නවෝද් සහ මලිත්ගෙන් කඩුලු ත්‍රිත්ව

Major Club Limited Over Tournament 2022

784

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අද (24) අවසන් වූ අතර එහි දී නවෝද් පරණවිතාන සහ මලිත් ද සිල්වා කඩුලු ත්‍රිත්වයන් වාර්තා කිරීම කැපී පෙනුණා.

Tamil Union කණ්ඩායමේ 20 හැවිරිදි වමතින් දඟපන්දු යවන නවෝද් පරණවිතාන ප්‍රතිවාදී Bloomfield කණ්ඩායමේ ලසේන් ගුණරත්න, නිමේෂ් තරිඳු සහ චානක කොමසාරු දවා ගනිමින් කඩුලු ත්‍රිත්වය වාර්තා කළා.

ඔහු ඉනිම අවසන් වන විට ලකුණු 08කට කඩුලු 6ක් දවා ගනිමින් තම පළමු පෙළ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම ද වාර්තා කළා.

ඊට අමතරව Police ක්‍රීඩක 30 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන මලිත් ද සිල්වා Kalutara Town Club ක්‍රීඩක ටී. වීරසිංහ, දිනෙත් ජයකොඩි සහ ඉෂාර මධුවන්ත දවා ගනිමින් කඩුලු ත්‍රිත්වය වාර්තා කළා.

ලකුණු 28කට කඩුලු 4ක් ලබා ගනිමින් අවසන් කළ ඔහුගේ පන්දු යැවීම තම පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීමයි.

මේ අතර Colts කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් අර්ධ ශතකයක් වාර්තා කරමින් තම පළමු පෙළ එක්දින ලකුණු 1000 සීමාව ඉක්ම වීමට සමත් වුනා.

Ragama ක්‍රීඩක 22 හැවිරිදි දකුණත් පිතිකරු නිශාන් මධුශ්ක පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 108ක් ලබා ගත්තා. එය ඔහුගේ මෙවර තරගාවලියේ වාර්තා කරන ලද දෙවැනි ශතකයයි.

ඊට අමතරව Nugegoda SWC ක්‍රීඩක නයන ප්‍රනාන්දු, BRC කණ්ඩායමේ ඩිලාන් ජයලත් සහ තිලකරත්න සම්පත්, CCC ක්‍රීඩක නිමේෂ ගුණසිංහ සහ පවන්ත වීරසිංහ, Sebastianite කණ්ඩායමේ සචා ද අල්විස් සහ ලොහාන් ද සොයිසා, NCC ක්‍රීඩක ලහිරු උදාර සහ අසේල සිගේරා, Kurunegala Youth කණ්ඩායමේ ගයාන් මනීශාන් සහ ඩිල්ශාන් කොල්ලුරේ, Sri Lanka Navy ක්‍රීඩක මදුර මධුශංක සහ Sri Lanka Army කණ්ඩායමේ සීක්කුගේ ප්‍රසන්න අර්ධ ශතක වාර්තා කළා.

පන්දු යැවීමේ දී Colts කණ්ඩායමේ අකිල ධනංජය සහ Ragama ක්‍රීඩක ඩෙලොන් පීරිස් කඩුලු 5 බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

Group A

Baduraliya SC සහ Colts CC – මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

  • Baduraliya – සියලුම දෙනා දැවී 115 (37.3) තාරක වඩුගේ 23, අනුක් ප්‍රනාන්දු 23, අකිල ධනංජය 5/27, මුදිත ලක්ෂාන් 3/16
  • Colts – කඩුලු 2ක් දැවී 116 (21.2) අවිශ්ක පෙරේරා 26, ධනංජය ලක්ෂාන් නොදැවී 53

Colts කණ්ඩායමට කඩුලු 8ක ජයක්

Bloomfield C & AC සහ Tamil Union C & AC Bloomfield ක්‍රීඩා පිටියේ දී

  • Bloomfield – සියලුම දෙනා දැවී 74 (21.5) තරිඳු ලංකාතිලක නොදැවී 29, කවිඳු පතිරත්න 4/27, නවෝද් පරණවිතාන 6/08
  • Tamil Union – කඩුල්ලක් දැවී 79 (15.2) සිතාර හපුහින්න නොදැවී 22, රොන් චන්ද්‍රගුප්ත 45

Tamil Union කඩුලු 9ක ජයක්

Police SC සහ Kalutara Town Club – පොලිස් ක්‍රීඩා පිටියේ දී

  • Police – සියලුම දෙනා දැවී 163 (49) චාමර සිල්වා 40, අශේන් බණ්ඩාර 46, චතුරංග කුමාර 23, තරිඳු සිරිවර්ධන 2/20, Abhishek Anandakumara 2/22, කෞෂාන් කුලසූරිය 2/50
  • Kalutara Town Club – සියලුම දෙනා දැවී 149 (46.2) Abhishek Anandakumara 28, කනිෂ්ක මධුවන්ත 35, ටී. වීරසිංහ 25, තරිඳු සිරිවර්ධන 23, මලිත් ද සිල්වා 4/28, නදීර බාලසූරිය 3/33, හේෂාන් ධනුෂ්ක 2/02

Police කණ්ඩායමට ලකුණු 14ක ජයක්

Sebastianite C & AC සහ Saracens SC Moors ක්‍රීඩා පිටියේ දී

  • Sebastianite – කඩුලු 9ක් දැවී 272 (50) සචා ද අල්විස් 58, සුචිර පරණතාල 22, Akshdeep Nath 25, සචිත ජයතිලක 35, ලොහාන් ද සොයිසා 57, ගිහාන් ඊබට් 2/51, සඳුන් මෙන්ඩිස් 2/43, කවික ඩිල්ශාන් 2/47, තවීෂ අභිශේක් 3/19
  • Saracens – කඩුලු 9ක් දැවී 254 (50) සිතාර ගිම්හාන් 28, Fazal Subhan 50, නවිඳු විතානගේ 29, Mohammad Waqas 35, සඳුන් මෙන්ඩිස් 34, තරිඳු ළමාහේවගේ 20, ප්‍රවීන් සඳමාල් නොදැවී 25, තරිඳු රත්නායක 2/25, චමල්ක ද සිල්වා 4/44

Sebastianite ලකුණු 18ක ජයක්

NCC සහ Lankan CC NCC ක්‍රීඩා පිටියේ දී

  • NCC – කඩුලු 7ක් දැවී 243 (50) ලහිරු උදාර 92, අසේල් සිගේරා නොදැවී 61, සචිඳු කොළඹගේ නොදැවී 23, මිරංග වික්‍රමගේ 3/35, සඳුන් අබේවික්‍රම 2/40
  • Lankan – සියලුම දෙනා දැවී 75 (31.2) සදීශ් ජයවර්ධන 24, මිරංග වික්‍රමගේ 22, අසේල් සිගේරා 4/22, නිපුන් රන්සික 2/09

NCC කණ්ඩායමට ලකුණු 168ක ජයක්

Group B

Nugegoda SWC සහ BRC BRC ක්‍රීඩා පිටියේ දී

  • Nugegoda SWC – සියලුම දෙනා දැවී 151 (34.3) පැතුම් මධුශංක 25, නයන ප්‍රනාන්දු 69, දුවිඳු තිලකරත්න 4/26, දුශාන් හේමන්ත 3/35
  • BRC – කඩුල්ලක් දැවී 155 (14.5) ඩිලාන් ජයලත් නොදැවී 85, තිලකරත්න සම්පත් 50

BRC කණ්ඩායමට කඩුලු 9ක ජයක්

Ragama CC සහ Kandy Customs CC – තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී

  • Ragama – සියලුම දෙනා දැවී 216 (50) නිශාන් මධුශ්ක 108, ජනිත් ලියනගේ 27, ඉෂාන් ජයරත්න 22, අරුල් ප්‍රගාසම් 2/51, අයේෂ් හර්ෂණ 2/48, පසන් පෙතන්ගොඩ 3/42
  • Kandy Customs – සියලුම දෙනා දැවී 97 (30.4) අකීල් ඉන්හාම් 32, සළිඳු පතිරණ 22, ශෂික දුල්ශාන් 2/28, ඩෙලොන් පීරිස් 5/13

Ragama ලකුණු 119ක ජයක්

Galle CC සහ CCC CCC ක්‍රීඩා පිටියේ දී

  • Galle – සියලුම දෙනා දැවී 190 (45.3) තරිඳු අමරසිංහ 34, හරීන් බුද්ධිල 47, නුවන් ප්‍රියදර්ශන 21, මාලින්ද පුෂ්පකුමාර 4/30, අශාන් ප්‍රියංජන් 2/43, වනිඳු හසරංග 2/38
  • CCC – කඩුල්ලක් දැවී 193 (25.1) නිමේෂ ගුණසිංහ නොදැවී 80, පවන්ත වීරසිංහ 87

CCC කණ්ඩායමට කඩුලු 9ක ජයක්

Kurunegala Youth CC සහ Sri Lanka Navy SC – වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී

  • Kurunegala Youth – කඩුලු 5ක් දැවී 218 (50) ගයාන් මනීශාන් 94, ඩිල්ශාන් කොල්ලුරේ 56, ලහිරු ජයරත්න 44, ඩිලංක අවර්ඩ්ට් 2/53
  • Navy – කඩුලු 5ක් දැවී 221 (44.4) සචිත්‍ර සේනානායක 45, සුපුන් ලීලාරත්න 29, මදුර මධුශංක නොදැවී 74, සහඟ විජේවර්ධන 26, ලහිරු ජයරත්න 2/56, මධුරංග නවීන් 2/29

Navy කණ්ඩායමට කඩුලු 5ක ජයක්

Panadura SC සහ Sri Lanka Air Force SC – කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී

  • Panadura – සියලුම දෙනා දැවී 139 (44) නිමේෂ් විමුක්ති 34, මොවින් සුබසිංහ 2/20, දුලංජන මෙන්ඩිස් 2/25, දේශාන් ප්‍රනාන්දු 4/35
  • Air Force – කඩුලු 6ක් දැවී 140 (45.4) රජිත රත්නායක 36, ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 33, කොෂාන් ධනුශ්ක 2/16, නිමේෂ් විමුක්ති 2/32

Air Force කණ්ඩායමට කඩුලු 4ක ජයක්

Negombo CC සහ Sri Lanka Army SC – පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • Negombo – සියලුම දෙනා දැවී 133 (28.2) ඩිල්ශාන් මුණවීර 28, Mizanur Rahman 24, Jatin Saxena 22, සඳරුවන් චින්තක 22, අසංක මනෝජ් 2/25, ගයාන් බණ්ඩාර 2/25, සීක්කුගේ ප්‍රසන්න 2/21, සුමින්ද ලක්ෂාන් 4/26
  • Army – කඩුලු 5ක් දැවී 135 (11.5) සීක්කුගේ ප්‍රසන්න 61, තිසර පෙරේරා නොදැවී 47, ඩිල්ශාන් මුණවීර 2/41, පසිඳු උස්හෙට්ටිගේ 2/30

Army කණ්ඩායමට කඩුලු 5ක ජයක්

මේ වෙද්දී Group A නියෝජනය කරමින් Tamil Union සහ Ace Capital කණ්ඩායම් ද, Group B නියෝජනය කරමින් Army SC සහ CCC කණ්ඩායම් ද අවසන් පූර්ව වටයේ තරග සඳහා සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය Army සහ Ace Capital අතර ද, දෙවැනි අවසන් පූර්ව තරගය Tamil Union සහ CCC අතර ද පැවැත්වීමට නියමිතයි. එම තරග මේ මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ අගෝස්තු 01 වැනිදායි.

තරගාවලියේ උණුසුම් පුවත් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<