ජනිත් ලියනගේ සුපිරි ක්‍රීඩකයා වේ

Major Clubs Limited Over Tournament 2023/24

5944
Major Clubs Limited Over Tournament 2023/24

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (21) දවසේත් ක්‍රියාත්මක වූ අතර කාලයකට පසුව පැවැති තරගවල විසඳුම් දෙමින් දවස නිමා වීම කැපී පෙණුනා.

ඒ අතර, Ragama CC කණ්ඩායමේ 28 හැවිරිදි වියේ පසුවෙන ජනිත් ලියනගේ අද තම List A තරග පිටියේ හොඳම ඉනිම සහ හොඳම පන්දු යැවීම වාර්තා කිරීම විශේෂයෙන් ම කැපී පෙණුනා. ඔහු Kurunegala Youth CC කණ්ඩායමට එරෙහිව පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 126ක් ලබා ගත් අතර දකුණතින් මඳ වේග පන්දු යවමින් ලකුණු 29කට කඩුලු 5ක් දවා ගත්තා.

මේ අතර Sebastianites  කණ්ඩායමේ තෙවිඳු සේනාරත්න, Galle ඉරෝෂ් සමරසූරිය සහ බුද්ධික හසරංග, Negombo CC කණ්ඩායමේ පසිඳු ලක්ශංක, Ragama CC කණ්ඩායමේ නිශාන් මධුශ්ක, Kurunegala Youth CC කණ්ඩායමේ නවීන් ප්‍රනාන්දු, CCC කණ්ඩායම මිනෝද් භානුක,  Panadura SC කණ්ඩායමේ හේෂාන් රාමනායක, NCC කමිල් මිෂාර සහ අහන් සිරිවර්ධන, SSC චරිත් අසලංක අර්ධ ශතක ලබා ගනිමින් කැපි පෙණුනා.

Group A

  • Galle CCසහSebastianites C & AC

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල.

o කාසියේ වාසිය – Sebastianites C & AC

Sebastianites C & AC – සියලුම දෙනා දැවී 204 (47.3) රවිජ සඳරුවන් 32, දුශාන් විමුක්ති 39, තෙවිඳු සේනාරත්න 50, ඉසිත විජේසුන්දර 22, මිහිරංග සිල්වා 2/43, පසිඳු මධුශාන් 3/43, තිරින්ද ගුරුගේ 3/29

Galle CC – කඩුලු 5ක් දැවී 207 (49.0) විශ්ව විජේරත්න 21, ඉරෝෂ් සමරසූරිය 62, ශාලිත් ප්‍රනාන්දු 23, බුද්ධික හසරංග නොදැවී 59, ඉසිත විජේසුන්දර 2/31, දුශාන් විමුක්ති 2/33

Galle CC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

  • NegomboCC සහ PoliceSC

o ක්‍රීඩාංගණය – FTZ, කටුනායක.

o කාසියේ වාසිය – Negombo CC

Police SC – කඩුලු 8ක් දැවී 123 (45) විශාද් රන්දික 21, දනාල් හේමානන්ද 40, චනුර ප්‍රනාන්දු 3/23, දනුශ්ක සඳරුවන් 3/19

Negombo CC – කඩුලු 3ක් දැවී 127 (26.4) ඩිල්ශාන් මුණවීර 36, පසිඳු ලක්ශංක 52, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 20

Negombo CC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

  • Ragama CC සහ Kurunegala Youth CC

o ක්‍රීඩාංගණය – P Sara Oval, කොළඹ.

o කාසියේ වාසිය – Ragama CC

Ragama CC – කඩුලු 8ක් දැවී 296 (50.0) නිශාන් මධුශ්ක 84, ජනිත් ලියනගේ 126, බිනුර ප්‍රනාන්දු 36, චමින්ද බණ්ඩාර 4/77, සමීර සඳමාල් 3/51

Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 158 (37.1) සනෝජ් දර්ශික 34, නවීන් ප්‍රනාන්දු 63, ජනිත් ලියනගේ 5/29, ශෂික දුල්ශාන් 2/34, නිපුන් මාලිංග 2/26

Ragama CC කණ්ඩායමට ලකුණු 138ක් ජයක්.

  • Moors SC සහ CCC

o ක්‍රීඩාංගණය – Moors SC, මුත්තයියා පාර.

o කාසියේ වාසිය – CCC

Moors SC – සියලුම දෙනා දැවී 158 (44) රමේෂ් මෙන්ඩිස් 33, ලහිරු සමරකෝන් 25, අසිත ප්‍රනාන්දු 2/35, නුවන් තුෂාර 2/21, අශාන් ප්‍රියංජන් 2/28, සොනාල් දිනූෂ 3/27

CCC – කඩුලු 8ක් දැවී 162 (28.1) මිනෝද් භානුක 76, පවන් රත්නායක 34, ප්‍රවීන් ජයවික්‍රම 3/30, මල්ෂ තරුපති 4/42

CCC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

  • SL Air ForceSC  සහ Tamil Union C & AC

o ක්‍රීඩාංගණය – SL Air Force, කටුනායක.

o කාසියේ වාසිය – SL Air Force SC

SL Air Force SC – සියලුම දෙනා දැවී 153 (46.2) කෙමිර විජේනායක 34, ප්‍රබෝද් ශ්‍රීමාල් 26, ගීත් කුමාර 28, දිලුම් සුධීර 2/35, රවීන් ද සිල්වා 4/29

Tamil Union C & AC – කඩුලු 7ක් දැවී 154 (38.5) රොන් චන්ද්‍රගුප්ත 30, රවිඳු ප්‍රනාන්දු නොදැවී 50, මොවින් සුබසිංහ 2/32, චානක රුවන්සිරි 2/33, ඩිල්ශාන් මාන්නප්පෙරුම 2/31

Tamil Union C & AC කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

Group B

  • SL Army SC සහ Kandy Customs CC

o ක්‍රීඩාංගණය – Army, පනාගොඩ.

o කාසියේ වාසිය – Kandy Customs CC

SL Army SC – සියලුම දෙනා දැවී 132 (39.3) දේශාන් ඩයස් 38, ඉමේෂ් උදයංග 27, සීක්කුගේ ප්‍රසන්න 4/24, මනුශ්ක සමිත් 2/23

Kandy Customs CC – කඩුලු 6ක් දැවී 133 (36.1) ෂෙහාන් ප්‍රනාන්දු 41, අසේල ගුණරත්න 23, පැතුම් කුමාර 47, යොහාන් මද්දගේ 2/17

SL Army SC කඩුලු 4ක ජයක්.

  • Panadura SC සහ Bloomfield C & AC

o ක්‍රීඩාංගණය – Bloomfield, කොළඹ 7.

o කාසියේ වාසිය – Panadura SC

Panadura SC – සියලුම දෙනා දැවී 130 (39.1) හේෂාන් රාමනායක 57, මිෂේන් සිල්වා 19, ලහිරු මධුශංක 2/22, මනෙල්ක ද සිල්වා 2/15, චමත් වික්‍රමසිංහ 4/19

Bloomfield C & AC – කඩුලු 8ක් දැවී 133 (41.2) නිපුන් කාරියවසම් 28, ලහිරු මධුශංක නොදැවී 41, නිමේෂ් විමුක්ති 3/25, ට්‍රෙවීන් මැතිව් 2/25, විශ්ව ලහිරු 2/21

Bloomfield C & AC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

  • Badureliya SC සහ NCC

o ක්‍රීඩාංගණය – Surrey Village, මග්ගොන.

o කාසියේ වාසිය – NCC

Badureliya SC – සියලුම දෙනා දැවී 187 (43.1) අයන සිරිවර්ධන 26, රනේෂ් සිල්වා 40, Parvez Rasool 56, මතීෂ පතිරණ 2/46, චාමික කරුණාරත්න 3/24, අශේන් ඩැනියෙල් 3/39

NCC – සියලුම දෙනා දැවී 172 (34.4) කමිල් මිෂාර 51, අහන් සිරිවර්ධන 52, චාමික කරුණාරත්න 25, රුචිර කෝසිත 2/34, නිර්මල රත්නායක 3/51

Badureliya SC කණ්ඩායමට ලකුණු 15ක ජයක්.

  • SSC සහ Ace Capital CC

o ක්‍රීඩාංගණය – SSC, කොළඹ 7.

o කාසියේ වාසිය – Ace Capital CC

SSC – සියලුම දෙනා දැවී 262 (49.5) ක්‍රිශාන් සංජුල 49, චරිත් අසලංක 64, නුවනිඳු ප්‍රනාන්දු 29, දසුන් ශානක 28, සිතුම් දිසානායක 3/46, නිම්සර අතරගල්ල 3/62

Ace Capital CC – සියලුම දෙනා දැවී 176 (38.0) තනුක දාබරේ 39, කවිඳු අමන්ත 28, රවිඳු රත්නායක 32, ප්‍රභාත් ජයසූරිය 2/42, දසුන් ශානක 2/17, චරිත් අසලංක 2/22, කවිඳු නදීශාන් 2/32

SSC කණ්ඩායමට ලකුණු 86ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<