කැන්ගරු දේශයේ අණසක පතුරුවන්නට සැරසෙන සිංහ ධේනුවන්

84

එක්දින ලෝක ශූරියන් ලෙස කිරුළ පැලඳූ එංගලන්ත කණ්ඩායම මොහොතකට නිරුත්තර කරමින් විස්සයි විස්ස ලෝක කුසලානයට පෙරාතුව පැවති පුහුණු තරගය අතරතුර දී චමරි අතපත්තු දියත් කළ ප්‍රවේගකාරි ඉනිම මේ වන විට බොහෝ දෙනාගේ වැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබෙන්නේ ඇයගේ පිතිහරඹය දැනටමත් ලොව ප්‍රබල කණ්ඩායම් රැසකටම විශාල අභියෝගයක් වී ඇති නිසා බව නොරහසක් බැවිනි.

චමරි – ශෂිකලා සුසංයෝගය ඉදිරියේ ප්‍රබල එංගලන්තය දණ නමයි!

ළඟ ළඟම එන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන නව බලාපොරොත්තුවක්…

එංගලන්ත කණ්ඩායමට අන්ත පරාජයක් උරුම කරදෙමින් කඩුලු 10කින් පුහුණු තරගය ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි විස්ස ලෝක කුසලානයට අවශ්‍ය ජයග්‍රාහී මානසිකත්වය සකසා ගත්තේ මෙවර තරගාවලියේ යම් පෙරළියක් සිදු කිරීමේ දැඩි අධිෂ්ඨානයෙනි. 

එහි දී කණ්ඩායම මෙහෙයවීමේ භාරධූර වගකීම ද නිසියාකාරව ඉටු කරමින් ක්‍රීඩිකාවක වශයෙන් ද තම දායකත්වය උපරිමයෙන් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දීමට චමරි අතපත්තු හට හැකි වූයේ පිත්තෙන් වේගවත් ලකුණු 78ක් සහ පන්දුවෙන් ප්‍රතිවාදි කඩුලු තුනක් බිඳ හෙලමිනි.

එම ජයග්‍රහණයෙන් ලද පන්නරයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හෙට (22) දිනයේ දී මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ තම පළමු තරගය නවසීලන්තයට එරෙහිව තරග වැදීමට අපේක්ෂාවෙන් පසුවන අතර නවසීලන්ත වේගපන්දුවෙන් එල්ල විය හැකි ප්‍රබල අභියෝගය පිළිබඳව හඬ අවදි කළ චමරි අතපත්තු කියා සිටියේ Lea Tahuhu ප්‍රමුඛ නවසීලන්ත වේගපන්දු බලඇණියට තම පිත්තෙන් හොඳ හැටි සංග්‍රහ කිරීමට නොඉවසිල්ලෙන් පසුවන බවයි.

“Tahuhu කියන්නේ දැනට ඉන්න වේගයෙන්ම පන්දුයවන ක්‍රීඩිකාවන් අතරින් කෙනෙක්. ගොඩක් වෙලාවට ඇයගේ වේග පන්දුවට මුහුණ දෙන්න ක්‍රීඩිකාවෝ තරමක් අදි මදි කරනවා මොකද Tahuhuට හැකියාව තියෙනවා ඕනෑම වෙලාවක පැයට කි.මි.120ට වැඩි වේගයෙන් පන්දුව එල්ල කරන්න. ඒ වගේම එයලාගේ අනෙක් පන්දු යවන්නොත් ඉතාමත් හොඳින් පන්දුකරණයේ නියැලෙනවා.”

ICC කැලැන්ඩරයෙහි ප්‍රබල වෙනසක් සිදුවන ලකුණු!

ක්‍රිකට් දින පොත යාවත්කාලීන කරමින් ලෝක මට්ටමින් පැවැත්වෙන තවත් ප්‍රධාන පෙළේ තරගාවලි..

“එංගලන්තයට එරෙහි තරගයේ දී මම අමුතුවෙන් වෙනස් දේවල් කරන්න ගියේ නැහැ. මම හොඳ විශ්වාසයකින් පන්දුවට පහර දුන්නා මොකද තණතීරුවේ සහයත් එක්ක පන්දුව හොඳින් පිත්තට ගලාගෙන ආවා. ඕස්ට්‍රේලියානු තණතිලිවල පන්දුවේ ඉපිලීම තරමක් වැඩි නිසා ඒක පිතිකරුවන්ට වාසියක් විදියට හරවා ගන්න පුළුවන්. අවසන් වතාවට ඕස්ට්‍රේලියාවේ තරග සංචාරය කරපු වෙලාවේ දි ශතක දෙකක් රැස් කරන්න මට පුළුවන් වුන නිසා මට පන්දුව තෝරා බේරා ගෙන පහර දෙන්න තවත් පහසු වේවි කියලා හිතනවා.”

මෙවර සංචිතය සඳහා නම්කොට ඇති ක්‍රීඩිකාවන් අතරින් විස්සයි විස්ස තරග ආකෘතියෙහි වැඩිම අත්දැකීම් සම්භාරයක් සතු තරගකාරිනිය ලෙස චමරි අතපත්තුගේ නාමය ඉහළින්ම කියැවෙන අතර ඇය මේ දක්වා පවත්වා ඇති සියලුම විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන අදියරයන් සඳහා සහභාගී වී තිබෙන්නේ බිග් බෑෂ්, සුපර් ලීග් වැනි අනෙකුත් ප්‍රධාන පෙළේ ලීග් තරගාවලි සඳහා ද ඇයගේ සේවය ලබා දෙමිනි.

“මේ මගේ හත්වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය. මෙතෙක් කල් ශ්‍රී ලංකාව නියෝජනය කරලා ජාත්‍යන්තර තලයේ ලබාගෙන තියෙන තරග අත්දැකීම් සියල්ලත් එක්කම ගත්තට පස්සේ යොවුන් ක්‍රීඩිකාවන් එක්ක බෙදා හදා ගන්න ගොඩක් දේවල් තියෙනවා කිව්වොත්මම නිවැරදි.”

“මට මගේ කණ්ඩායම ගැන හොඳ විශ්වාසයක් තියෙනවා මොකද මෙතන ඉන්නේ හැකියා දක්ෂතාවන්ගෙන් පරිපූර්ණ ක්‍රීඩිකාවන් පිරිසක්. මගේ වගකීම තමයි කණ්ඩායමේ නායිකාව විදියට සියලු දෙනාවම ඒකරාශී කරගෙන කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීම. මම ඒ සඳහා සූදානම් වගේම අපි හොඳින් තරග කරලා මේ පාර දැනෙන වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<