2021 ශූරයින්ගේ කුසලානය නෑ

1288

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය 2019-2023 දක්වා කාල පරාසය තුල දී පැවැත්වෙන නව අනාගත තරග සැලසුම් (Future Tours Program) ඉදිරිපත් කළ අතර ඒ අනුව පළමු වරට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියක් සංවිධානය කිරීමට තීරණය කර ඇත.

රටවල් 104කට ජාත්‍යන්තර විස්සයි විස්ස මට්ටම

ඉන්දියාවේ කොල්කටා හී පැවති අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම් මාලාවෙන් අනතුරුව අන්තර් …

2021 පැවැත්වීමට තිබූ ශූරයන්ගේ කුසලානය වෙනුවට ටෙස්ට් ශූරතා තරගාවලිය හා තවත් අමතර විස්සයි විස්ස ලෝක කුසලානයක් පැවැත්වීමට තීරණය කර තිබේ. මේ නව තරගාවලි රටාවන්ට අනුව කණ්ඩයම් 16කට ජාත්‍යන්තර මට්ටමේ තරග වැදීමට අවස්ථාව හිමිවන අතර වසර දෙකක් පුරා පවත්වන කලාපීය තරගාවලි, උප කලාපීය තරගාවලිවලට පසුව  සාමාජික රටවලට ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි වලට සුදුසුකම් ලැබීමේ වරම් මෙන්ම වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමේ වරම් ද හිමි වේ.

“අනාගත තරගාවලි සඳහා සියලු දෙනාම ඒකමතිකව කැමැත්ත පල කිරීම පිළිබඳව මම සියලු සාමාජිකයින්ට ස්තුති කරනවා, ඒ අනුව ටෙස්ට් ලෝක ශූරතාව සහ එක්දින තරගාවලි සියල්ල දැන් ස්ථිර කරන්න පුළුවන්, සාමාජික රටවලට විස්සයි විස්ස තත්වය ලබා දීම නිසා ඇතිවන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ආකෘතිය තුලින් ලෝකය පුරාම ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත වේවි” ICC සභාපති ශාෂන්ක් මනොහර් පැවසිය.

ලෝක කුසලානයේ කාලසටහන නිකුත් වේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 12 වැනි වරටත් පවත්වනු ලබන 2019 ලෝක කුසලාන ක්‍රිකට් …

2019-2023 දක්වා පැවැත්වීමට නියමිත තරගාවලි

  • ICC ලෝක කුසලානය – 2019, 2023
  • ICC විස්සයි විස්ස ලෝක කුසලානය – 2020, 2021
  • ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය (අවසාන තරග) – 2021, 2023
  • ලෝක ටෙස්ට් ශූරතාවලිය

*ICC ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ කාලසීමාව – 2020-2022

සියලු ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස තරග ද මෙම අනාගත තරග සැලැස්මට අයත් වේ.

ICC විධායක මණ්ඩලය විසින් දේශීය පන්දුවාර 20 තරගාවලි පිළිබඳ වූ ඉල්ලීම් පිළිබඳ සලකා බැලූ අතර පන්දුවාර 20 තරගාවලි ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට සුදුසු වුවත් ක්‍රීඩකයින් ජාත්‍යන්තර තරග අතහැර දේශීය පන්දුවාර 20 තරග ක්‍රීඩා කිරීමෙන් ජාත්‍යන්තර තරගවල උණුසුම අඩු වීම වැළැක්වීමට හා සාමාජික රටවලින් නව විස්සයි විස්ස දේශීය තරගාවලි ආරම්භ කිරීමට කළ ඉල්ලීම් ද සලකා බැලීමට කුඩා කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<