භානුක – Dhawanගේ ශතක සබඳතාවයෙන් Punjab නැවතත් ජයග්‍රාහී මගට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

8175
Bhanuka Rajapaksa

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ 38 වැනි තරගයේ දී Chennai Super Kings ලකුණු 11කින් පරාජය කරමින් නැවතත් ජයග්‍රාහී මාවතට පිවිසීමට Punjab Kings ඊයේ (25) සමත් වුනා.

Mumbai හි Wankhede ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනූ Chennai ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් Punjab කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 187ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

නායක Mayank Agarwal ලකුණු 18කට දවාගෙන Punjab පළමු කඩුල්ල ලකුණු 37කට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුනා. අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් Shikhar Dhawan සමඟ පිටියේ එක්වුණු භානුක රාජපක්ෂ පන්දු 71කින් ලකුණු 110ක සබදතාවයක් පිහිටුවමින් තරමක් මන්දගාමී වුනු තණතීරුව මත Punjab කණ්ඩායමට හොඳ ලකුණු ප්‍රමාණයක් වෙත යාමට අවශ්‍ය අඩිතාලම සකස් කළා.

අවසන් තරග කිහිපය තුල ක්‍රීඩා විවේකාගාරය තුල රැඳී සිටි  භානුක මේ තරගයේ දී පන්දු 32කින් ලකුණු 42ක් රැස් කළේ හයේ සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින්. භානුක මේ තරගයේ දී විස්සයි විස්ස පිටියේ ලකුණු 2000 සීමාව පසුකර යන්නට ද සමත් වුනා.

Punjab ආරම්භක පිතිකරු Dhawan නොදැවී ලකුණු 88*ක් ලබා ගත්තේ මෙවර තරගාවලිය තුල ලබා ගත් දෙවැනි අර්ධ ශතකය වාර්තා කරගෙනයි. මෙය ඔහුගේ 200 වැනි IPL තරගය වන අතර පන්දු 59කින් වාර්තා වූ ඔහුගේ ඉනිම හයේ පහර 2කින් හා හතරේ පහර 9කින් වර්ණවත් වුනා.

Liam Livingstone පන්දු 7කින් වේගවත් ලකුණු 19ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා එක් හතරේ පහරක් සමඟිනුයි. Jonny Bairstow ඉනිමේ අවසන් පන්දුවේ දී ලකුණු 6කට දුවද්දී දැවී ගියා. පන්දු යැවීමේ දී Dwayne Bravo ලකුණු 42ක කඩුලු 2ක් හා මහීෂ් තීක්ෂණ ලකුණු 32කට එක් කඩුල්ලක් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Chennai කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 176ක් පමණයි.

අංක 5 පිතිකරණ ස්ථානයෙන් ක්‍රීඩා කළ Ambati Rayudu පන්දු 39ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 78ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 6ක් හා හතරේ පහර 7ක් සමඟින්.

Ruturaj Gaikwad ලකුණු 30කට දැවී ගියා. නායක Ravindra Jadeja නොදැවී ලකුණු 21*යි. MS Dhoni තරගයේ අවසන් පන්දුවාරයේ දී ලකුණු 12කට දවා ගැනීමට Rishi Dhawan සමත් වුනා. පන්දු යැවීමේ දී Kagiso Rabada හා Rishi Dhawan කඩුලු 2 බැගින් බිද හෙළුවා.

Punjab Kings – 187/4 (20): Shikhar Dhawan 88, Bhanuka Rajapaksa 42, Liam Livingstone 19, Dwayne Bravo 2/42, Maheesh Theekshana 1/32.

Chennai Super Kings – 176/6 (20): Ambati Rayudu 78, Ruturaj Gaikwad 30, Ravindra Jadeja 21*, Kagiso Rabada 2/23, Rishi Dhawan 2/39.

  • තරගයේ වීරයා – Shikhar Dhawan (Punjab Kings)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<