හිටපු පාකිස්තාන නායකයාට වෙඩි තබයි

214

1992 ක්‍රිකට් ලෝක කුසලානය පාකිස්තානයට දිනා දීමට නායකත්වය දුන් හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සහ හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍යවරයකු වූ Imran Khanට ඊයේ (03) දිනයේ වෙඩි තබා තිබෙනවා.

Imran khan විසින් ඊයේ දිනයේ දී සහභාගී වූ උද්ඝෝෂණ රැළියක දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර එයින් ඔහුගේ පාදයේ යට පෙදෙසට තුවාල සිදු වී ඇතත් ජීවිත තර්ජනයක් නොමැති බව CBS පුවත් සේවය වාර්තා කරනවා.

Imran khanගේ දේශපාලන පක්ෂය වන PTI හී ජ්‍යෙෂ්ඨ උප සභාපති එය පැහැදිලිවම ඝාතන තැතක් බව පවසා සිටියා.

“එය පැහැදිලිවම ඝාතන තැතක්, එතන හිටපු මිනිස්සු ප්‍රහාරකයා ව නතර නොකළා නම් PTI හී සියලු නායකත්වය අතුගෑවිලා යන්න තිබුණා,” උප සභාපති Fawad Chaudhry එසේ පැවසුවා.

පසුගිය අප්‍රේල් මාසයේ විරුද්ධ පක්ෂ එක් වී Imranට විරුද්ධව දියත් කළ විශ්වාසභංගයකින් ඔහුව අගමැති තනතුරින් නෙරපා හැරීමට සමත් වූ අතර, එයින් පසු Imran විසින් ආණ්ඩුව හැකි ඉක්මනින් විසුරුවා හැර කඩිනම් මැතිවරණයක් පැවැත්විය යුතු බව පවසමින් විරෝධතා රැළි සංවිධානය කළා.

ඊයේ සිදු වීමට පාදක වූ රැළිය ද එවැනි එකක් වූ අතර එය ලාහොර් සිට ඉස්ලමාබාද් වෙත ගමන් ගනිමින් සිටි රැළියකි. එම රැළිය අතර මැද Wazirabad හිදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ඒ සමඟින්ම Imran ව වහා රෝහල් ගත කර තිබෙනවා.

මේ අතර මීට දින කිහිපයකට පෙර පාකිස්තාන පොලිසිය විසින් Imran Khan නමට එරෙහිව ත්‍රස්තවාදී චෝදනා පවා එල්ල කර ඇති බව ද වාර්තා වෙනවා.

සියලු ක්‍රීඩා තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

CBS පුවත් සේවය ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<