ක්‍රිශාන් සංජුල මංගල ශතකයට

Major Club Limited Over Tournament 2022

216

අන්තර් ක්‍රීඩා සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවති තරගවල දී SSC කණ්ඩායමේ 23 හැවිරිදි දකුණත් ආරම්භක පිතිකරු ක්‍රිශාන් සංජුල ශතකයක් වාර්තා කරන්නට සමත් වුනා.

Police කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද මෙම ශතකය ක්‍රිශාන්ගේ පළමු පෙළ එක්දින තරග දිවියේ මංගල ශතකයයි. ඔහු එහි දී පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 128ක් ලබා ගත්තා.

ඊට අමතරව Sebastianite කණ්ඩායමේ විදෙස් ක්‍රීඩක Akashdeep Nath ද අද ශතකයක් වාර්තා කළා.

මේ අතර අද පැවති තරගවල දී Saracens කණ්ඩායමේ සිතාර ගිම්හාන්, Sri Lanka Air Force කණ්ඩායමේ හෂාන් විමුක්ති, Chilaw Marians කණ්ඩායමේ විදෙස් ක්‍රීඩක Akash Anand සහ කසුන් විදුර, Negombo කණ්ඩායමේ විදෙස් ක්‍රීඩක Mizanur Rahman සහ දිමුත් සඳරුවන්, Ragama කණ්ඩායමේ නිශාන් මධුශ්ක සහ ඉෂාන් ජයරත්න, Police විදෙස් ක්‍රීඩක Gitansh Khera සහ රන්දුණු ගංගනාත්, SSC කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු, Lankan කණ්ඩායමේ රවිඳු රත්නායක සහ CCC කණ්ඩායමේ අශාන් ප්‍රියංජන් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී Saracens කණ්ඩායමේ සඳුන් මෙන්ඩිස් (5/34), Ace Capital CC කණ්ඩායමේ නිම්සර අතරගල්ල (5/27) සහ Sri Lanka Air Force කණ්ඩායමේ ගයාන් සිරිසෝම (5/36) කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා.

Group A

Saracens SC සහ Baduraliya SC – මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

  • Saracens – සියලුම දෙනා දැවී 233 (50) සිතාර ගිම්හාන් 86, ගිහාන් ඊබට් 22, නවිඳු විතානගේ 45, චතුරංග සිල්වා 3/32, තමිඳු වික්‍රමාරච්චි 2/38
  • Baduraliya – සියලුම දෙනා දැවී 146 (32) මලිඳු මධුරංග 22, Zahid Mansoor 35, අනුක් ප්‍රනාන්දු 20, ගිහාන් රූපසිංහ 20, උදිත් මධුශාන් 2/23, සඳුන් මෙන්ඩිස් 5/34

Saracens ලකුණු 82ක ජයක්

Kalutara Town Club සහ Ace Capital CC – කටුනායක FTZ ක්‍රීඩා පිටියේ දී

  • Kalutara Town Club – සියලුම දෙනා දැවී 69(23.2) ටී. වීරසිංහ නොදැවී 22, නිමසර අතරගල්ල 5/27, චානක දේවින්ද 4/23
  • Ace Capital – කඩුලු 3ක් දැවී 73 (13.1) තනුක දාබරේ 27

Ace Capital කඩුලු 7ක ජයක්

Bloomfield C & AC සහ Moors SC Moors ක්‍රීඩා පිටියේ දී

  • Bloomfield – සියලුම දෙනා දැවී 179 (46.3) Yashpal Singh 27, අශාන් ප්‍රනාන්දු 42, මාධව වර්ණපුර 30, මිලාන් රත්නායක 2/33, දිනුක ඩිල්ශාන් 2/41, චානුක ඩිල්ශාන් 2/40, ප්‍රවීන් ජයවික්‍රම 2/29, ඉම්තියාස් ස්ලාසා 2/34
  • Moors – කඩුලු 8ක් දැවී 180 (47.4) පබසර වඩුගේ 32, මොහොමඩ් ෂමාස් 22, ජනිශ්ක පෙරේරා 25, රිසිර වීරසූරිය 35, මිලාන් රත්නායක නොදැවී 24, චානක කොමසාරු 2/34, මලින්ද පෙරේරා 2/29, ලෙසාන් ගුණරත්න 2/34

Moors කඩුලු 2ක ජයක්

Colts CC සහ Tamil Union C & AC Colts ක්‍රීඩා පිටියේ දී

  • Colts – සියලුම දෙනා දැවී 72 (32.2) සංගීත් කුරේ 21, හෂාන් දුමිඳු 21, සංතුශ් ගුණතිලක 2/15, දිලුම් සුධීර 4/13, ඩිල්රුවන් පෙරේරා 3/09
  • Tamil Union – කඩුලු 5ක් දැවී 73 (20.3) නවෝද් පරණවිතාන 27, මොහොමඩ් ශිරාෂ් 3/14, අකිල ධනංජය 2/42

Tamil Union කඩුලු 5ක ජයක්

Police SC සහ SSC Bloomfield ක්‍රීඩා පිටියේ දී 

  • Police – කඩුලු 8ක් දැවී 249 (49) හේෂාන් ධනුෂ්ක 41, Gitansh Khera 57, රන්දුණු ගංගනාත් 60, චතුරංග කුමාර නොදැවී 34, සසික ඩිල්ශාන් 3/64
  • SSC – කඩුලු 5ක් දැවී 252 (37.4) ක්‍රිශාන් සංජුල නොදැවී 128, නුවනිඳු ප්‍රනාන්දු 65, ලහිරු ඩියන්ත 3/53

SSC කණ්ඩායමට කඩුලු 5ක ජයක්

Sebastianite C & AC සහ Lanka CC CCC ක්‍රීඩා පිටියේ දී

  • Sebastianite – කඩුලු 8ක් දැවී 285 (50) සුචිර පරණාතල 35, Akashdeep Nath 137, මනෙල්කර් ද සිල්වා 42, සචිත ජයතිලක 32, යසිරු රොද්‍රිගෝ 4/45, රජීව වීරසිංහ 2/50
  • Lanka – කඩුලු 7ක් දැවී 215 (38.3) රවිඳු රත්නායක 76, රජීව වීරසිංහ 28, යසිරු රොද්‍රිගෝ 41, සචිත ජයතිලක 2/20

Sebastianite ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 19ක ජයක්

Group B

Sri Lanka Air Force SC සහ Galle CC – කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී

  • Air Force – සියලුම දෙනා දැවී 201 (50) උදයවංශ පරාක්‍රම 29, හෂාන් විමුක්ති 50, දුලංජන මෙන්ඩිස් 23, මොවින් සුබසිංහ 25, රුවිශ්ක විජේසිරි 2/40, චතුර ලක්ෂාන් 4/26
  • Galle – සියලුම දෙනා දැවී 140 (33.3) තරිඳු අමරසිංහ 37, හරීන් බුද්ධිල 38, මොවින් සුබසිංහ 3/36, ගයාන් සිරිසෝම 5/36

Air Force කණ්ඩායමට ලකුණු 61ක ජයක්

Kandy Customs CC සහ Chilaw Marians CC -තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී

  • Kandy Customs – සියලුම දෙනා දැවී 117 (39.5) සළිඳු පතිරණ 24, මෙතූෂ තිළිණ නොදැවී 30, කේශර නුවන්ත 4/16, Gaurav Jathar 2/29
  • Chilaw Marians – කඩුල්ලක් දැවී 118 (28) Akash Anand නොදැවී 52, කසුන් විදුර 51

Chilaw Marians කඩුලු 9ක ජයක්

Negombo CC සහ BRC BRC ක්‍රීඩා පිටියේ දී

  • Negombo – සියලුම දෙනා දැවී 225 (44.3) ඩිල්ශාන් මුණවීර 20, Mizanur Rahman 68, දිමුත් සඳරුවන් 66, දුවිඳු තිලකරත්න 3/32, මල්ක මධුශංක 2/28, සචින්ත පීරිස් 3/33
  • BRC – කඩුලු 6ක් දැවී 203 (40) ඩිලාන් ජයලත් 35, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 30, දුශාන් හේමන්ත 45, කෙවින් කොත්තිගොඩ 42, ඩිල්ශාන් මුණවීර 2/32, පසිඳු උස්හෙට්ටිගේ 3/38

BRC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 13ක ජයක්

Ragama CC සහ Kurunegala Youth CC – කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේ දී

  • Ragama – කඩුලු 8ක් දැවී 228 (50) නිශාන් මධුශ්ක 75, ජනිත් ලියනගේ 29, ඉෂාන් ජයරත්න 56, ඩෙලෝන් පීරිස් 21, ලහිරු ජයරත්න 2/47, යොහාන් මැද්දගේ 2/46
  • Kurunegala Youth – කඩුලු 6ක් දැවී 98 (31) ධනුශ්ක ධර්මසිරි 52, ජනිත් ලියනගේ 2/13, කල්හාර සේනාරත්න 2/16

Ragama ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 46ක ජයක්

Nugegoda SWC සහ Sri Lanka Navy SC

  • Nugegoda SWC – සියලුම දෙනා දැවී 147 (45.3) භාග්‍ය දිසානායක 35, නයන ප්‍රනාන්දු 25, අරවින්ද ප්‍රේමරත්න 20, සචිත්‍ර සේනානායක 2/23, රොමේෂ් සුරංග 4/26
  • Navy – කඩුලු 9ක් දැවී 148 (38.1) සචිත්‍ර සේනානායක 22, මධුර මධුශංක නොදැවී 37, ලහිරු ජයකොඩි 23, සහන් නානායක්කාර 4/30

Navy කණ්ඩායමට කඩුල්ලක ජයක්

Panadura SC සහ CCC – පානදුර ක්‍රීඩා පිටියේ දී

  • Panadura – සියලුම දෙනා දැවී 199 (46.1) ලක්ෂාන් රොද්‍රිගෝ 32, පවන් ද සිල්වා 30, සංජය චතුරංග 21, රොශාන් විජේනායක 41, නිමේෂ් විමුක්ති 29, නුවන් තුෂාර 2/38, ලක්ෂාන් සඳකැන් 2/39
  • CCC – කඩුලු 6ක් දැවී 172 (36) අශාන් ප්‍රියංජන් 80, මිනෝද් භානුක නොදැවී 34, නිමේෂ් විමුක්ති 4/54

CCC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 25ක ජයක්

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<