ඉසිත විශිෂ්ට පන්දු යැවීමක

Major Clubs T20 Tournament 2024

95

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (12) දිනයෙන් ආරම්භ වුනා.

අද දිනයේ දී A සහ B කාණ්ඩ යටතේ තරග හතරක් ක්‍රියාත්මක වුනත් ඉන් තීරණයක් ලැබුණේ එක් තරගයක දී පමණයි. 

මහනුවර සහ බ්ලූම්ෆීල්ඩ් අතර පැවැත්වුණු තරගයෙන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය කඩුලු 5ක ජයග්‍රහණයක් හිමි කර ගනිද්දී, අනෙක් තරග ත්‍රිත්ව ම වර්ෂාව නිසා විසඳුමක් රහිතව අවසන් වුනා. 

අද දිනයේ ක්‍රියාත්මක වූ තරගවල දී බ්ලූම්ෆීල්ඩ් වෙනුවෙන් ඉසිත විජේසුන්දර කඩුලු 3ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුනා. 

මීට අමතරව කුරුණෑගල ක්‍රීඩා සමාජය වෙනුවෙන් අරවින්ද ප්‍රේමරත්න කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා. 

Bloomfield සහ Kandy CCC අතර 

(පනාගොඩ දී) 

  • kandy – 78/10 (16.3) තෙවිඳු දික්වැල්ල 25, ඉසිත විජේසුන්දර 3/5, සචිත ජයතිලක 2/12 
  • Bloomfield – 81/5 (13.5) තරින්ද ගුරුගේ 32, ලහිරු මදුශංක 25, Asjath Khan 3/17 

Bloomfield ක්‍රීඩා සමාජයට කඩුලු 5ක ජයක්. 

Colombo CC සහ Nugegoda SWC  

  • Colombo CC – 52/3 (5.3)  

තරගයේ තීරණයක් නැහැ. 

පොලිස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර තරගය අත් හැර දැමුවා. 

පානදුර සහ කුරුණෑගල අතර 

  • පානදුර – 81/5 (15)  

තරගයේ තීරණයක් නැහැ. 

තරගාවලියේ තවත් තරග හතරක් හෙට (13) දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතයි. 

තරගාවලිය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<