Home Sinhala ඕෂද සහ චන්දිමාල් අර්ධ ශතක අතරට

ඕෂද සහ චන්දිමාල් අර්ධ ශතක අතරට

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

1293
Pakistan tour of Sri Lanka 2022 - 2nd Test

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය අද (24) ගාල්ලේ දී අද නිමා වුනේ දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

අද දිනය අවසානයේ, කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 315ක් ලබාගෙන සිටියා.

තරගය ආරම්භ වූ අවස්ථාවේ සිට දිවා ආහාරය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 96ක් රැස් කළ අතර දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 85ක්.

තේ පානයේ සිට තරගයේ පළමු දිනය නතර කරන අවස්ථාව දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 134ක් ලබා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂ ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරන 100 වැනි ජාත්‍යන්තර ටෙස්ට් තරගය මෙය වන අතර මීට පෙර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස් සහ සනත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කර තිබෙනවා. මැතිව්ස් ඒ දැවැන්ත නම් අතරට එක්වුණු 6 වැනි ක්‍රීඩකයායි.

ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින්, පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණ සහ කසුන් රාජිත වෙනුවට දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබුණා. ඒ අනුව වෙල්ලාලගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අද දිනයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගත්තා.

සංචාරක පාකිස්තානය සිය ජයග්‍රාහී කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කරමින් දණහිසේ ආබාධයකට ලක්වූ Shaheen Shah Afridi වෙනුවට 35 හැවිරිදි වමතින් දඟපන්දු යවන Nauman Ali කණ්ඩායමට කැඳවා තිබුණු අතර Azhar Ali වෙනුවට Fawad Alam නැවතත් පාකිස්තාන කණ්ඩායමට ඇතුළත් කර තිබුණා.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව – Dimuth Karunaratne (Captain), Oshada Fernando, Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya De Silva, Niroshan Dickwella (WK), Ramesh Mendis, Dunith Wellalage, Prabath Jayasuriya, Asitha Fernando
  • පාකිස්තානය – Abdullah Shafique, Imam Ul-Haq, Babar Azam (Captain), Mohammad Rizwan (WK), Fawad Alam, Salman Ali Agha, Mohammad Nawaz, Hasan Ali, Yasir Shah, Nauman Ali, Naseem Shah

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඕෂද හා දිමුත් අතර ලකුණු 92ක හොඳ සබඳතාවයක් ගොඩ නැගුණා. Nawazගේ පන්දුවක් හමුවේ ලකුණු 50ක් ලබාගෙන සිටි ඕෂද දැවී ගිය අතර පන්දු 70කින් වාර්තා වූ ඔහුගේ එම මනරම් ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් ඇතුළත් වුනා.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 7 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත් ඕෂද මේ තරගයේ දී ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකර යාමට සමත් වීම කැපී පෙනුණා. කුසල් මෙන්ඩිස් ලකුණු 3ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසයි.

දිමුත් ලකුණු 40කට දවා ගැනීමට පා දඟපන්දු යවන ක්‍රීඩක Yasir Shah සමත් වුනා. රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට යාමේ දී Naseem Shah අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි ඔහු දැවී ගියේ.

අනතුරුව පිටියට පැමිණි මැතිව්ස් හා චන්දිමාල් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 75ක අගනා සබඳතාවයක් ගොඩනංවමින් නැවත වරක් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ස්ථාවර කළා.

තම 100 වැනි ජාත්‍යන්තර ටෙස්ට් තරගය ක්‍රීඩා කරන මැතිව්ස් පන්දු 106කින් හතරේ පහර 5ක් සහිතව ලකුණු 42ක් රැස් කළා. මැතිව්ස්ගේ ඉනිම අවසන් කළේ Nauman Ali විසින්. කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් රැක ගත් උඩ පන්දුවක් හමුවේ මැතිව්ස්ට තම 100 වැනි ටෙස්ට් තරගයේ මුල් ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට තිබූ අගනා අවස්ථාව ලකුණු 8කින් අහිමි වී ගියා.

නැවත වරක පිතිකරණයෙන් දක්ෂතා අතරට පිවිසි චන්දිමාල් පළමු දිනය අවසානයේ දී ශ්‍රී ලංකා ලකුණු සටහනේ වැඩිම ලකුණු ලාභියා වෙමින් 4 පහර 9ක් සහ 6 පහර 2ක් සමඟ ලකුණු 80ක් ලබා සිටිය දී දැවී ගියා. ඔහු අද දිනයේ දී වාර්තා කර ගැනීමට සමත් වුනේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 24 වැනි ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකයයි.

චන්දිමාල් හා ශ්‍රී ලංකා උපනායක ධනංජය ද සිල්වා 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවයක් පිහිටුවීමට ද සමත් වුනා. Naseem Shah යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් 4 පහර 3ක් සහ 6 පහරක් සමඟ ලකුණු 33ක් ලබාගෙන සිටි ධනංජය ලකුණු 33 කට දැවී ගියා.

තරගයේ පළමු දිනයේ නිමාව සටහන් වන විට දික්වැල්ල සහ වෙල්ලාලගේ පිළිවෙළින් ලකුණු 42*ක් සහ ලකුණු 6*ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට අවශ්‍ය මඟ මේ වන විට සකස් කරගෙන තිබෙනවා. Mohammad Nawaz ලකුණු 71කට කඩුලු 2යි. හෙට (25) මේ තරගයේ දෙවැනි දිනයයි.

Result


Sri Lanka
378/10 (103) & 360/8 (91.5)

Pakistan
231/10 (88.1) & 261/10 (77)

Batsmen R B 4s 6s SR
Oshada Fernando c Mohammad Rizwan b Mohammad Nawaz 50 70 4 3 71.43
Dimuth Karunaratne c Naseem Shah b Yasir Shah 40 90 3 0 44.44
Kusal Mendis run out (Agha Salman) 3 10 0 0 30.00
Angelo Mathews c Mohammad Rizwan b Nauman Ali 42 106 5 0 39.62
Dinesh Chandimal c Fawad Alam b Mohammad Nawaz 80 137 9 2 58.39
Dhananjaya de Silva b Naseem Shah 33 61 3 1 54.10
Niroshan Dickwella c Mohammad Rizwan b Naseem Shah 51 54 6 1 94.44
Dunith Wellalage c Babar Azam b Naseem Shah 11 20 2 0 55.00
Ramesh Mendis b Yasir Shah 35 52 4 1 67.31
Prabath Jayasuriya lbw b Yasir Shah 8 17 0 0 47.06
Asitha Fernando  not out 4 13 1 0 30.77


Extras 21 (b 4 , lb 5 , nb 12, w 0, pen 0)
Total 378/10 (103 Overs, RR: 3.67)
Bowling O M R W Econ
Hasan Ali 17 3 59 0 3.47
Naseem Shah 18 3 58 3 3.22
Nauman Ali 21 2 64 1 3.05
Agha Salman 6 0 25 0 4.17
Mohammad Nawaz 19 3 80 2 4.21
Yasir Shah 22 2 83 3 3.77
Batsmen R B 4s 6s SR
Abdullah Shafique b Asitha Fernando  0 2 0 0 0.00
Imam-ul-Haq b Dhananjaya de Silva 32 54 4 0 59.26
Babar Azam b Prabath Jayasuriya 16 34 3 0 47.06
Mohammad Rizwan lbw b Ramesh Mendis 24 35 3 0 68.57
Fawad Alam lbw b Ramesh Mendis 24 69 1 0 34.78
Agha Salman c Dhananjaya de Silva b Prabath Jayasuriya 62 126 4 1 49.21
Mohammad Nawaz c Niroshan Dickwella b Ramesh Mendis 12 37 1 0 32.43
Yasir Shah lbw b Ramesh Mendis 26 97 0 1 26.80
Hasan Ali b Prabath Jayasuriya 21 54 0 1 38.89
Nauman Ali c Niroshan Dickwella b Ramesh Mendis 1 11 0 0 9.09
Naseem Shah not out 4 10 1 0 40.00


Extras 9 (b 4 , lb 5 , nb 0, w 0, pen 0)
Total 231/10 (88.1 Overs, RR: 2.62)
Bowling O M R W Econ
Asitha Fernando  20 2 63 1 3.15
Prabath Jayasuriya 37 10 80 3 2.16
Ramesh Mendis 21.1 6 47 5 2.23
Dhananjaya de Silva 4 0 15 1 3.75
Dunith Wellalage 6 1 18 0 3.00
Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c Mohammad Rizwan b Naseem Shah 15 25 2 0 60.00
Oshada Fernando lbw b Yasir Shah 19 24 3 0 79.17
Kusal Mendis lbw b Mohammad Nawaz 15 30 2 0 50.00
Angelo Mathews c Babar Azam b Agha Salman 35 62 4 1 56.45
Dinesh Chandimal c Mohammad Rizwan b Naseem Shah 21 58 0 0 36.21
Dimuth Karunaratne c Abdullah Shafique b Nauman Ali 61 105 3 0 58.10
Dhananjaya de Silva run out (Yasir Shah) 109 171 16 0 63.74
Dunith Wellalage c Mohammad Rizwan b Mohammad Nawaz 18 27 1 0 66.67
Ramesh Mendis not out 45 54 4 0 83.33


Extras 22 (b 13 , lb 3 , nb 5, w 1, pen 0)
Total 360/8 (91.5 Overs, RR: 3.92)
Bowling O M R W Econ
Hasan Ali 10 0 44 0 4.40
Naseem Shah 12.5 1 44 2 3.52
Yasir Shah 21 2 80 1 3.81
Mohammad Nawaz 21 4 75 2 3.57
Nauman Ali 14 0 54 1 3.86
Agha Salman 12 2 41 1 3.42
Babar Azam 1 0 6 0 6.00


Batsmen R B 4s 6s SR
Abdullah Shafique c Dunith Wellalage b Prabath Jayasuriya 16 51 3 0 31.37
Imam-ul-Haq c Niroshan Dickwella b Ramesh Mendis 49 90 4 0 54.44
Babar Azam lbw b Prabath Jayasuriya 81 146 6 1 55.48
Mohammad Rizwan b Prabath Jayasuriya 37 69 6 0 53.62
Fawad Alam run out (Niroshan Dickwella) 1 9 0 0 11.11
Agha Salman c Kusal Mendis b Prabath Jayasuriya 4 6 1 0 66.67
Mohammad Nawaz c Dinesh Chandimal b Ramesh Mendis 12 29 1 0 41.38
Yasir Shah c Kusal Mendis b Prabath Jayasuriya 27 25 6 0 108.00
Hasan Ali b Ramesh Mendis 11 10 1 1 110.00
Nauman Ali not out 0 9 0 0 0.00
Naseem Shah c Dunith Wellalage b Ramesh Mendis 18 21 1 2 85.71


Extras 5 (b 2 , lb 0 , nb 3, w 0, pen 0)
Total 261/10 (77 Overs, RR: 3.39)
Bowling O M R W Econ
Asitha Fernando  6 1 20 0 3.33
Prabath Jayasuriya 32 5 117 5 3.66
Ramesh Mendis 30 7 101 4 3.37
Dhananjaya de Silva 2 0 4 0 2.00
Dunith Wellalage 7 0 17 0 2.43



දෙරට අතර පසුගිය දා නිමා වුන පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් වුනු අතර ඔවුන් දැනට 1-0ක් ලෙස මේ තරගාවලියේ ඉදිරියෙන් සිටිනවා. තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<