මංචි ශූරතාව ඩේවිඩ් පීරිස් දිනා ගනී

MCA D Division 40 Overs League cricket Tournament 2023

256

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ D කාණ්ඩයේ පන්දුවාර 40 ක්‍රිකට්  තරගාවලිය වෙනුවෙන් පිරිනැමුණ “CBL Munchee” ශූරතාව දිනා ගැනීමට David Pieris Group of Companies (DPGC) කණ්ඩායම සමත් වුනා.

තරගාවලිය සඳහා කණ්ඩායම් 11ක් කාණ්ඩ 2ක් යටතේ සහභාගී වූ අතර අවසන් මහා තරගය පසුගිය දා කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී නිමාව දුටුවා.

එහි දී A කාණ්ඩයෙන් අපරාජිතව සිටිමින් ලීග් ශූරයන් වූ MAS Bodyline කණ්ඩායමට එරෙහිව ලකුණු 67ක ජයග්‍රහණයක් ලබා ගත් Airport & Aviation කණ්ඩායම ද සහ B කාණ්ඩයෙන් අපරාජිතව සිටිමින් ලීග් ශූරයන් වූ MAS Unichela කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගත් DPGC කණ්ඩායම ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

DPGC කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මග

ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵල
1 NDB DPGC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
2 MAS Unichela MAS Unichela කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
3 Airport & Aviation DPGC කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
4 Central Finance DPGC කණ්ඩායමට ලකුණු 35ක ජයක්.
අර්ධ අවසන් පූර්ව තරගය
5 Trelleborg Lanka DPGC කණ්ඩායමට ලකුණු 134ක ජයක්.
අවසන් පූර්ව තරගය
6 MAS Unichela DPGC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
අවසන් මහා තරගය
7 Airport & Aviation DPGC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් DPGC කණ්ඩායම් නායක මංජුල බණ්ඩාරගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Airport & Aviation ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 206ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් නායක තාරක දුශාන්ත පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 73ක් ද සහ කල්ප බණ්ඩාරනායක පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී DPGC නායක මංජුල බණ්ඩාර කඩුලු ත්‍රිත්වයක් සමඟින් ලකුණු 35කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමතර ව අකිල එලබොඩගේ ලකුණු 34කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි DPGC කණ්ඩායම ප්‍රතිවාදී ඉලක්කය තරගය අවසන් වීමට තවත් පන්දු 14ක් ඉතිරිව තිබිය දී සපුරා ගැනීමට සමත් වුනා. එහි දී ආරම්භක පිතිකරු මධුශාන් ප්‍රනාන්දු පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 89ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී නුවන් යාපා කඩුලු 3ක් සහ චින්තක කරුණාරත්න කඩුලු 2ක් දවා ගත්තා.

Airport & Aviation – සියලුම දෙනා දැවී 206 (39.4) චමින්ද දිල්හාර 21, තාරක දුශාන්ත 73, කල්ප බණ්ඩාරනායක 50, මංජුල බණ්ඩාර 5/35, අකිල එලබොඩගේ 3/34

DPGC – කඩුලු 8ක් දැවී 211 (37.4) මධුශාන් ප්‍රනාන්දු 89, මංජුල බණ්ඩාර 26, අකිල එලබොඩගේ නොදැවී 21, චින්තක කරුණාරත්න 2/31, නුවන් යාපා 3/31

DPGC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

  • අවසන් තරගයේ වීරයා – මධුශාන් ප්‍රනාන්දු (DPGC)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – නිමේෂ් මාලින්ද පෙරේරා (Melwire Rolling)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – මධුශාන් ප්‍රනාන්දු (DPMC)
  • තරගාවලියේ වීරයා – නිමේෂ් මාලින්ද පෙරේරා (Melwire Rolling)

DPGC ක්‍රිකට් සංචිතය:

මංජුල බණ්ඩාර (නායක) අකිල ඇලබොඩගේ, චමත් දිල්සර, ලක්මාල් ද සිල්වා, ලක්ෂාන් ද සිල්වා, මධුශාන් දිලක්ෂණ, මධුශාන් ප්‍රනාන්දු, මයුර ඩිහාන්, නලින්ද චන්න, ප්‍රසාද් නිරෝෂාන්, සවිඳු රොද්‍රිගෝ, අනුරාධ හෙට්ටිගේ, ඩිල්ශාන් පීරිස්, කසුන් ශ්‍යාමල්, මිනෝන් දීශාන්, සමීර මෙන්ඩිස්, ෂෙහාන් රත්නායක, උදාර බණ්ඩාර

පිතිකරුවන්ගේ දක්ෂතා

තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු ලැයිස්තුවේ පළමු අසුන වෙන්කර ගැනීමට ජයග්‍රාහී DPGC කණ්ඩායමේ මධුශාන් ප්‍රනාන්දු සමත් වූවා. ඔහු තරග 7ක ඉනිම් 7ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 370ක්. ඊට ශතකයක් සහ අර්ධ ශතක 2ක් ඇතුළත් කර ගැනීමට ඔහු සමත් වුනා.

Trelleborg Lanka කණ්ඩායමට එරෙහිව මධුශාන් පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 10ක් සමඟින් ලබා ගත් ලකුණු 143 තරගාවලියේ පිතිකරුවෙක් ලබා ගත් ඉහළ ලකුණු සංඛ්‍යාව ද වුනා. ඔහු විසින් Airport & Aviation කණ්ඩායමට එරෙහිව පළමු වටයේ දී ලබා ගත් ලකුණු 71ක සහ අවසන් මහා තරගයේ දී ලබා ගත් ලකුණු 89ත් ඊට ඇතුළත්.

ඔහුට අමතරව DPGC කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමේ දී සවිඳු රොද්‍රිගෝගේ පිතිහරඹය ද ඉවහල් වුනා. ඔහු තරග 7ක ඉනිම් 6ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 178ක්. ඊට Central Finance කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 79 ද ඇතුළත්. කෙසේ වෙතත් ඔහුගේ මෙම දක්ෂතාව තරගාවලියේ පිතිකරුවන් ලැයිස්තු ගත කිරීමේ දී හිමි වූයේ 6 වැනි ස්ථානයයි.

ඊට පෙර MAS Unichela කණ්ඩායමේ බිහඟ මෙන්ඩිස් ලකුණු 254ක් ද, එම කණ්ඩායමේ ම රමිත් ගුණරත්න ලකුණු 230ක් ද, අනුශූර Airport & Aviation කණ්ඩායමේ තාරක දුශාන්ත ලකුණු 212ක් ද සහ MAS Bodyline කණ්ඩායමේ රවිඳු චානක ලකුණු 182ක් ලබා ගනිමින් ද ලැයිස්තු ගත වුනා.

පන්දු යවන්නන්ගේ දක්ෂතා

තරගාවලියේ ජයග්‍රාහකයන් වූව ද කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ ඔවුන්ගේ දක්ෂතා ලැයිස්තුවට පැමිණෙන්නේ 5 වැනි ස්ථානටයි. ඒ ලක්මාල් ද සිල්වා විසින් ලබා ගත් කඩුලු 12 හේතුවෙන්.

තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා වූයේ Melwire Rolling කණ්ඩායමේ නිමේෂ් මාලින්ද. ඔහු තරග 6ක දී කඩුලු 21ක් ලබා ගත්තා. ඒ අතරට Hemas කණ්ඩායමට එරෙහිව ලකුණු 14කට ලබා ගත් කඩුලු 7 ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වුනා. එය තරගාවලියේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුනා.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය MAS Unichela කණ්ඩායමේ රුචිර පුපුලේවත්ත (කඩුලු 15) ද, තෙවැනි ස්ථානය එම කණ්ඩායමේ ම ලහිරු සිල්වා (කඩුලු 14) ද සහ 4 වැනි ස්ථානය MAS Bodyline කණ්ඩායමේ සුමනදාස විතානගේ (කඩුලු 12) ද සතු වුනා.

ජයග්‍රාහී DPGC කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් ද සිල්වා (කඩුලු 11)ක් ද සහ නායක මංජුල බණ්ඩාර අවසන් මහා තරගයේ දී වාර්තා කරන ලද කඩුලු ත්‍රිත්වයත් සමඟින් කඩුලු 10ක් ලබා ගනිමින් ද තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමේ දී වැඩි දායකත්වයක් දැක්වූවා.

මෙම තරගාවලිය සඳහා තෙවැනි වරටත් සිලෝන් බිස්කට් සමාගම අනුග්‍රහය දැක් වූ අතර තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සිලෝන් බිස්කට් සමාගමේ වෙළෙඳ කලමණාකරු රොමේෂ් ජයතිලක මහතාගේ සහ වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ සභාපති නලින් වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ උප සභාපති මහේෂ් ද අල්විස් සහ ප්‍රධාන ලේකම් තරින්ද්‍ර කළුපෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<