ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පසුගියදා සමත් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම ශූරතාව දිනා ගන්නේ අපරාජිතයන් ලෙසින් වීම කැපී පෙණුනා.
| ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ | |||
| ප්‍රතිවාදීන් | තරගයේ ප්‍රතිඵලය | තරගයේ වීරයා | |
| 1 | අයර්ලන්තය | ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්. | සත්‍යා සංදීපනී |
| 2 | ස්කොට්ලන්තය | ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්. | විශ්මි ගුණරත්න |
| 3 | පැපුවා නිව්ගිනියාව | ශ්‍රී ලංකාවට ලකුණු 67ක ජයක්. | විශ්මි ගුණරත්න |
| 4 | එක්සත් අරාබි එමීර් රාජ්‍යය | ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්. | කවීෂා දිල්හාරි |
| සුපිරි 6 වටයේ තරගය | |||
| 5 | සිම්බාබ්වේ | ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්. | කවීෂා දිල්හාරි |
| 6 | නෙදර්ලන්තය | ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්. | කවීෂා දිල්හාරි |
| 7 | පාකිස්තානය | ශ්‍රී ලංකාවට ලකුණු 4ක ජයක්. | ඉමේෂා දුලානි |
| අවසන් මහා තරගය | |||
| 8 | අයර්ලන්තය | ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්. | සත්‍යා සංදීපනී |
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත ව Emerging Nations ශූරියන් වෙයි
තරගාවලිය සඳහා එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි වූයේ 28 වැනි වියේ පසුවෙන ඉදිරි පෙළ වමත් පිතිකාරිනියක වූ හර්ෂිතා සමරවික්‍රම වෙතයි. ඇය ශ්‍රී ලංකා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ නායකත්වයට පත් 9 වැන්නියයි. ඇය එම කඩඉමට පිවිසෙන්නේ තම 100 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයේ දී වීමත් විශේෂත්වයක්.
ඇය වෙත ලැබූ මෙම නව වගකීම නිසි ලෙසින් ඉටු කළ ද පිතිකාරිනියක ලෙසින් තරමක් අසාර්ථකත්වයට පත් වූවා. ඇයගේ මෙම තරගාවලියේ දක්ෂතාව වූයේ තරග 8ක ඉනිම් 7ක දී ලබා ගන්නා ලද ලකුණු 65ක් පමණයි. කෙසේ වෙතත් ඇය මෙම තරගාවලියේ දී තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ලකුණු 2000 කඩඉමට පිවිසීමට සමත් වීම කැපී පෙණුනා.
ඒ අනුව ඇය මේ වෙද්දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 107කට සහභාගී වෙමින් අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 2042ක් ලබා සිටිනවා.
නිමා වූ මෙම තරගාවලියේ ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගත් ප්‍රමුඛත ම ක්‍රීඩිකාව වූයේ 21 හැවිරිදි වියේ පසුවෙන දකුණත් ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න. ඇය මෙම තරගාවලිය තුළ නිරන්තරයෙන් ලකුණු අතර සිටිමින් විශ්වසනීය පිතිකාරිනියක් බවට පත් වූවා.
| තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් ශ්‍රී ලංකා පිතිකාරිනියන් 5 දෙනා | |||||||||||
| Player | Mat | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | 4s | 6s | |
| 1 | විශ්මි ගුණරත්න | 8 | 8 | 4 | 324 | 63* | 81.00 | 0 | 3 | 31 | 6 |
| 2 | ඉමේෂා දුලානි | 8 | 6 | 1 | 154 | 56 | 30.80 | 0 | 1 | 13 | 6 |
| 3 | හසිනි පෙරේරා | 6 | 5 | 1 | 104 | 53* | 26.00 | 0 | 1 | 13 | 1 |
| 4 | හර්ෂිතා සමරවික්‍රම | 8 | 7 | 2 | 65 | 24 | 13.00 | 0 | 0 | 6 | 0 |
| 5 | කෞෂිනි නුත්‍යාංගනා | 7 | 4 | 2 | 54 | 25 | 27.00 | 0 | 0 | 3 | 1 |
| සංජනා කාවින්දි | 3 | 3 | 0 | 54 | 25 | 18.00 | 0 | 0 | 9 | 0 | |
විශ්මි ගුණරත්න තරගාවලියේ මංගල තරගයේ දී ම අර්ධ ශතකයකින් තම ලකුණු පෙළහර ආරම්භ කරන ලද අතර ඇය මෙම තරගාවලිය අවසන් කරන්නේ තරග 8කට සහභාගී වෙමින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 324ක් ලබා ගනිමිනි. එහි සාමාන්‍ය 81.00ක් ලෙසින් ද පවත්වාගෙන යෑමට ඇය සමත් වුවා.
මේ ඉනිම් අතර ඇයගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට එරෙහි ව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 63යි. එය මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ඉනිමක දී ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවා.
එම ඉනිමට අමතර ව ඇය අයර්ලන්තයට එරෙහි ව නොදැවී ලකුණු 53ක් ද සහ පැපුවා නිව්ගිනියාවට එරෙහි ව ලකුණු 51ක් ද ලබා ගත්තා.
ඇය මෙම තරගාවලිය තුළ තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ ලකුණු 1000 කඩඉම පසු කිරීමට ද සමත් වීමට සමත් වුණා.
එමෙන් ම ඇය මෙම තරගාවලියේ දී හයේ පහර 6ක් එල්ල කරන ලද අතර එය තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩිකාවන් අතර සම දක්ෂතා දැක් වූවක් ලෙසිනුයි සටහන් වෙන්නේ. ඇයත් සමඟ එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ ඉමේෂා දුලානි සහ සිම්බාබ්වේ කණ්ඩායමේ Kelis Ndhlovu ද සම ව අසුන් ගෙන සිටින්නවා.
ඊට අමතර ව ඇය මෙම තරගාවලියේ දී එල්ල කරන ලද හතරේ පහර සංඛ්‍යාව 31ක් වන අතර එය තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩිකාවන් අතර ලැයිස්තු ගත වූයේ 2 වැනි ස්ථානටයි. එහි පළමු ස්ථානයේ රැඳී සිටින්නේ අයර්ලන්තයේ Gaby Lewis. ඇය ලබා ගත් හතරේ පහර සංඛ්‍යාව 39ක්.
විශ්මි ගුණරත්න තරගාවලියේ වැඩිම අර්ධ ශතකලාභීන් ගේ ලැයිස්තුවේ ද ඉදිරියෙන් අසුන් ගැනීමට සමත් වූවා. එහි ඇය තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙක් සමඟින් අර්ධ ශතක ත්‍රිත්වය බැගින් ලබා ගනිමිනුයි එම ලැයිස්තුවට එක් වෙන්නේ. එහි දී විශ්මි ගුණරත්නට අමතර ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Esha Oza, ස්කොට්ලන්තයේ Kathryn Bryce සහ අයර්ලන්තයේ Gaby Lewis මෙහි රැදී සිටිනවා.
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුපිරි 6 වටයත් ජයග්‍රහණයකින් ආරම්භ කරයි
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත ව සුපිරි 6 දෙනාගේ වටයට
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ 2 වැනි ස්ථානය හිමි වෙන්නේ ඉමේෂා දුලානිට. ඇය තරග 8ක ඉනිම් 6ක දී වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 154ක් වන අතර මේ ලකුණු අතුරින් ලකුණු 110ක් ම ඇය ලබා ගන්නේ අවසන් තරග ද්විත්වයේ දී වීම විශේෂත්වයක්.
සුපිරි 6 වටයේ අවසන් තරගය වූ පාකිස්තානයට එරෙහි ව ඇය පන්දු 38ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත් අතර ඊට එම තරගයේ වීරයා සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවා ය.
ඉන් අනතුරු ව ඇය අවසන් මහා තරගයේ ද ප්‍රධාන භුමිකාවට පණ පෙවීමට සමත් වූවා. එහි දී ඇය තරගය ජයග්‍රහණයෙන් අවසන් කරද්දී පන්දු 25කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා සිටියා.
24 වැනි වියේ පසුවෙන ඉමේෂා දුලානි මේ වෙද්දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ශතකයක් සහ අර්ධ ශතක ත්‍රිත්වයක් සමඟින් ලකුණු 674ක් ලබා සිටින ක්‍රීඩිකාවක්.
ඔවුන්ට අමතර ව 31 වැනි වියේ පසුවෙන හසිනි පෙරේරා තරග 6ක ඉනිම් 5ක දී ලකුණු 104ක් ද සහ 18 වැනි වියේ පසුවෙන සංජනා කාවින්දි තරග තරග 3ක ඉනිම් 3ක දී ලකුණු 54ක් ද ලබා ගනිමින් පිතිකාරිනියන් ලෙසින් දක්ෂතා දක්වනවා.
හර්ෂිතාට පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙහෙයවීමේ වරම්
තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතුරින් ඉහළ ම දක්ෂතා දැක් වූයේ 27 වැනි වියේ පසුවෙන දකුණතින් මද වේග පන්දු යවන සත්‍යා සංදීපනී. ඇය මෙම තරගාවලියේ දී තරග 8ක දී කඩුලු 17ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
| තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් 5 දෙනා | |||||||||
| Player | Mat | Inns | Overs | Md | Runs | Wkts | Best | Ave | |
| 1 | සත්‍යා සංදීපනී | 8 | 8 | 29.0 | 1 | 124 | 17 | 4/13 | 7.29 |
| 2 | කවීෂා දිල්හාරි | 8 | 8 | 31.0 | 1 | 143 | 14 | 3/08 | 10.21 |
| 3 | නිමාෂා මීපගේ | 6 | 6 | 22.0 | 1 | 85 | 9 | 2/09 | 9.44 |
| 4 | සුගන්දිකා කුමාරි | 8 | 8 | 30.4 | 0 | 123 | 9 | 2/10 | 13.66 |
| 5 | අචිනි විමුක්ති | 5 | 5 | 18.4 | 0 | 117 | 6 | 2/26 | 19.50 |
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක් ලෙසින් වර්ගීකරණයට ලක් වූ සත්‍යා සංදීපනී 2020 වසරේ දී ඉන්දියාවට එරෙහි ව විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වරම් දිනා ගත්ත ද ඇයට ඉන් අනතුරු ව තවත් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගකට සහභාගී වීමට වසර 6ක් බලා සිටීමට සිදු වූවා.
එවන් සංක්‍රාන්ති සමයකින් පසු ව ආගමන තරගාවලියේ දී ම තමන් සුවිශේෂී ක්‍රීඩිකාවක් බව ඒත්තු ගන්වන්නට ඇය සමත් වීම කැපි පෙණුනා. දැන් ඇයගේ ජාත්‍යන්තර තරග දිවියේ දත්ත තරග 9ක දී ලබා ගත් කඩුලු 17ක් ලෙසින් සටහන් වෙනවා.
මෙම කඩුලු 17 ම ඇය ලබා ගන්නේ මෙම තරගාවලියේ දී වීම විශේෂත්වයක්. ඒ අතර අවසන් මහා තරගයේ දී ලකුණු 13කට කඩුලු 4ක් දවා ගන්නා ඇය එය ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් කර ගත්තා.
ඇයට අමතර ව 25 වැනි වියේ පසුවෙන දඟපන්දු යවන කවීෂා දිල්හාරි ද මෙම තරගවලියේ දී කැපී පෙණෙන පන්දු යවන්නියක බවට පත් වූවා ය. කණ්ඩායමේ උප නායිකාව ද වූ ඇය මෙම තරගාවලියේ දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 14ක්.
පාකිස්තානය සතුව තිබූ ආසියානු කුසලානය ඉන්දියාව උදුරා ගනී
ඔවුන්ට අමතර ව ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකීම දැරූ කෞෂිනි නුත්‍යාංගනා ද මෙම තරගාවලියේ දී සුවිශේෂී දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවක් ලෙසින් හැඳින්විය හැකියි. ඇය නිමා වූ තරගාවලියේ දී වැඩිම දවා ගැනිම් සංඛ්‍යාවකට දායකත්වය දැක් වූ කඩුලු රකින්නිය බවට ද පත් වුණා.
ඊට අමතර ව ඇය තරග 7ක ඉනිම් 4ක දී ලකුණු 54ක් ද ලබා ගනිමින් පිතිකාරිනියක් ලෙසින් ද දක්ෂතා දැක් වූවා.
ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ ඉන්දියාව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
නිමා වූ තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැක් වූ සුවිශේෂී දක්ෂතා
- 150/5 : ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියේ දී ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නේ පැපුවා නිව්ගිනියාවට එරෙහිවයි.
- එය මෙම තරගාවලියේ ලැයිස්තු ගත වෙන්නේ 9 වැන්නටයි.
- 68/10 (19.1) : ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියේ දී අඩු ම ලකුණු සංඛ්‍යාවකට සීමා කළ කණ්ඩායම සිම්බාබ්වේ.
- 67 runs : ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ලැබු ඉහළ ම ලකුණු සංඛ්‍යාවකින් යුත් ජයග්‍රහණය වූයේ පැපුවා නිව්ගිනියාවට එරෙහි ව ලැබූ ජයග්‍රහණයයි.
- 324 : තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකාරිනිය වූයේ ශ්‍රී ලංකාවේ විශ්මි ගුණරත්න.
| තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකාරිනියන් 5 දෙනා | |||||||||||
| Player | Team | M | In | NO | Runs | HS | Ave | 50 | 4s | 6s | |
| 1 | විශ්මි ගුණරත්න | ශ්‍රී ලංකාව | 8 | 8 | 4 | 324 | 63* | 81.00 | 3 | 31 | 6 |
| 2 | Gaby Lewis | අයර්ලන්තය | 8 | 8 | 0 | 268 | 71 | 33.50 | 3 | 39 | 3 |
| 3 | Esha Oza | U.A.E. | 4 | 4 | 1 | 234 | 77 | 78.00 | 3 | 25 | 2 |
| 4 | Kathryn Bryce | ස්කොට්ලන්තය | 7 | 7 | 2 | 232 | 69 | 46.40 | 3 | 26 | 3 |
| 5 | Sterre Kalis | නෙදර්ලන්තය | 7 | 7 | 4 | 225 | 68* | 75.00 | 2 | 24 | 3 |
17 : තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නිය බවට පත් වූයේ ශ්‍රී ලංකාවේ සත්‍යා සංදීපනී.
| Player | Team | M | In | Ov | M | R | W | Best | Ave | |
| 1 | සත්‍යා සංදීපනී | ශ්‍රී ලංකාව | 8 | 8 | 29.0 | 1 | 124 | 17 | 4/13 | 7.29 |
| 2 | Cara Murray | අයර්ලන්තය | 8 | 8 | 28.3 | 0 | 179 | 17 | 5/17 | 10.52 |
| 3 | Christina Mutasa | සිම්බාබ්වේ | 7 | 7 | 24.4 | 2 | 125 | 16 | 6/10 | 7.81 |
| 4 | කවීෂා දිල්හාරි | ශ්‍රී ලංකාව | 8 | 8 | 31.0 | 1 | 143 | 14 | 3/08 | 10.21 |
| 5 | Kirstie Gordon | ස්කොට්ලන්තය | 7 | 7 | 28.0 | 2 | 133 | 12 | 4/04 | 11.08 |
10 : තරගාවලියේ වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට සහභාගී වූ කඩුලු රකින්නිය වූයේ ශ්‍රී ලංකාවේ කෞෂිනි නුත්‍යාංගනා. ඇය තරග 7ක දී උඩ පන්දු 3ක් සහ කඩුලු බිඳ දැමීම් 7ක් සමඟින් මෙම ලැයිස්තුවේ පළමු අසුන හිමිකර ගත්තා ය.
4 : එමෙන් ම ඇය අයර්ලන්තයට එරෙහි ව කඩුල්ල පිටුපස සිටිමින් උඩ පන්දුවක් සහ කඩුලු බිඳ දැමීම් 3ක් සමඟින් දවා ගැනීම් 4කට දායක වෙමින් තරගාවලියේ එක් තරගයක දී කඩුලු රකින්නියක පෑ ඉහළ ම දක්ෂතාවය ද දැක් වූවා.
110* : තරගාවලියේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම කඩුලු සබඳතාව වූයේ හසිනි පෙරේරා සහ විශ්මි ගුණරත්න එක් ව අයර්ලන්තයට එරෙහි ව 1 වැනි කඩුල්ලට නොදැවී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාවයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම.






















