රමේෂ් මෙන්ඩිස් හොඳම පන්දු යැවීම වාර්තා කරයි

Major Clubs Limited Over Tournament 2023/24

306
Major Clubs Limited Over Tournament 2023/24

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (18) දවසේ දී ද ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වුණ අතර එහි දී දකුණතින් පිට දඟ පන්දු යවන Moors කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් Police කණ්ඩායමට එරෙහිව ලකුණු 23කට කඩුලු 5ක් දවා ගනිමින් දවසේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වුනා.

ඔහුගේ මෙම දක්ෂතාව List A තරග 49ක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වූ අතර ඒ සමඟ ම ඔහු එම තරගවල කඩුලු 50 කඩඉම පසු කිරීමට ද සමත් වුනා.

මේ අතර අද නිමා වූ තරගවල දී CCC කණ්ඩායමේ සොනාල් දිනූෂ, Colts කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ සහ ජෙහාන් ඩැනියෙල් අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

අද කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Kurunegala Youth සහ Galle CC කණ්ඩායම් අතර තරගය අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ එක් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා.

Group A

  • Moors SC සහ Police SC

o ක්‍රීඩාංගණය – Moors SC, මුත්තයියා පාර.

o කාසියේ වාසිය – Moors SC

Police SC – සියලුම දෙනා දැවී 105 (28.5) විශාද් රන්දික 19, චතුරංග කුමාර 37, රමේෂ් මෙන්ඩිස් 5/23, මල්ෂ තරුපති 2/15

Moors SC – කඩුලු 3ක් දැවී 106 (23.0) කවිඳු කුලසේකර 18, ජනිශ්ක පෙරේරා නොදැවී 35, රමේෂ් මෙන්ඩිස් නොදැවී 15, අසිත ජයවර්ධන 1/14

Moors කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

  • CCC සහ Sebastianites C & AC

o ක්‍රීඩාංගණය – මහජන ක්‍රීඩාංගණය, පානදුර.

o කාසියේ වාසිය – CCC

CCC – සියලුම දෙනා දැවී 177 (33.5) කමිඳු මෙන්ඩිස් 37, සොනාල් දිනූෂ නොදැවී 80, චමිඳු විජේසිංහ 30, ඉසිත විජේසුන්දර 4/23, චරිත් රාජපක්ෂ 2/19, තරිඳු රත්නායක 2/24

Sebastianites C & AC – කඩුලු 4ක් දැවී 107 (21.0) ලොහාන් ද සොයිසා 23, දුශාන් විමුක්ති නොදැවී 37, සචිත ජයතිලක නොදැවී 23, අසිත ප්‍රනාන්දු 2/17

Sebastianites කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 4ක ජයක්.

  • Colts CC සහ Ragama CC

o ක්‍රීඩාංගණය – Colts CC, හැව්ලොක් පෙදෙස.

o කාසියේ වාසිය – Ragama CC

Colts CC – කඩුලු 8ක් දැවී 213 (39.0) දුනිත් වෙල්ලාලගේ 51, ජෙහාන් ඩැනියෙල් 71, මුදිත ලක්ෂාන් 33, ශෙරන් ෆොන්සේකා නොදැවී 26, ජනිත් ලියනගේ 2/41, සංජුල බණ්ඩාර 2/25

Ragama CC – කඩුලු 7ක් දැවී 103 (27.0) සමින්ද ප්‍රනාන්දු 39, අවිශ්ක තරිඳු 18, මුදිත ලක්ෂාන් 4/28, අකිල ධනංජය 2/16

Colts කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 66ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<