නිර්මල රත්නායකට කඩුලු ත්‍රිත්වයක්

Major Clubs Limited Over Tournament 2023/24

1871
Major Clubs Limited Over Tournament 2023/24

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (23) දිවයිනේ විවිධ ප්‍රදේශවල දී අවසන් වූ අතර එහි දී Badureliya කණ්ඩායමේ 21 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන නිර්මල රත්නායක කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම කැපී පෙණුනා.

 BRC කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී 33 වැනි පන්දුවාරය යැවූ නිර්මල රත්නායක, එහි දෙවැනි පන්දුවේ සිට නිමන්ද මදුශංක, Murvin Abinash සහ මොහොමඩ් ශිරාෂ් දවා ගනිමින් මෙම දක්ෂතාව දැක් වූවා.

එම තරගය නිමා වන විට නිර්මල රත්නායක ලකුණු 13කට කඩුලු 4ක් දවා ගෙන සිටි අතර එය ඔහුගේ List A තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වූවා.

මේ අතර අද තරගවල දී Chilaw Marians කණ්ඩායමේ 30 හැවිරිදි වියේ පසුවෙන පා දඟ පන්දු යවන පුලින තරංග ලකුණු 28කට කඩුලු 5ක් ද සහ Sebastianites කණ්ඩායමේ 26 හැවිරිදි වියේ පසුවෙන පා දඟ පන්දු යවන තුලින ඩිල්ශාන් ලකුණු 20කට කඩුලු 5ක් දවා ගත්තා. එය තුලින ඩිල්ශාන්ගේ List A තරගවල හොඳම පන්දු යැවීමයි.

පිතිකරුවන් අතුරින් Tamil Union කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත සහ රවිඳු ප්‍රනාන්දු, Negombo කණ්ඩායමේ පසිඳු ලක්ෂාන්, Colts කණ්ඩායමේ ශෙරන් ෆොන්සේකා, Galle කණ්ඩායමේ විශ්ව විජේරත්න සහ ඔෂඳ ප්‍රනාන්දු, Ragama කණ්ඩායමේ යොහාන් ලියනගේ, සංතුශ් ගුණතිලක සහ ජනිත් ලියනගේ, Moors කණ්ඩායමේ සොහාන් ද ලිවේරා, NCC කණ්ඩායමේ පැතුම් නිස්සංක, ලහිරු උදාර සහ කමිල් මිෂාර, Chilaw Marians කණ්ඩායමේ ලසිත් ලක්ෂාන් සහ රවීන් යසස්, BRC කණ්ඩායමේ දුලාශ් උදයංග, Galle කණ්ඩායමේ විශ්ව විජේරත්න, ඔෂඳ ප්‍රනාන්දු සහ ඉරෝෂ් සමරසූරිය, SSC කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු, Nugegoda කණ්ඩායමේ කෙවින් පෙරේරා අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිම් ක්‍රීඩා කළා.

Group A

  • Tamil Union C & AC සහ Sebastianites A & AC

o ක්‍රීඩාංගණය – P Sara Oval, කොළඹ.

o කාසියේ වාසිය – Sebastianites A & AC

Tamil Union C & AC – සියලුම දෙනා දැවී 169 (42.0) රොන් චන්ද්‍රගුප්ත 68, රවිඳු ප්‍රනාන්දු 52, තරිඳු රත්නායක 2/28, තුලින ඩිල්ශාන් 5/20

Sebastianites A & AC – කඩුලු 5ක් දැවී 170 (27.1) තුලින ඩිල්ශාන් 32, ඉසිවර දිසානායක 25, දුශාන් විමුක්ති 23, ප්‍රමෝද් මධුවන්ත 22, තෙවිඳු සෙනෙවිරත්න නොදැවී 29, දිලුම් සුධීර 3/46

Sebastianites කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

  • Galle  CC සහ Ragama CC

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල.

o කාසියේ වාසිය – Ragama CC

Ragama CC – සියලුම දෙනා දැවී 309 (48.0) යොහාන් ලියනගේ 58, සංතුශ් ගුණතිලක 61, ජනිත් ලියනගේ 62, අවිශ්ක තරිඳු 26, රන්මිත් ජයසේන 26, නිපුන් මාලිංග 23, මිහිරංග සිල්වා 2/78, චානක දේවින්ද 3/55, තරින්ද ගුරුගේ 3/28

Galle CC – සියලුම දෙනා දැවී 286 (49.2) විශ්ව විජේරත්න 59, ඔෂඳ ප්‍රනාන්දු 89, ඉරෝෂ් සමරසූරිය 88, නිපුන් මාලිංග 2/43, සංජුල බණ්ඩාර 3/40

Ragama කණ්ඩායමට ලකුණු 23ක ජයක්.

  • Negombo CCසහ Colts CC

o ක්‍රීඩාංගණය – FTZ, කටුනායක.

o කාසියේ වාසිය – Colts CC

Negombo CC – සියලුම දෙනා දැවී 160 (42.0) පසිඳු ලක්ෂාන් 61, හිමාෂ ලියනගේ 27, උමේෂ් ලක්ෂාන් 20, නිශාන් පීරිස් 22, ඩිල්ශාන් මධුශංක 3/42, අකිල ධනංජය 3/37, මුදිත ලක්ෂාන් 3/14

Colts CC – කඩුලු 5ක් දැවී 161 (44.5) ශෙරන් ෆොන්සේකා 51, හෂාන් දුමිඳු 45, දුනිත් වෙල්ලාලගේ නොදැවී 34

Colts කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

  • Kurunegala Youth CCසහ Moors SC

o ක්‍රීඩාංගණය – වෙළගෙදර, කුරුණෑගල

o කාසියේ වාසිය – Kurunegala Youth CC

Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 154 (38.3) සනෝජ් දර්ශික 43, අසන්ත බස්නායක 45, මිලාන් රත්නායක 2/30, ලහිරු සමරකෝන් 4/30, තීසාන් විතුසාන් 3/19

Moors SC – කඩුලු 4ක් දැවී 160 (27.1) ඔමේෂ් මෙන්ඩිස් 37, සොහාන් ද ලිවේරා නොදැවී 50, රමේෂ් මෙන්ඩිස් නොදැවී 42, චානුක ඩිල්ශාන් 2/32

Moors කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Group B

  • Panadura SC සහ SL Army SC

o ක්‍රීඩාංගණය – මහජන ක්‍රීඩාංගණය, පානදුර

o කාසියේ වාසිය – Panadura SC

SL Army SC – සියලුම දෙනා දැවී 95 (31.0) සීක්කුගේ ප්‍රසන්න 22, හෂේන් රාමනායක 2/24, නිමේෂ් විමුක්ති 2/17, රජීව වීරසිංහ 3/21,

Panadura SC – කඩුලු 7ක් දැවී 97 (33.3) හෂේන් රාමනායක 23, රමිඳු විජේසූරිය 35, සුමින්ද ලක්ෂාන් 3/12, සීක්කුගේ ප්‍රසන්න 3/13

Panadura කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

  • NCC සහ Kandy Customs CC

o ක්‍රීඩාංගණය – NCC, කොළඹ 7.

o කාසියේ වාසිය – NCC

NCC – කඩුලු 8ක් දැවී 320 (50.0) පැතුම් නිස්සංක 90, ලහිරු උදාර 52, කමිල් මිෂාර 76, සහන් ආරච්චිගේ 46, චාමික කරුණාරත්න නොදැවී 34, නිසල ආකාශ් 2/77, මිතුන් ජයවික්‍රම 4/51

Kandy Customs CC – සියලුම දෙනා දැවී 244 (45.3) දේශාන් ඩයස් 39, තෙවිඳු දික්වැල්ල 71, ඉමේෂ් උදයංග 28, හසිත නිර්මාල් 58, දුශ්මන්ත චමීර 2/30, මතීෂ පතිරණ 2/40, සහන් ආරච්චිගේ 3/41

NCC කණ්ඩායමට ලකුණු 76ක ජයක්.

  • Chilaw Marians CC සහ Bloomfield C & AC

o ක්‍රීඩාංගණය – Surrey Village, මග්ගොන

o කාසියේ වාසිය – Bloomfield C & AC

Chilaw Marians CC – සියලුම දෙනා දැවී 224 (49.5) විශ්ව චතුරංග 28, ලසිත් ලක්ෂාන් 53, චමෝද් සඳරු 23, රවීන් යසස් 54, කවිඳු නිර්මාල් 22, ලහිරු මධුශංක 2/53, අසිත වන්නිනායක 2/35, සහන් නානායක්කාර 3/49, ජෙෆ්රි වැන්ඩර්සේ 2/33

Bloomfield C & AC – සියලුම දෙනා දැවී 195 (47.3) හසිත බෝයගොඩ 37, අසිත වන්නිනායක 48, නිපුන් කරුණානායක 29, මිනෙත් ප්‍රේමරත්න 28, ඉරුෂ්ක තිමිර 2/40, පුලින තරංග 5/28, රමේෂ් නිමන්ත 2/28

Chilaw Marians කණ්ඩායමට ලකුණු 29ක ජයක්.

  • BRC සහ Baduraliya SC

o ක්‍රීඩාංගණය – BRC, හැව්ලොක් ටවුන්.

o කාසියේ වාසිය – BRC

Baduraliya SC – සියලුම දෙනා දැවී 217 (47.3) අයන සිරිවර්ධන 44, රනේෂ් සිල්වා 48, Parvez Rasool 57, මොහොමඩ් ශිරාෂ් 3/49, දුශාන් හේමන්ත 3/44, ලක්ෂාන් ගමගේ 2/34

BRC – සියලුම දෙනා දැවී 141 (37.1) ලියෝ ෆැන්සිස්කෝ 26, දුලාශ් උදයංග 60, සසංක නිර්මාල් 2/25, නිර්මල රත්නායක 4/13

Baduraliya කණ්ඩායමට ලකුණු 76ක ජයක්.

  • Nugegoda SWC සහ SSC

o ක්‍රීඩාංගණය – ද සොයිසා, මොරටුව

o කාසියේ වාසිය – SSC

SSC – සියලුම දෙනා දැවී 152 (41.5) නුවනිඳු ප්‍රනාන්දු 50, නිසල තාරක 43, ලහිරු ගමගේ 3/29, චලන ද සිල්වා 2/22, සුවත් මෙන්ඩිස් 3/19

Nugegoda SWC – කඩුලු 7ක් දැවී 125 (37.0) කෙවින් පෙරේරා 55, රනිත ලියනාරච්චි 37, නිසල තාරක 3/23, දසුන් ශානක 2/31

SSC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් මත ලකුණු 6ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.