ලසඳ සහ තුලින සුවිශේෂී කඩඉම්වලට

Major Clubs Limited Over Tournament 2023/24

1368
Major Clubs Limited Over Tournament 2023/24

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (24) පැවැති අතර එහි දී SL Air Force කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන ලසඳ රුක්මාල් ලකුණු 32කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. එය ඔහුගේ තරග 53ක් වන List A ලැයිස්තුවේ හොඳම පන්දු යැවීමයි.

අද පැවැති තරගයේ දී ප්‍රබල Police කණ්ඩායම පරාජය කරමින් ලකුණු 18ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Air Force කණ්ඩායම සමත් වූවා.

 මේ අතර ඊයේ (23දා) පැවැති Tamil Union සහ Sebastianites කණ්ඩායම් අතර තරගයේ දී Sebastianites කණ්ඩායමේ 26 හැවිරිදි වියේ පසුවෙන පා දඟ පන්දු යවන තුලින ඩිල්ශාන් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වූවා.

ඔහු විසින් තරගයේ යවනු ලැබූ 37 වැනි පන්දුවාරයේ 5 වැනි සහ 6 වැනි පන්දුවල දී රවිඳු ප්‍රනාන්දු සහ රවීන් ද සිල්වා දවා ගනු ලබන අතර ඉන් පසුව ඔහු විසින් යවනු ලැබූ 39 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී දිලුම් සුදීර දවා ගනිමින් මෙම දක්ෂතාව සිදු කළා.

තරගය අවසන් වන විට ඔහු පන්දුවාර 4ක් යවමින් ලකුණු 20කට කඩුලු 5ක් දවා ගත්තා. එය තුලින ඩිල්ශාන්ගේ List A තරගවල හොඳම පන්දු යැවීමයි.

Group A

  • Police SC සහ SL Air Force SC

o ක්‍රීඩාංගණය – පොලිස් උද්‍යානය, තිඹිරිගස්යාය.

o කාසියේ වාසිය – Police SC

SL Air Force SC – සියලුම දෙනා දැවී 106 (33.3) රොස්කෝ තට්ටිල් 29, දුලාංජන මෙන්ඩිස් නොදැවී 19, නලින් ප්‍රියදර්ශන 2/27, දිලීප ජයලත් 3/21, හේෂාන් ධනුෂ්ක 2/01

Police SC – සියලුම දෙනා දැවී 88 (22.3) චතුරංග ජයතිලක 30, විශාද් රන්දික 23, ලසඳ රුක්මාල් 6/32, මොවින් සුබසිංහ 2/24

SL Air Force කණ්ඩායමට ලකුණු 18ක ජයක්.

  • Tamil Union C & AC සහ Sebastianites A & AC

o ක්‍රීඩාංගණය – P Sara Oval, කොළඹ.

o කාසියේ වාසිය – Sebastianites A & AC

Tamil Union C & AC – සියලුම දෙනා දැවී 169 (42.0) රොන් චන්ද්‍රගුප්ත 68, රවිඳු ප්‍රනාන්දු 52, තරිඳු රත්නායක 2/28, තුලින ඩිල්ශාන් 5/20

Sebastianites A & AC – කඩුලු 5ක් දැවී 170 (27.1) තුලින ඩිල්ශාන් 32, ඉසිවර දිසානායක 25, දුශාන් විමුක්ති 23, ප්‍රමෝද් මධුවන්ත 22, තෙවිඳු සෙනෙවිරත්න නොදැවී 29, දිලුම් සුධීර 3/46

Sebastianites කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<