පාකිස්තාන – එංගලන්ත සංචාරය ගැන Wood කලකිරීමෙන්

එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන සංචාරය 2022

490

පාකිස්තාන හිටපු අගමැති Imran Khanට එල්ල වූ වෙඩි ප්‍රහාරය පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියකට සහභාගී වීමට සිටින තමන්ව කලකිරීමකට ලක් කළ බව එංගලන්ත ක්‍රීඩක Mark Wood ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් ආරක්ෂාව පිළිබඳව කිසිදු ගැටලුවක් ඇති නොවන බවට එංගලන්ත සහ පාකිස්තාන ක්‍රිකට් ආයතන තමන් විශ්වාස කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

අප්‍රේල් මාසයේ පාකිස්තාන අගමැති ධුරයෙන් ඉවත් වූ Imran Khan හට පසුගිය දා පැවති රැළියක දී වෙඩි ප්‍රහාරයක් එල්ල වුනා.

පසුගිය දා පැවති විස්සයි විස්ස තරගාවලිය සඳහා එංගලන්තය පාකිස්තානයට ගිය අතර ඔවුන්ගේ ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

“ඇත්තටම ඒක හොඳ දෙයක් නෙවේ. ඒ වගේම ඔහු හිටපු ක්‍රීඩකයෙක්. ඒ නිසා අපිට ගොඩක් සමීපයි. ඒ නිසා ඒක අපිට ඇසුණු දුක් බර පුවතක්. ඒ වගේම අපි ගිය පාර එහේ ගියාම තිබ්බ ආරක්ෂාව ඇත්තටම හොඳයි. එයාලා අපි ගැන ගොඩක් හොයලා බැලුවා. ඒත් බොරු කියන්න ඕනේ නෑ එහෙට යන එක ගැන දැන් ටිකක් කනගාටු වෙනවා.

නමුත් ඒක ගැන තීරණය ගන්න එක මට ඉහළින් ඉන්න නිලධාරීන්ට අදාළ දෙයක්. අපි ඒ වගේ වාතාවරණයක් තියෙන රටකට යන එක ගැන කනගාටුවක් තියෙනවා.

ඒත් ඒක එයාලගේ රට ඇතුළේ ප්‍රශ්නයක් මිසක් අපි එක්ක නොවන නිසා අපි අපේ ආරක්ෂක සඟයන් කියන දේ කරනවා.”

එංගලන්ත සහ නවසීලන්ත කණ්ඩායම් පසුගිය වසරේ පාකිස්තානය යාමට ආරක්ෂක හේතූන් මත ප්‍රතික්ෂේප කළා.

Times of India ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<