ඉංසක, චානුක සහ සුමින්ද හොඳම පන්දු යැවීම් වාර්තා කරයි

Major Club Limited Over Tournament 2022

307

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (19) නිමා වූ තරගවල දී සුවිශේෂී පන්දු යැවිම් වාර්තා කිරීමට ඉංසක සිර්වර්ධන, චානුක ඩිල්ශාන් සහ සුමින්ද ලක්ෂාන් සමත් වුනා.

Kalutara Town Club  කණ්ඩායමේ ඉංසක සිරිවර්ධන ලකුණු 19කට කඩුලු 6ක් ද, Moors කණ්ඩායමේ චානුක ඩිල්ශාන් ලකුණු 20කට කඩුලු 5ක් ද සහ Sri Lanka Army කණ්ඩායමේ සුමින්ද ලක්ෂාන් ලකුණු 29කට කඩුලු 5ක් ද දවා ගනිමින් මෙසේ දවසේ කැපී පෙනුණේ ඔවුනොවුන්ගේ පළමු පෙළ එක්දින තරග දිවියේ ඉහළ ම දක්ෂතාවන් ද වාර්තා කරමින්.

මේ අතර Colts කණ්ඩායමේ අකිල ධනංජය සහ Sri Lanka Air Force කණ්ඩායමේ ගයාන් සිරිසෝම ද කඩුලු 5 බැගින් වාර්තා කළා.

දවසේ වාර්තා වූ එක ම ශතකයේ හිමිකාරීත්වය Sri Lanka Navy කණ්ඩායමේ සහන් කෝසල සතු වුනා. ඔහු Negombo කණ්ඩායමට එරෙහිව පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 132ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරගවල ඉහළ ම දක්ෂතාවයි.

මේ අතර Negombo කණ්ඩායමේ දිමුත් සඳරුවන් සහ උමේෂ් ලක්ෂාන්, Sri Lanka Air Force කණ්ඩායමේ සහිල් ඩයස් සහ CCC කණ්ඩායමේ චමිඳු විජේසිංහ අද තම කුළුඳුල් අර්ධ ශතක අද වාර්තා කරද්දී Panadura කණ්ඩායමේ ලක්ෂාන් රොද්‍රිගෝ සහ නිමේෂ් විමුක්ති තම පළමු පෙළ එක්දින තරගවල හොඳම ඉනිම් වාර්තා කළා.

ඊට අමතර ව Kandy Customs කණ්ඩායමේ සළිඳු පතිරණ, Sri Lanka Navy ක්‍රීඩ​ක මාලිංග මලිගස්පේ, CCC කණ්ඩායමේ අශාන් ප්‍රියංජන්සහ  ලසිත් අබේරත්න, Chilaw Marians CC කණ්ඩායමේ රවින් යසස්, Ace Capital කණ්ඩායමේ තනුක දාබරේ, SSC කණ්ඩායමේ නිපුන් ධනංජය සහ  Moors SC කණ්ඩායමේ මොහොමඩ් ශාමාෂ් ද අර්ධ ශතක ලබා ගත්තා.

Group A

Colts CC සහ Saracens SC අතර තරගය Colts ක්‍රීඩා පිටියේ දී

  • Colts – සියලුම දෙනා දැවී 176 (42.4) ධනංජය ලක්ෂාන් 26, ෂෙරන් ෆොන්සේකා 39, මුදිත ලක්ෂාන් 38, රොහාන් සංජය 28, උදිත් මධුශාන් 2/20, ඉසිත විජේසුන්දර 2/42, සඳුන් මෙන්ඩිස් 3/43, තවීෂ අභිශේක් 2/16
  • Saracens – සියලුම දෙනා දැවී 147 (37.4) සිතාර ගිම්හාන් 20, තවීෂ අභිශේක් 36, Mohammad Waqas 25, ඉසිත විජේසුන්දර 25, රොහාන් සංජය 2/36, අකිල ධනංජය 5/27

Colts CC කණ්ඩායමට ලකුණු 29ක ජයක්

Kalutara Town Club සහ NCC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

  • Kalutara – කඩුලු 9ක් දැවී 178 (50) විශාර ප්‍රනාන්දු 52, තරිඳු සිරිවර්ධන 51, දිනෙත් ජයකොඩි 25, අසේල් සිගේරා 2/24, සචිඳු කොළඹගේ 2/35, සහන් ආරච්චිගේ 3/31
  • NCC – සියලුම දෙනා දැවී 118 (30.5) අසේල් සිගේරා 23, නිපුන් රන්සික 27, ඉංසක සිරිවර්ධන 6/19, කනිෂ්ක මධුවන්ත 2/39

Kalutara Town Club කණ්ඩායමට ලකුණු 60ක ජයක්

Ace Capital SC සහ Sebastian C & AC අතර තරගය Bloomfield ක්‍රීඩා පිටියේ දී

  • Sebastian – සියලුම දෙනා දැවී 194 (45.4) මනෙල්කර් ද සිල්වා 25, සචිත ජයතිලක 44, ලොහාන් ද සොයිසා නොදැවී 48, නිමසර අතරගල්ල 4/65, චානක දේවින්ද 3/38
  • Ace Capital – කඩුලු 3ක් දැවී 195 (22.3) තනුක දාබරේ 80, ලසිත් කෘaස්පුල්ලේ 44, Baskaran 27, චරිත් රාජපක්ෂ 2/36

Ace Capital SC කණ්ඩායමට කඩුලු 7ක ජයක්

SSC සහ Bloomfield C & AC අතර තරගය SSC ක්‍රීඩා පිටියේ දී

  • SSC – සියලුම දෙනා දැවී 229 (49.3) නිපුන් ධනංජය 53, ක්‍රිශාන් සංජුල 29, සම්මු අශාන් 24, චමිඳු වික්‍රමසිංහ 21, කවිඳු නදීශාන් 46, මාධව වර්ණපුර 4/39, Yashpal Singh 3/34, මලින්ද පෙරේරා 2/56
  • Bloomfield – කඩුලු 9ක් දැවී 194 (47) Yashpal Singh 67, අශාන් ප්‍රනාන්දු 49, ලක්ෂිත මනසිංහ 3/28, නිපුන් ධනංජය 2/09

SSC කණ්ඩායමට 35ක ජයක්

Moors SC සහ Police SC අතර තරගය පොලිස් ක්‍රීඩා පිටියේ දී

  • Moors – කඩුලු 7ක් දැවී 221 (50) දිනුක ඩිල්ශාන් 45, පබසර වඩුගේ 25, පසිඳු සූරියබණ්ඩාර 35, මොහොමඩ් ශාමාෂ් 58, චාරුක ජයතිලක 3/30, ලහිරු ඩියන්ත 2/45, නදීර බාලසූරිය 2/21
  • Police – සියලුම දෙනා දැවී 119 (33.3) Gitansh Khera 37, චරිත් සුදාරක 20, චානුක ඩිල්ශාන් 5/20, ඉම්තියාස් ස්ලාසා 2/08

Moors SC කණ්ඩායමට ලකුණු 102ක ජයක්

Group B

Sri Lanka Army SC සහ Galle CC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • Army – සියලුම දෙනා දැවී 225 (49.3) ෂෙහාන් ප්‍රනාන්දු 23, තිසර පෙරේරා 30, සුමින්ද ලක්ෂාන් 43, යශෝද මෙන්ඩිස් 24, ලක්ෂාන් ගමගේ 22, මිහිරංග සිල්වා 3/30, රවිඳු සෙම්බකුට්ටිගේ 2/32
  • Galle – සියලුම දෙනා දැවී 132 (36.2) රවිඳු සෙම්බකුට්ටිගේ 43, තරිඳු අමරසිංහ 25, චතුර ලක්ෂාන් 29, රත්නරාජා තෙනුරතන් 2/18, සුමින්ද ලක්ෂාන් 5/29

Army කණ්ඩායමට ලකුණු 93ක ජයක්

Sri Lanka Navy SC සහ Negombo CC අතර තරගය කටුනායක නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී

  • Navy – කඩුලු 7ක් දැවී 270 (50) සචිත්‍ර සේනානායක 20, මාලිංග මලිගස්පේ 51, සහන් කෝසල නොදැවී 132, ඩිල්ශාන් මුණවීර 2/33, දනුෂ්ක සඳරුවන් 2/25
  • Negombo – කඩුලු 5ක් දැවී 272 (48) Mizanur Rahman 37, ඩිල්ශාන් මුණවීර 35, දිමුත් සඳරුවන් 88, Jatin Saxena 24, උමේෂ් ලක්ෂාන් නොදැවී 78, ලහිරු ජයකොඩි 2/30, සචිත්‍ර සේනානායක 2/38

Negombo කණ්ඩායමට කඩුලු 5ක ජයක්

Kurunegala Youth CC සහ Nugegoda SWC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේ දී

  • Kurunegala Youth – සියලුම දෙනා දැවී 149 (44.3) ගයාන් මනීශාන් 43, මුදිත ප්‍රේමදාස 30, නිලංක ප්‍රේමරත්න 22, නවීන් ප්‍රනාන්දු 3/39, රාහුල් ගුණසේකර 2/13, හංස ද සිල්වා 2/24
  • Nugegoda – සියලුම දෙනා දැවී 137 (28.5) රනිත ලියනාරච්චි 29, නවීන් ප්‍රනන්දු 26, මධුරංග නවීන් 4/45, ලහිරු ජයරත්න 4/36

Kurunegala Youth කණ්ඩායමට ලකුණු 12ක ජයක්

BRC සහ Sri Lanka Air Force SC අතර තරගය BRC ක්‍රීඩා පිටියේ දී

  • BRC – සියලුම දෙනා දැවී 139 (27.4) තිලකරත්න සම්පත් 31, ලහිරු සමරකෝන් 37, ගයාන් සිරිසෝම 5/59, මොවින් සුබසිංහ 3/34
  • Air Force – කඩුලු 6ක් දැවී 141 (41.3) සහිල් ඩයස් 64, ආදිත්‍ය සිරිවර්ධන 35, දුවිඳු තිලකරත්න 3/22, කෙවින් කොත්තිගොඩ 2/20

Air Force කණ්ඩායමට කඩුලු 4ක ජයක්

CCC සහ Chilaw Marians CC අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී

  • CCC – කඩුලු 9ක් දැවී 244 (50) නිමේෂ ගුණසිංහ 34, අශාන් ප්‍රියංජන් 57, ලසිත් අබේරත්න 61, චමිඳු විජේසිංහ 60, පුලින තරංග 2/50, Gaurav Jathar 3/34
  • Chilaw Marians – සියලුම දෙනා දැවී 215 (48) Gaurav Jathar 23, රවින් යසස් 67, පුලින තරංග 40, මාලිංද පුෂ්පකුමාර 2/41, වනිඳු හසරංග 3/34, ලක්ෂාන් සඳකැන් 2/51

CCC කණ්ඩායමට ලකුණු 29ක ජයක්

Kandy Customs CC සහ Panadura SC අතර තරගය පානදුර ක්‍රීඩා පිටියේ දී

  • Kandy Customs – සියලුම දෙනා දැවී 204 (48.5) රශ්මික මධුශංක 44, සළිඳු පතිරණ 51, අයේස් හර්ෂණ 38, පවන් සංදේශ් 3/32, නිමේෂ් විමුක්ති 4/32
  • Panadura – කඩුලු 5ක් දැවී 208 (29.3) ලක්ෂාන් රොද්‍රිගෝ 83, පවන් සංදේශ් 29, නිමේෂ් විමුක්ති නොදැවී 74, අයේෂ් හර්ෂණ 4/44

Panadura කණ්ඩායමට කඩුලු 5ක ජයක්

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<