Home Sinhala ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් සමඟින් සුබ ආරම්භයක්

ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් සමඟින් සුබ ආරම්භයක්

19න් පහළ බාලිකා ලෝක කුසලානය 2023

328

පළමු වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරගය ඊයේ (9) දකුණු අප්‍රිකාවේ Sandton හිදී පැවැත්වුනා.

එහි දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරාජය කරමින් ලකුණු 52ක ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. පන්දුවාර 20 අවසානයේ දී ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 90ක් ලබා ගත් අතර එහි දී ආරම්භක පිතිකාරිණි නෙත්මි සේනාරත්න පන්දු 55ක් තුල ලකුණු 53ක් ලබාගෙන ශ්‍රී ලංකා ලකුණු සටහන ස්ථාවර කළා. ඇයගේ ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ සහ තරගයේ දෙවැනි වැඩිම ලකුණු ලාභිණිය වුනු සේනාරත්නගේ සහායක ආරම්භක පිතිකාරිණිය වුනු සුමුදු නිසංසලා පන්දු 28ක් තුල ලකුණු 14ක් ලබා ගත්තා.

ගෙවුණු මාස කිහිපය පුරාවට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තුල ඉතාමත් හොඳින් දස්කම් දැක්වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ 19න් පහළ කණ්ඩායම ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් වනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කළා.

කෙසේ නමුත් දෙව්මි විහංගා සහ විදූෂිකා පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නියන් පන්දුවාර 13කුත් පන්දු 3ක් තුල සිය ප්‍රතිවාදීන්ගේ ඉනිම ලකුණු 38කට සීමා කළා. එහි දී ඔවුන්ගේ එකඳු හෝ පිතිකාරිණියක් හට ලකුණු 8 සීමාව ඉක්මවා යන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදිනු ලබන දෙවැනි සහ අවසන් පුහුණු තරගය හෙට (11) ස්කොට්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙනවා.

  • ශ්‍රී ලංකාව – 90/9 (20): නෙත්මි සේනාරත්න 53 (55), Geethika Jyothis 2/10, Siya Gokhale 1/1
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය – 38 (13.3) Theersha Satish 8 (9), දෙව්මි විහංගා 3/04, විදූෂිකා පෙරේරා 3/05

ශ්‍රී ලංකාවට ලකුණු 52ක ජයක්

දිනයේ පැවැත්වුණු අනෙක් පුහුණු තරගවල ප්‍රතිඵල.

  • ඇමරිකාව පරාජය කළ ස්කොට්ලන්තයට ලකුණු 45ක ජයක්.
  • අයර්ලන්තය පරාජය කළ පාකිස්තානයට කඩුලු 7ක ජයක්.
  • සිම්බාබ්වේ පරාජය කළ ඉන්දුනීසියාවට ලකුණු 15ක ජයක්.
  • ඔස්ට්‍රේලියාව පරාජය කළ ඉන්දියාවට ලකුණු 18ක ජයක්.
  • රුවන්ඩාව පරාජය කළ නවසීලන්තයට ලකුණු 63ක ජයක්.
  • බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කළ එංගලන්තයට කඩුලු 9ක ජයක්.
  • දකුණු අප්‍රිකාව පරාජය කළ බංග්ලාදේශයට ලකුණු 7ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස්)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


United Arab Emirates Women U19
38/10 (13.3)

Sri Lanka Women U19
90/9 (20)

Batsmen R B 4s 6s SR
Nethmi Senarathna b Geethika Jyothis 53 55 5 2 96.36
Sumudu Nisansala b Indhuja Nandakumar 14 28 0 0 50.00
Vishmi Gunarathne c Geethika Jyothis b Siya Gokhale 2 8 0 0 25.00
Dewmi Vihanga run out (Archara Supriya) 1 4 0 0 25.00
Manudi Nanayakkara run out (Theertha Satish) 6 6 1 0 100.00
Rashmi Nethranjali lbw b Geethika Jyothis 4 7 0 0 57.14
Dulanga Dissanayke run out (Siya Gokhale) 4 5 0 0 80.00
Vihara Sewwandi b Mahika Gaur 1 2 0 0 50.00
Umaya Rathnayake run out (Theertha Satish) 2 5 0 0 40.00
Pamoda Shaini not out 0 0 0 0 0.00


Extras 3 (b 1 , lb 1 , nb 0, w 1, pen 0)
Total 90/9 (20 Overs, RR: 4.5)
Bowling O M R W Econ
Mahika Gaur 3 0 16 1 5.33
Indhuja Nandakumar 4 0 17 1 4.25
Samaira Dharnidharka 3 0 10 0 3.33
Vaishnave Mahesh 4 0 12 0 3.00
Lavanya Keny 2 0 11 0 5.50
Archara Supriya 1 0 11 0 11.00
Siya Gokhale 1 0 1 1 1.00
Geethika Jyothis 2 0 10 2 5.00


Batsmen R B 4s 6s SR
Theertha Satish lbw b Pamoda Shaini 8 9 0 0 88.89
Lavanya Keny run out (Sumudu Nisansala) 7 18 0 0 38.89
Rinitha Rajith lbw b Vidushika Perera 7 11 0 0 63.64
Samaira Dharnidharka c Nethmi Senarathna b Dewmi Vihanga 4 12 0 0 33.33
Mahika Gaur b Vidushika Perera 0 4 0 0 0.00
Sanchin c Sumudu Nisansala b Dewmi Vihanga 1 8 0 0 12.50
Archara Supriya c Sumudu Nisansala b Dewmi Vihanga 0 4 0 0 0.00
Vaishnave Mahesh c Sumudu Nisansala b Vidushika Perera 0 1 0 0 0.00
Geethika Jyothis run out (Sumudu Nisansala) 0 3 0 0 0.00
Siya Gokhale b Rashmi Nethranjali 2 7 0 0 28.57
Indhuja Nandakumar not out 2 4 0 0 50.00


Extras 7 (b 0 , lb 2 , nb 0, w 5, pen 0)
Total 38/10 (13.3 Overs, RR: 2.81)
Bowling O M R W Econ
Pamoda Shaini 2 0 11 1 5.50
Rashmi Nethranjali 2.3 0 8 1 3.48
Vihara Sewwandi 2 0 8 0 4.00
Vidushika Perera 4 1 5 3 1.25
Dewmi Vihanga 3 0 4 3 1.33