන්පසුව දෙවන අදියරේ තරග ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් 19 ටර්ක්මෙනිස්තානය සමඟින් ද, 2020 මාර්තු 20 වැනිදා උතුරු කොරියාව සමඟින් ද තරග වදිනු ඇත. 

අවසන් තරග කීපය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කොරියාව සමඟින් 2020 මාර්තු 31 ද, ලෙබනනය සමඟින් 2020 ජුනි 04 වැනිදා ද තරග වැදීමට නියමිතයි. 

දෙවන වටයේ එක් එක් කාණ්ඩයේ ජයග්‍රහණය කරන කණ්ඩායම තුන්වැනි වටය සඳහා සුදුසුකම් ලබනු ඇත. දෙවන ස්ථානය ලබා ගන්නා කණ්ඩායම හා අනෙකුත් කාණ්ඩ 8 හි දෙවන ස්ථානය ලබා ගන්නා කණ්ඩායම් අතර ශ්‍රේණිගත කිරීමක් කිරීමට නියමිත අතර එම ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථාන 4 ලබා ගන්නා කණ්ඩායම්වලට මීළඟ වටය සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාවක් ඇත. අනෙකුත් කණ්ඩායම්වලට 2023 ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් හිමි වනු ඇත.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<