හිටපු රග්බි පුහුණුකරු ජෝර්ජ් සිම්ප්කින් අභාවප්‍රාප්ත වෙයි

91
George Simpkin

ලෝක රග්බි ක්‍රීඩාවේ දක්ෂ හා ජනප්‍රිය ‍රග්බි නායකයෙකු හා පුහුණුකරුවෙකු වූ ජෝර්ජ් සිම්ප්කින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ හැමිල්ටන් හි පිහිටි ඔහුගේ පවුලේ නිවසේ දී.

කලක සිට පිළිකාවක් නිසා පීඩා විදිමින් සිටි ඔහුගේ අභාවයත් සමඟින් සමස්ත ‍රග්බි සහෝදරත්වය ශෝකයට පත්ව තිබේ. ඔහු අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 77කි.

නව නායකත්වයක්, වෙනස්ම ගමනක්!

නිමාව දුටු රග්බි ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව All Blacks කණ්ඩායමේ නිත්‍ය..

1988 දී හොංකොං සමඟ තාක්ෂණික අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ මේ වයිකටෝ රග්බි ක්‍රීඩකයා පුහුණුකරු ලෙස කටයුතු කළේය. එහි දී ඔහු හොංකොං කණ්ඩායම ආසියාවේ පෙරමුණට ගෙන ඒමට සමත් විය.

ශ්‍රී ලංකා රග්බි සමඟ සිම්ප්කින්ගේ ගමන ද ආදරණීය කරුණකි. මහනුවර ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙසත් පසුව ජාතික පුහුණුකරු ලෙසත් මෙරටට පැමිණි ඔහු ශ්‍රී ලංකා රග්බි තුල නව යුගයක ආරම්භය සනිටුහන් කළේය.

2000 දශකයේ මුල් භාගයේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සඳහා අනාගත කුසලතා හඳුනා ගත් ප්‍රථමයා සිම්ප්කින් වන අතර ජාතික කණ්ඩායම හා සත් සාමාජික රග්බි කණ්ඩායමේ සංචිත සංවර්ධනය කිරීමේ ප්‍රමුඛයා විය.

ශ්‍රී ලාංකික රග්බි පුරාවෘත්තය ‘බණ්ඩේ’

පසුගිය දා ThePapare.com විසින් තම ප්‍රියතම ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා රග්බි සංචිතය..

2003 සිට 2009 දක්වා ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව සිම්ප්කින් අතින් සමෘධිමත් වූ අතර එය ක්‍රීඩාවේ බොහෝ සාර්ථකත්වයට මග පෑදීය. මෙම කාලය තුල ශ්‍රී ලංකාව වැදගත් ජයග්‍රහණ කිහිපයක් වාර්තා කළ අතර ඔවුන්ගේ ක්‍රීඩා විලාශය නව මානයක් කරා ගෙන ගියේ රග්බි පිටිය තුල යෝධ කණ්ඩායම් වලට පවා අභියෝග කරමිනි.

ඔහුගේ පූර්ණ කාලීන රැකියාවෙන් පසු, 2012 වසරේ දී ඔහු උපදේශන තනතුරක් සමඟින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව සඳහා සහාය විය.

“සිම්ප්කින් තමා පළමු වරට මගේ දක්ෂතා දුටු පුහුණුකරු. ඔහු 2003 දී මාව ජාතික සංචිතයට ගෙන ආවා” යනුවෙන් ෆාසිල් මරිජා සිම්ප්කින් පිළිබඳව විස්තර කළේය. ෆාසිල් මරීජාගේ හා සිම්ප්කින්ගේ හැඳුනුම්කම ෆාසිල්ගේ මුල් අවධිය දක්වා විහිදී යන්නකි.

රග්බි සහෝදරත්වයට ඔවුන්ගේ ආදරණීය පුහුණුකරුගේ පැමිණීම නිසැකවම මග හැරෙනු ඇත. නමුත් ඔහු තම සිසුන්ට ලබා දුන් ඉගැන්වීම් දිගටම ජීවත් වනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<