ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ තවත් තරගයක් ඊයේ (07) දිනයෙන් නිමාවට පත් වුනා.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගයෙන් සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වුනා.
තරගයේ දී සාන්ත ජෝසප් ජයග්‍රහණය තහවුරු කිරීමේ පෙරටුගාමීන් වූ ඩේමියන් ද සිල්වා ගාල්ල රිච්මන්ඩ් ඉනිම් ද්විත්වයේම කඩුලු 6 බැගින් දවා ගැනීමට සමත් වූ අතර, නුශාන් පෙරේරා ඉනිම් දෙක තුළ කඩුලු 6ක් දවා ගත්තා. එමෙන්ම රිශ්ම අමරසිංහ සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් නොදැවී ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වූ අතර, පන්දු 131ක් තුළ වාර්තා වූ මෙම ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය
(කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී)
රිච්මන්ඩ් විද්‍යාලය – 159/10 (77.4) ශෙහාන් ද සොයිසා 56, නිකිල් ජයවීර 26, ඩේමියන් ද සිල්වා 6/58, නුශාන් පෙරේරා 4/64 & 113/9 (61) යූරි කොත්තිගොඩ 45, ඩේමියන් ද සිල්වා 6/47, නුශාන් පෙරේරා 2/31
සාන්ත ජෝසප් විද්‍යාලය – 285/8d (65) රිශ්ම අමරසිංහ 102*, ඩනික් පෙරේරා 54, යූරි කොත්තිගොඩ 3/64, නෙතුජ බාසිත 3/61
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<