රාහුල් සහ නුවන් සුවිශේෂී කඩඉම්වලට

Major Clubs Limited Over Tournament 2023/24

709
Major Clubs Limited Over Tournament 2023/24

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (20) දවසේ ක්‍රියාත්මක වූවා. ඒ අතුරින් Chilaw Marians කණ්ඩායමට එරෙහිව ලකුණු 102ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Nugegoda කණ්ඩායම සමත් වූවා.

එම තරගයේ දී Nugegoda කණ්ඩායමේ 22 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන රාහුල් ගුණසේකර ලකුණු 46කට කඩුලු 5ක් දවා ගත්තා. එය ඔහුගේ List A තරග පිටියේ හොඳම පන්දු යැවීමයි.

CCC කණ්ඩායම නියෝජනය කළ නුවන් තුෂාර ද අද තම List A පිටියේ හොඳම පන්දු යැවීම කැපී පෙණුනා. Ragama කණ්ඩායමට එරෙහිව ලකුණු 35කට කඩුලු 4ක් දවා ගනිමින් ඔහු එම කඩඉමට පිවිසි අතර මෙම තරගය ඔහුගේ 37 වැනි තරගයයි.

අද දවසේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වූයේ Nugegoda කණ්ඩායමේ රුමේෂ් බුද්ධික. ඔහු Chilaw Marians කණ්ඩායමට එරෙහිව පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 75ක් ලබා ගැනීමට සමත් වීම ද කැපී පෙණුනා.

මේ අතර අද කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිත ව තිබූ Kurunegala Youth CC සහ Sebastianites C & AC කණ්ඩායම් අතර පැවැති අයහපත් තත්ත්වය මත පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා. එසේ වූවත් Sebastianites ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ ලකුණු 6ක් ලබා ගනිමින් පළමු ස්ථානයට පත් වූවා.

Group B

  • Chilaw Marians CC සහ Nugegoda SWC

o ක්‍රීඩාංගණය – Surrey Village, මග්ගොන.

o කාසියේ වාසිය – Chilaw Marians CC

Nugegoda SWC – සියලුම දෙනා දැවී 274 (49.3) තිලකරත්න සම්පත් 49, රුමේෂ් බුද්ධික 75, රාහුල් ගුණසේකර 22, රනිත ලියනාරච්චි 27, කෙවින් පෙරේරා 26, නිපුන් ප්‍රේමරත්න 2/32, පුලින තරංග 2/40, ලසිත් ලක්ෂාන් 2/36, චමෝද් සඳරු 2/47

Chilaw Marians CC – සියලුම දෙනා දැවී 172 (33.5) විශ්ව චතුරංග 45, රවීන් යසස් නොදැවී 46, තික්ෂිල ද සිල්වා 48, රාහුල් ගුණසේකර 5/46

Nugegoda SWC කණ්ඩායමට ලකුණු 102ක ජයක්.

Group A

  • RagamaCC සහ CCC

o ක්‍රීඩාංගණය – NCC, කොළඹ 7.

o කාසියේ වාසිය – CCC

Ragama CC – සියලුම දෙනා දැවී 236 (47.2) ජනිත් ලියනගේ 23, අවිශ්ක තරිඳු 39, රන්මිත් ජයසේන 44, චමත් ගෝමස් 32, නිපුන් මාලිංග නොදැවී 41, නුවන් තුෂාර 4/35, චතුරංග ද සිල්වා 2/32, ලක්ෂාන් සඳකැන් 2/50

CCC – කඩුල්ලක් දැවී 22 (5.0) මිනෝද් භානුක නොදැවී 13, ජනිත් ලියනගේ 1/14

තරගයේ විසඳුමක් නෑ.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<