නිපුන්, මනෙල්ක සහ සචිත්‍ර දක්ෂතා දක්වයි

Major Club Limited Over Tournament 2022

278

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවති තරගවල දී නිපුන් ධනංජය, මනෙල්ක ද සිල්වා සහ සචිත්‍ර සේනානායක කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.

එහි දී SSC ක්‍රීඩක නිපුන් ධනංජය නොදැවී පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 127ක් ද, Sebastianites ක්‍රීඩක මනෙල්ක ද සිල්වා පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තා.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ Sri Lanka Navy ක්‍රීඩක සචිත්‍ර සේනානායක පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතකයක් වාර්තා කළ අතර පන්දු යැවීමේ දී Panadura කණ්ඩායමට එරෙහිව ලකුණු 27කට කඩුලු 8ක් දවා ගත්තා. එය සචිත්‍රගේ පළමු පෙළ එක්දින තරග 185ක හොඳම පන්දු යැවීමයි.

මේ අතර Sri Lanka Army ක්‍රීඩක හිමාෂ ලියනගේ අර්ධ ශතකයක් ලබා ගනිමින් තම පළමු පෙළ එක්දින තරගවල ලකුණු 1000ක් සම්පූර්ණ කිරීමට සමත් වුනා.

අද පැවති තරගවල දී SSC ක්‍රීඩක ක්‍රිශාන් සංජුල සහ නුවනිඳු ප්‍රනාන්දු, Baduraliya ක්‍රීඩක දුනිත් ජයතුංග, Sebastianites ක්‍රීඩක සචා ද අල්විස් 63, Colts ක්‍රීඩක හෂාන් දුමිඳු සහ ධනංජය ලක්ෂාන්, BRC කණ්ඩායමේ ලහිරු සමරකෝන්, Kandy Customs ක්‍රීඩක නිම්න ප්‍රනාන්දු, Kurunegala Youth කණ්ඩායමේ ගයාන් මනීෂාන්, Negombo කණ්ඩායමේ දිමුත් සඳරුවන්, Galle කණ්ඩායමේ තරිඳු අමරසිංහ, Nugegoda SWC ක්‍රීඩක භාග්‍ය දිසානායක, Sri Lanka Navy ක්‍රීඩක මධුර මධුශංක, Saracens කණ්ඩායමේ උදිත් මධුශාන්, Kalutara Town Club ක්‍රීඩක ටී. වීරසිංහ සහ Tamil Union කණ්ඩායමේ සදීර සමරවික්‍රම අර්ධ ශතක වාර්තා කළා.

විදෙස් ක්‍රීඩකයන් වූ Bloomfield කණ්ඩායමේ Yashpal Singh, Kalutara Town Club ක්‍රීඩක Abhishek Anandakumar සහ Saracens ක්‍රීඩක Fazal Subhan ද අර්ධ ශතක වාර්තා කරද්දී, Sri Lanka Army කණ්ඩායමේ සීක්කුගේ ප්‍රසන්න ද කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුනා.

Group A

Bloomfield C & AC සහ Sebastianites C & AC Bloomfield ක්‍රීඩා පිටියේ දී

Bloomfield – කඩුලු 9ක් දැවී 239 (50) Yashpal Singh 62, ප්‍රශාන් වික්‍රමසිංහ 43, මාධව වර්ණපුර 40, මහෞෂධ ප්‍රනාන්දු 27, තරිඳු ලක්ෂිත නොදැවී 36, සචිත ජයතිලක 2/42, ලොහාන් ද සොයිසා 4/26

Sebastianites – කඩුලු 8ක් දැවී 244 (42.2) සචා ද අල්විස් 63, මනෙල්ක ද සිල්වා 103, තරිඳු රත්නායක 29, චානක කොමසාරු 5/51

Sebastianites කඩුලු 2ක ජයක්


SSC සහ Baduraliya SC – මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

SSC – කඩුලු 5ක් දැවී 326 (50) නිපුන් ධනංජය නොදැවී 127, ක්‍රිශාන් සංජුල 73, නුවනිඳු ප්‍රනාන්දු 85, Zahid Mansoor 2/51

Baduraliya – කඩුලු 7ක් දැවී 224 (50) දුනිත් ජයතුංග 94, Zahid Mansoor 25, අනුක් ප්‍රනාන්දු 27

SSC කණ්ඩායමට ලකුණු 102ක ජයක්


Lankan CC සහ Colts CC Colts ක්‍රීඩා පිටියේ දී

Lankan – සියලුම දෙනා දැවී 171(46.5) කසුන් අබේරත්න 39, සදීශ් ජයවර්ධන 21, ඉෂාන් රංගන 23, ඉසිවර දිසානායක 40, මොහොමඩ් ශිරාෂ් 3/26, මුදිත ලක්ෂාන් 2/19, අකිල ධනංජය 2/44

Colts – කඩුලු 4ක් දැවී 172 (37.4) හෂාන් දුමිඳු 59, ධනංජය ලක්ෂාන් 51, විශාද් රන්දික නොදැවී 27

Colts කණ්ඩායමට කඩුලු 6ක ජයක්


Saracens SC සහ Kalutara Town Club BRC ක්‍රීඩා පිටියේ දී

Saracens – සියලුම දෙනා දැවී 205 (48.1) Fazal Subhan 71, ගිහාන් ඊබට් 31, චමල්ක ප්‍රනාන්දු 24, උදිත් මධුශාන් 35, කෞෂාන් කුලසූරිය 3/19, කනිශ්ක මධුවන්ත 3/45, අභිෂේක් ආනන්දකුමාර් 2/27

Kalutara Town Club – සියලුම දෙනා දැවී 171 (46.2) අභිශේක් ආනන්දකුමාර් 24, ටී. වීරසිංහ 58, සඳුන් මෙන්ඩිස් 3/41, කවික ඩිල්ශාන් 3/19

Saracens ලකුණු 34ක ජයක්


Tamil Union C & AC සහ Moors SC P. Sara Oval ක්‍රීඩා පිටියේ දී

Tamil Union – සියලුම දෙනා දැවී 251 (49.1) සිතාර හපුහින්න 21, ඩිල්රුවන් පෙරේරා 48, සදීර සමරවික්‍රම 69, නවෝද් පරණවිතාන 34, ඉසුරු උදාන 44, ඉම්තියාෂ් ස්ලාෂා 4/42, ප්‍රවීන් ජයවික්‍රම 3/47

Moors – සියලුම දෙනා දැවී 191 (46.5) පබසර වඩුගේ 35, ජනිශ්ක පෙරේරා 44, රිසිර වීරසූරිය 36, ඉම්තියාෂ් ස්ලාෂා 33, ශිරාන් ප්‍රනාන්දු 3/49, දිලුම් සුධීර 2/34, ඉසුරු උදාන 2/22, නවෝද් පරණවිතාන 2/25

Tamil Union ලකුණු 60ක ජයක්

Group B

BRC සහ Kandy Customs CC – පානදුර ක්‍රීඩා පිටියේ දී 

BRC – සියලුම දෙනා දැවී 198 (47.1) ඩිලාන් ජයලත් 33, මෝදිත රණතුංග 37, ලහිරු සමරකෝන් 63, අරුල් ප්‍රගාසම් 3/29, මෙතූශ තිළිණ 2/39, අයේෂ් හර්ෂණ 3/29

Kandy Customs – සියලුම දෙනා දැවී 182 (40.2) අකීල් ඉන්හාම් 39, සළිඳු පතිරණ 25, නිම්න ප්‍රනාන්දු නොදැවී 53, මිතුන් ජයවික්‍රම 21, තිලිකරත්න සම්පත් 2/17, දුවිඳු තිලකරත්න 4/32, ලහිරු සමරකෝන් 2/51, මල්ක මධුශංක 2/43

BRC කණ්ඩායමට ලකුණු 16ක ජයක්


Kurunegala Youth CC සහ Negombo CC – කටුනායක FTZ ක්‍රීඩා පිටියේ දී

Kurunegala Youth – සියලුම දෙනා දැවී 142 (41.5) ගයාන් මනීෂාන් 68, දනුෂ්ක සඳරුවන් 4/24, පසිඳු උස්හෙට්ටිගේ 3/18

Negombo – කඩුලු 8ක් දැවී 147 (39.5) Jatin Saxena 33, දිමුත් සඳරුවන් 53, සුදර්ශන ප්‍රනාන්දු 21, මධුරංග නවීන් 3/24, ලහිරු ජයරත්න 2/36, යොහාන් මද්දගේ 2/23

Negombo CC කණ්ඩායමට කඩුලු 2ක ජයක්


Galle CC සහ Nugegoda SWC – මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී

Galle – සියලුම දෙනා දැවී 174 (42.3) තරිඳු අමරසිංහ 77, හරීන් බුද්ධිල 20, අරවින්ද ප්‍රේමරත්න 4/17, සහන් නානායක්කාර 2/45

Nugegoda SWC – කඩුලු 8ක් දැවී 177 (48.2) භාග්‍ය දිසානායක 52, නයන ප්‍රනාන්දු 25, රනිත ලියනාරච්චි 57, හරීන් බුද්ධිල 2/46, සුභානු රාජපක්ෂ 4/36

Nugegoda SWC කණ්ඩායමට කඩුලු 2ක ජයක්


Chilaw Marians CC සහ Ragama CC – තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී

Chilaw Marians – සියලුම දෙනා දැවී 129 (27.1) රවීන් යසස් 22, චමෝද් සඳරු 27, ඉෂාන් ජයරත්න 2/28, බිනුර ප්‍රනාන්දු 3/15, ජනිත් ලියනගේ 2/24, ජනක සම්පත් 2/17

Ragama – කඩුලු 7ක් දැවී 130 (29.4) ජනිත් ලියනගේ 49, අවිශ්ක තරිඳු 27, ඩෙලෝන් පීරිස් 21, අවිඳු තීක්ෂණ 4/29, රවීන් යසස් 2/27

Ragama CC කණ්ඩායමට කඩුලු 3ක ජයක්


Sri Lanka Navy SC සහ Panaduara SC – වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී

Navy – සියලුම දෙනා දැවී 243 (49.5) සචිත්‍ර සේනානායක 59, ඔමේෂ් මෙන්ඩිස් 39, මධුර මධුශංක 67, අවින්ද අකුරුගොඩ 22, ධනුෂ්ක රණසිංහ 2/47, නිමේෂ් විමුක්ති 2/37, තරිඳූ කෞෂාල් 2/46, සංජය චතුරංග 2/52

Panaduara – සියලුම දෙනා දැවී 136 (29.2) කෝසල රවිඳු 41, ලක්ෂාන් රොද්‍රිගෝ 28, ඩිලංක අවර්ඩ්ට් 2/39, සචිත්‍ර සේනානායක 8/27

Sri Lanka Navy කණ්ඩායමට ලකුණු 106ක ජයක්


Sri Lanka Army SC සහ Sri Lanka Air Force SC – කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී

Army – කඩුලු 9ක් දැවී 185 (50) හිමාෂ ලියනගේ 59, මහේෂ් කුමාර 30, සුමින්ද ලක්ෂාන් 42, පැතුම් බොතේජු 26, ගයාන් සිරිසෝම 4/26, දේශාන් ප්‍රනාන්දු 3/41

Air Force – සියලුම දෙනා දැවී 76 (20.5) උදයවංශ පරාක්‍රම 26, සීක්කුගේ ප්‍රසන්න 6/27, අසේල ගුණරත්න 3/19

Sri Lanka Army කණ්ඩායමට ලකුණු 109ක ජයක්

තරගාවලියේ පළමු වටයේ අවසන් තරග හෙට (24) පැවැත්වීමට නියමිත අතර එහි උණුසුමත් විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<