යුපුන් මීටර් 100 අවසන් පූර්ව වටයට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

437

Birmingham හිදී පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ධාවන ශූර යුපුන් අබේකෝන් එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අද (02) සමත් වුනා.

සිය ඉසව්වේ මූලික වටයේ හයවැනි තරගයට සහභාගී වූ යුපුන් අබේකෝන් එම ඉසව්ව තත්පර 10.06ක කාලයකින් අවසන් කළේ පළමුවැන්නා ලෙසයි.

ඒ සමඟින් ඔහු එම ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (03) රාත්‍රි 11.40ට පැවැත්වීමට නියමිතයි.

මූලික තරග 10කින් සමන්විත වූ පිරිමි මීටර් 100 ඉසව්වේ එක් එක් මූලික තරගයේ පළමු ස්ථාන දෙක දිනා ගන්නා ක්‍රීඩකයින් සහ ඉන්පසුව ඇති වේගවත් කාලයන් හතට හිමි ක්‍රීඩකයින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

අද (02) දිනයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 800 මූලික තරගයට සහභාගී වීමට නියමිත අතර ඇය සහභාගී වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.20ට පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාලසටහන

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සියලුම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com  සූදානම්. රැඳී සිටින්න ThePapare.com  සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<