ඩිල්ශාන්ගෙන් World Giantsට එරෙහිව වටිනා ඉනිමක්

Legends league Cricket 2023

4895
Tillakaratne Dilshan made a contribution

Legends league Cricket තරගාවලියේ තෙවැනි තරගය ලෙස ඊයේ (13) Asia Lions සහ World Giants කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් ලකුණු 35ක ජයක් ලබා ගැනීමට Asia Lions සමත් වුනා.

තරගයට අයහපත් කාලගුණයෙන් බාධා ඇති වීම නිසා එක් ඉනිමක් පන්දුවාර දහයකට සීමා වූ අතර කාසියේ වාසිය දිනා ගත් World Giants නායක Aaron finch විසින් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව Asia Lions වෙත පිරිනැමුවා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් Lions නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 99ක් ලබා ගැනීමට සමත් වූ අතර එහි දී Misbah-ul-Haq විසින් වේගවත් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුනා.

ඊට අමතරව කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ශාන් පන්දු 24කින් ලකුණු 33ක්ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම තිසර පෙරේරා විසින් Lions ඉනිමට ලකුණු 10ක් එකතු කළා.

පසුව World Giants විසින් ලකුණු 100ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අතර ඔවුන්ට පහසුවෙන් ලකුණු හඹා යාමට Lions පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. Giants වෙනුවෙන් Chris Gayle පමණක් ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට සමත් වූ අතර Abdur Razzak සහ Shahid Afridi විසින් කඩුලු 2 බැගින් ද, Sohail Tanvir විසින් එක් කඩුල්ලක් ද බිඳ හෙළමින් Giants ඉනිම පන්දුවාර 10 තුල කඩුලු 5කට ලකුණු 64කින් සීමා කිරීමට සමත් වුනා.

මෙම තරගයේ දී Asia Lions නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් තිලකරත්න ඩිල්ශාන් සහ තිසර පෙරේරාට අමතරව උපුල් තරංග ක්‍රීඩා කළත් ඔහුට දස්කම් අතරට පැමිණීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ඒ අනුව පිට පිටම තරගාවලියේ දෙවැනිට මුහුණ දුන් තරගයත් ජයග්‍රහණය කිරීමට Aisa Lions කණ්ඩායම සමත් වූ අතර මෙම ජයග්‍රහණය සමඟ ඔවුන් Legends league Cricket තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටීමටත් සමත් වෙනවා.

තරගාවලියේ සිව්වැනි තරගය අද Asia Lions සහ India Maharajas කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

Legends league Cricket තරගාවලියේ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<