ඉරෝෂ් සහ ශාලිත් ශතක රැස් කරයි

Major Clubs Limited Over Tournament 2023/24

165
Major Clubs Limited Over Tournament 2023/24

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (19) දවසේ ක්‍රියාත්මක තරගවල දී Galle කණ්ඩායම නියෝජනය කරන ඉරෝෂ් සමරසූරිය සහ ශාලිත් ප්‍රනාන්දු ශතක ලබා ගැනීමට සමත් වූවා.

Galle CC කණ්ඩායමේ නායක ඉරෝෂ් සමරසූරිය පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 128ක් ලබා ගනිද්දී ශාලිත් ප්‍රනාන්දු පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව තෙවැනි කඩුල්ලට ලකුණු 164ක සබඳතාවක් ද ගොඩ නැගූ අතර ශාලිත් විසින් අද වාර්තා කළේ තම List A කාණ්ඩයේ මංගල ශතකයයි.  ඔවුන්ගේ මෙම දක්ෂතා Tamil Union කණ්ඩායමට එරෙහිව වාර්තා වූවා.

අද දවසේ නිමා වූ අනෙක් තරගවල දී Colts කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස්, Army කණ්ඩායමේ ෂෙහාන් ප්‍රනාන්දු සහ ලක්ෂාන් එදිරිසිංහ, SSC කණ්ඩායමේ දසුන් ශානක, Badureliya කණ්ඩායමේ රනේෂ් සිල්වා සහ රොහාන් සංජය අර්ධ ශතක වාර්තා කිරීමට කැපී පෙණුනා.

Group A

  • Galle CC සහ Tamil Union C & AC

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල.

o කාසියේ වාසිය – Tamil Union C & AC

Galle CC – කඩුලු 6ක් දැවී 291 (50.0) ඔෂඳ ප්‍රනාන්දු 32, ඉරෝෂ් සමරසූරිය 128, ශාලිත් ප්‍රනාන්දු නොදැවී 101, දිලුම් සුධීර 2/45, ප්‍රමෝද් මධුශාන් 2/60, කවිඳු පතිරත්න 2/48

Tamil Union C & AC – කඩුල්ලක් දැවී 58 (13.0) සිතාර හපුහින්න 29, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 19, තරින්ද ගුරුගේ 1/05

තරගයේ විසඳුමක් නෑ.

  • Air Force SCසහ Negombo CC

o ක්‍රීඩාංගණය – ගුවන් හමුදා ක්‍රීඩාංගණය, කටුනායක.

o කාසියේ වාසිය – Negombo CC

Air Force SC – සියලුම දෙනා දැවී 112 (39.4) චාමර ප්‍රනාන්දු 34, චානක රුවන්සිරි 21, ඩිල්ශාන් මුණවීර 3/24, ධනුශ්ක සඳරුවන් 2/41, උපුල් ඉන්ද්‍රසිරි 4/16

Negombo CC – කඩුලු 7ක් දැවී 116 (31.2) කවිඳු ඉරෝෂ් 19, මිලින්ද සිරිවර්ධන නොදැවී 49, ගයාන් ද සිල්වා 2/23, චානක රුවන්සිරි 2/12

Negombo CC කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

  • Moors SC සහ Colts CC

o ක්‍රීඩාංගණය – Moors SC, මුත්තයියා පාර.

o කාසියේ වාසිය – Moors SC

Colts CC – සියලුම දෙනා දැවී 171 (43.0) ඇන්ජලෝ මැතිව්ස් 72, මුදිත ලක්ෂාන් 34, රමේෂ් මෙන්ඩිස් 4/30, ඉමිතියාස් ස්ලාසා 3/20, ලහිරු සමරකෝන් 2/27

Moors SC – කඩුලු 3ක් දැවී 112 (27.0) මොහොමඩ් ෂමාස් 21, සොහාන් ද ලිවේරා 33, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 32, අකිල ධනංජය 2/19

Moors SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 24ක ජයක්.

Group B

  • Army SC සහ Bloomfield C&AC

o ක්‍රීඩාංගණය – Army, දොඹගොඩ.

o කාසියේ වාසිය – Bloomfield C & AC

Army SC – කඩුලු 7ක් දැවී 246 (50.0) ෂෙහාන් ප්‍රනාන්දු 50, අශාන් රන්දික 27, ලක්ෂාන් එදිරිසිංහ 59, තිසර පෙරේරා 39, සුමින්ද ලක්ෂාන් 27, ලහිරු මධුශංක 2/47, අසිත වන්නිනායක 3/23

Bloomfield C & AC – කිසිවෙක් නොදැවී 59 (12.0) සඳුන් වීරක්කොඩි නොදැවී 35, හසිත බෝයගොඩ නොදැවී 22

තරගයේ විසඳුමක් නෑ.

  • Badureliya SC සහ Kandy Customs CC

o ක්‍රීඩාංගණය – Surrey Village, මග්ගොන.

o කාසියේ වාසිය – Kandy Customs CC

Badureliya SC – කඩුලු 9ක් දැවී 238 (50.0) රනේෂ් සිල්වා 62, Parvez Rasool 21, රොහාන් සංජය නොදැවී 52, බුද්ධික සංජීව 2/28, යොහාන් මද්දගේ 3/44

Kandy Customs CC – සියලුම දෙනා දැවී 111 (23.2) දේශාන් ඩයස් නොදැවී 28, ඉමේෂ් උදයංග 28, බුද්ධික සංජීව 31, Parvez Rasool 4/50, අලංකාර අසංක 3/36, රුචිර කෝෂිත 3/13

Badureliya SC කණ්ඩායමට ලකුණු 127ක ජයක්.

  • Panadura SC සහ Nugegoda SWC

o ක්‍රීඩාංගණය – මහජන ක්‍රීඩාංගණය, පානදුර.

o කාසියේ වාසිය – Panadura SC

Nugegoda SWC – සියලුම දෙනා දැවී 206 (43.1) තිලකරත්න සම්පත් 45, රනිත ලියනාරච්චි 65, කෙවින් පෙරේරා 20, නිමේෂ් විමුක්ති 2/38, විශ්ව ලහිරු 3/34, ට්‍රෙවීන් මැතිව් 4/31

Panadura SC – කඩුලු 7ක් දැවී 147 (28.0) හෂේන් රාමනායක 23, මිශේන් සිල්වා 34, යශෝධ මෙන්ඩිස් නොදැවී 45, ලහිරු ගමගේ 2/42, ඩිල්ශාන් අබේසිංහ 3/31

 Nugegoda SWC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 17ක ජයක්.

  • Ace Capital CC සහ Chilaw Marians CC

o ක්‍රීඩාංගණය – Bloomfield, කොළඹ 7.

o කාසියේ වාසිය – Chilaw Marians CC

Chilaw Marians CC – සියලුම දෙනා දැවී 114 (21.4) චමෝද් සඳරු 31, සිතුම් දිසානායක 3/29, වනුජ සහන් 2/29, රොෂාන් ජයතිස්ස 3/20

Ace Capital CC – කඩුලු 3ක් දැවී 116 (15.1) තනුක දාබරේ 20, පවන්ත වීරසිංහ නොදැවී 49, රවිඳු රත්නායක 33, ලසිත් ලක්ෂාන් 2/38

Ace Capital CC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

  • BRC සහ SSC

o ක්‍රීඩාංගණය – BRC, හැව්ලොක් ටවුන්.

o කාසියේ වාසිය – SSC

SSC – සියලුම දෙනා දැවී 272 (49.3) අවිශ්ක ප්‍රනාන්දු 40, ක්‍රිශාන් සංජුල 25, කුසල් මෙන්ඩිස් 32, චරිත් අසලංක 39, නුවනිඳු ප්‍රනාන්දු 20, දසුන් ශානක 76, මොහොමඩ් ශිරාස් 3/52, දුශාන් හේමන්ත 4/34, නිමන්ද මධුශංක 2/72

BRC – සියලුම දෙනා දැවී 173 (33.1) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 20, ලක්ෂාන් ගමගේ 28, නිමන්ද මධුශංක 31, Murvin Abinash 28, ප්‍රභාත් ජයසූරිය 2/51, චරිත් අසලංක 4/44, කවිඳු නදීශාන් 2/32, කුසල් මෙන්ඩිස් 2/03

SSC කණ්ඩායමට ලකුණු 99ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.