Home Sinhala වසර 6කට පසුව ඇතුගල්පුර එක්දින මහා තරගයේ ජය මලියදේවයට

වසර 6කට පසුව ඇතුගල්පුර එක්දින මහා තරගයේ ජය මලියදේවයට

25 වැනි එක්දින මහා තරගය

277
25 වැනි එක්දින මහා තරගය

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය අතර පැවති 25 වැනි එක්දින මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 104ක ජයක් ලබා ගන්නට මලියදේව කණ්ඩායම අද (26) සමත් වුනා.

වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයේ කාසියේ වාසිය ජය ගත් මලියදේව නායක අමේෂ් තෙන්නකෝන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

පළමු කඩුල්ල ලෙස ජයමින් මුතුකුමාරණ දැවී යාමට පසුව පිටියේ එක්වූ අමේෂ් තෙන්නකෝන් සහ පසිඳු මේනක දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86ක සබඳතාවයක් එක් කරමින් මලියදේව ලකුණු සටහන ස්ථාවර කළ අතර ඔවුන් දෙදෙනාගේ සබඳතාවය සාන්ත ආනා කණ්ඩායමට විශාල හිසරදයක් වුනා.

කෙසේ නමුත් අවසානයේ දී ඔවුන්ගේ මැදපෙළ සහ පසුපෙළ කඩුලු ඉක්මනින් දවා ගැනීමට යශ්මිත් ජයසුන්දර ඇතුළු සාන්ත ආනා ක්‍රීඩකයින් සමත් වුනා. අමේෂ්ට අමතරව ගයන සහ පසිඳු පිළිවෙළින් ලකුණු 41ක් සහ ලකුණු 40ක් ලබාගෙන දස්කම් දැක්වූවා.

අවසානයේ දී ඔවුන් සිය නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු සියල්ලම දැවී ලකුණු 214ක් ලබා ගත්තේ දැවැන්ත සහ අභියෝගාත්මක ලකුණු සටහනක් නිර්මාණය කරමිනි.

ලකුණු 215ක ඉලක්කයක් හඹා ගිය මලියදේව කණ්ඩායමට පළමු පන්දුවාරයේ සිටම පීඩනය ගොඩනැංවීමට මලියදේව දඟපන්දු යවන්නන් සමත් වුනා. අංක 4 පිතිකරු ලෙස ක්‍රීඩා කළ ආධිත්‍ය නිර්වාන් ලබා ගත් ලකුණු 20 හැරෙන්නට අනෙක් එකඳු හෝ ක්‍රීඩකයෙක් හට ලකුණු 20 සීමාව අභිබවා යන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

පන්දු යැවීමේ දී වයස අවුරුදු 15ක් වන දිමත් අබේසිංහ ලකුණු 13කට කඩුලු 4ක් දවා ගත් අතර චාරුක හේරත් සහ කඩුලු 2ක් දවාගෙන දස්කම් දැක්වූවා.

ඒ අනුව මේ තරගය ලකුණු 104කින් ජය ගත් මලියදේව විද්‍යාලය මෙහි එක්දින මහා තරගයක් ජය ගැනීමට සමත් වුනේ වසර 6කට පසුව වීම කැපී පෙනුණා.

  • මලියදේව විද්‍යාලය – 214 (50): 214 (50): අමේෂ් තෙන්නකෝන් 51 (78), ගයන වීරසිංහ 41 (57), පසිඳු මේනක 40 (75), යෂ්මින් ජයසුන්දර 3/33
  • සාන්ත ආනා විද්‍යාලය – 110 (37.3): ආධිත්‍ය නිර්වාන් 20 (54), දීමත් අබේසිංහ 4/13, චාරුක හේරත් 2/9, ගයන වීරසිංහ 1/20

මලියදේව විද්‍යාලයට ලකුණු 106ක ජයක්

  • තරගයේ වීරයා – ගයන වීරසිංහ (මලියදේව විද්‍යාලය)
  • දක්ෂතම පිතිකරු – අමේෂ් තෙන්නකෝන් (මලියදේව විද්‍යාලය)
  • දක්ෂතම පන්දු යවන්නා – දිමත් අබේසිංහ (මලියදේව විද්‍යාලය)
  • දක්ෂතම පන්දු රකින්නා – බුද්ධිම නන්දසිරි (සාන්ත ආනා විද්‍යාලය)

Result


Maliyadeva College
214/10 (50)

St. Anne’s College
110/10 (37.3)

Batsmen R B 4s 6s SR
Jayamin Muthukumarane b Baseer Shakeel 12 18 1 0 66.67
Pasindu Menaka c Yomesh Subasinghe b Geethika De Silva 40 75 4 0 53.33
Amesh Thennakoon c Yomesh Subasinghe b Kevin Nanayakkara 51 78 1 0 65.38
Gayana Weerasingha c Geethika De Silva b Baseer Shakeel 41 57 2 0 71.93
Chamath Hettiarachchi c B M Buddhika Sasanka Bandara b Geethika De Silva 9 14 1 0 64.29
Chandupa Iduwara c B M Buddhika Sasanka Bandara b Kevin Nanayakkara 4 7 1 0 57.14
Ushan Bimsara c Manaan Muzammil b Yashmin Jayasundara 13 19 1 0 68.42
Charuka Herath lbw b Yashmin Jayasundara 6 7 0 0 85.71
Dimath Abeysinghe not out 10 14 1 0 71.43
Themiya Missaka b Yashmin Jayasundara 0 4 0 0 0.00
Arjun Sathsara run out (Kalindu Wijesingha) 4 8 0 0 50.00


Extras 24 (b 20 , lb 4 , nb 0, w 0, pen 0)
Total 214/10 (50 Overs, RR: 4.28)
Bowling O M R W Econ
Geethika De Silva 9 0 45 2 5.00
Baseer Shakeel 7 0 26 2 3.71
Yashmin Jayasundara 10 1 33 3 3.30
Manaan Muzammil 6 0 22 0 3.67
Kevin Nanayakkara 10 0 43 2 4.30
Yomesh Subasinghe 2 0 12 0 6.00
Kalindu Wijesingha 6 0 29 0 4.83


Batsmen R B 4s 6s SR
B M Buddhika Sasanka Bandara c Chandupa Iduwara b Dimath Abeysinghe 12 11 2 0 109.09
Yashmin Jayasundara run out (Arjun Sathsara) 14 56 0 0 25.00
Mahima Kotuwila c Amesh Thennakoon b Gayana Weerasingha 5 15 0 0 33.33
Adithya Nirwan b Dimath Abeysinghe 20 54 0 0 37.04
Yomesh Subasinghe run out (Dimath Abeysinghe) 6 13 0 0 46.15
Manaan Muzammil b Dimath Abeysinghe 12 24 0 0 50.00
Kalindu Wijesingha c Chamath Hettiarachchi b Dimath Abeysinghe 13 33 1 0 39.39
Chamith Sasenjana b Charuka Herath 5 7 0 0 71.43
Kevin Nanayakkara run out (Ushan Bimsara) 0 4 0 0 0.00
Baseer Shakeel lbw b Charuka Herath 0 2 0 0 0.00
Geethika De Silva not out 2 6 0 0 33.33


Extras 21 (b 9 , lb 0 , nb 0, w 12, pen 0)
Total 110/10 (37.3 Overs, RR: 2.93)
Bowling O M R W Econ
Gayana Weerasingha 4 0 20 1 5.00
Dimath Abeysinghe 7 0 13 4 1.86
Chamath Hettiarachchi 1 0 5 0 5.00
Charuka Herath 6.3 2 9 2 1.43
Arjun Sathsara 10 1 24 0 2.40
Ushan Bimsara 7 0 27 0 3.86
Themiya Missaka 2 0 8 0 4.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<