ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර Dhaka හිදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 34ක් රැස්කරගෙන සිටියා.
තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (25) දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 282ක් ලබා ගනිමින් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 83ක් පිටුපසින් සිටියා.
අද (26) උදෑසන සිට බංග්ලාදේශ පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළ මැතිව්ස් සහ චන්දිමාල් හයවැනි කඩුල්ල සඳහා නොබිඳුණු ශතක සම්බන්ධතාවක් පිහිට වූ අතර චන්දිමාල් සිය ක්‍රීඩා දිවියේ 22 වැනි අර්ධ ශතකය ද රැස් කරන්නට සමත් වුනා.
සිව්වැනි දිනයේ පළමු අර්ධයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 87ක් ලබා ගැනීමට සමත් වීම නිසාවෙන් දිවා ආහාරයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා ලකුණු 369ක් ලබා ගනිමින් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 4ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනා.
පෙර තරගයේ ලබා ගත් රිද්මයෙන් ක්‍රීඩා කරමින් සිටි මැතිව්ස් දිවා ආහාරය වන විට නොදැවී ලකුණු 93ක් ලබා සිටි අතර ඔහුට අගනා සහයක් ලබා දුන් චන්දිමාල් නොදැවී ලකුණු 61යි.
දිවා ආහාරයෙන් පසුව ද බංග්ලාදේශ පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් මැතිව්ස් සහ චන්දිමාල් තේ පානය සඳහා තරගය නතර කරන විට ලකුණු 193ක නොබිඳුණු සම්බන්ධතාවක් පිහිටුවීමට සමත්ව තිබුණා.
- මැතිව්ස් – ධනංජය ශතක සබඳතාවයෙන් ශ්‍රී ලංකාවට ස්ථාවරත්වයක්
- ශ්‍රී ලංකා කණ්ඩායමට වැරදුණු තැන Silverwood කියයි
- දිමුත් සහ ඕෂධගේ අර්ධ ශතකවලින් ශ්‍රී ලංකාවට හොඳ ආරම්භයක්
- නීති කැඩූ කමිල් මිෂාර දිවයිනට ගෙන්වයි
තරගාවලියේ දෙවැනි සහ ටෙස්ට් දිවියේ 13 වැනි ශතකය රැස් කිරීමට මැතිව්ස්ට හැකි වෙද්දී, අගනා ඉනිමක් ක්‍රීඩා කළ චන්දිමාල් සිය ටෙස්ට් දිවියේ 12 වැනි ශතකය සම්පූර්ණ කළා.
ඒ අනුව තේ පානයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 5ක් දැවී ලකුණු 459ක් ලබා ගනිමින් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 94ක් ඉදිරියෙන් සිටීමට සමත් වුනා.
තේ පානයෙන් කෙටි වේලාවකට පසුව හයවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 199ක සම්බන්ධතාව අවසන් කරමින් දිනේෂ් චන්දිමාල් ලකුණු 124කට Ebadot Hossainගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර එම සම්බන්ධතාව බංග්ලාදේශය තුළ දී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් හයවැනි කඩුල්ලට පිහිට වූ ඉහළම සම්බන්ධතාව ලෙස සටහන් වීම විශේෂත්වයක්.
ඉන්පසු පිටියට පැමිණි නිරෝෂන් දික්වැල්ල ලකුණු 09කට, රමේෂ් මෙන්ඩිස් ලකුණු 10කට සහ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු නොලබාම දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ට හැකි වුනේ මැතිව්ස් පිටිය තුළ හුදකලා කරමිනුයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පිතිකරු වූ අසිත ප්‍රනාන්දු ලකුණු 02ක් ලබා සිටිය දී දුවද්දී දැවී යාමකට ගොදුරු වීම නිසාවෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 506කට සීමා වුනේ ලකුණු 141ක ඉදිරියක් ද සමඟයි.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ මැතිව්ස් නොදැවී ලකුණු 145ක් ලබා ගැනීමට සමත් වෙද්දී, බංග්ලාදේශය වෙනුවෙන් Shakib Al Hasan ලකුණු 96කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.
දෙවැනි ඉනිම සඳහා පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස Tamim Iqbal ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට අසිත ප්‍රනාන්දු සමත් වෙද්දී, Najmul Hossain ලකුණු දෙකකට දුවද්දී දැවී යාමකට ගොදුරු වුනේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 21ක් වන විටයි.
පළමු ඉනිමෙහි මෙන්ම දෙවැනි ඉනිමේ දීත් සිය කඩුලු දඩයම ආරම්භ කළ කසුන් රාජිත බංග්ලාදේශ නායක Mominul Haque ලකුණු ලබා ගැනීමට ප්‍රථමයෙන් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුනේ බංග්ලාදේශ ලකුණු පුවරුව 19/3 බවට පත්කරමිනුයි.
Mahmudul Hasan Joy හට ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ ලබා නොදෙමින් ලකුණු 15ක් ලබා සිටි Mahmudul Hasan Joy දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුනේ කුසල් මෙන්ඩිස් ලබාගත් උඩපන්දුව නිසයි.
සිව්වැනි දිනය අවසානයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී 34ක් රැස් කරගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 107ක් පිටුපසින් සිටියා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Mahmudul Hasan Joy | b Kasun Rajitha | 0 | 2 | 0 | 0 | 0.00 |
Tamim Iqbal | c Praveen Jayawickrama b Asitha Fernando | 0 | 4 | 0 | 0 | 0.00 |
Najmul Hossain Shanto | b Kasun Rajitha | 8 | 21 | 1 | 0 | 38.10 |
Mominul Haque | c Niroshan Dickwella b Asitha Fernando | 9 | 9 | 2 | 0 | 100.00 |
Mushfiqur Rahim | not out | 175 | 355 | 21 | 0 | 49.30 |
Shakib Al Hasan (vc) | lbw b Kasun Rajitha | 0 | 1 | 0 | 0 | 0.00 |
Liton Das | c Kusal Mendis b Kasun Rajitha | 141 | 246 | 16 | 1 | 57.32 |
Mosaddek Hossain | c Niroshan Dickwella b Kasun Rajitha | 0 | 3 | 0 | 0 | 0.00 |
Taijul Islam | c Niroshan Dickwella b Asitha Fernando | 15 | 37 | 0 | 0 | 40.54 |
Khaled Ahmed | c Niroshan Dickwella b Asitha Fernando | 0 | 2 | 0 | 0 | 0.00 |
Ebadot Hossain | not out | 0 | 20 | 0 | 0 | 0.00 |
Extras | 17 (b 9 , lb 3 , nb 2, w 3, pen 0) |
Total | 365/9 (116.2 Overs, RR: 3.14) |
Fall of Wickets | 1-1 (0.2) Mahmudul Hasan Joy , 2-6 (1.4) Tamim Iqbal, 3-16 (5.1) Mominul Haque, 4-24 (6.4) Najmul Hossain Shanto, 5-24 (6.5) Shakib Al Hasan (vc), 6-296 (92.1) Liton Das, 7-296 (92.4) Taijul Islam, 8-349 (107.1) Khaled Ahmed, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 28.2 | 7 | 64 | 5 | 2.27 | |
Asitha Fernando | 26 | 2 | 93 | 4 | 3.58 | |
Praveen Jayawickrama | 38 | 9 | 108 | 0 | 2.84 | |
Ramesh Mendis | 14 | 0 | 53 | 0 | 3.79 | |
Dhananjaya de Silva | 6 | 0 | 27 | 0 | 4.50 | |
Dimuth Karunarathne | 4 | 1 | 8 | 0 | 2.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | c Najmul Hossain Shanto b Ebadot Hossain | 57 | 91 | 8 | 1 | 62.64 |
Dimuth Karunarathne | b Shakib Al Hasan (vc) | 80 | 155 | 9 | 0 | 51.61 |
Kusal Mendis | lbw b Shakib Al Hasan (vc) | 11 | 49 | 0 | 0 | 22.45 |
Kasun Rajitha | b Ebadot Hossain | 0 | 12 | 0 | 0 | 0.00 |
Angelo Mathews | not out | 145 | 342 | 12 | 2 | 42.40 |
Dhananjaya de Silva | c Liton Das b Shakib Al Hasan (vc) | 58 | 95 | 9 | 0 | 61.05 |
Dinesh Chandimal | c Tamim Iqbal b Ebadot Hossain | 124 | 219 | 11 | 1 | 56.62 |
Niroshan Dickwella | c Liton Das b Shakib Al Hasan (vc) | 9 | 10 | 1 | 0 | 90.00 |
Ramesh Mendis | lbw b Ebadot Hossain | 10 | 11 | 2 | 0 | 90.91 |
Praveen Jayawickrama | c Liton Das b Shakib Al Hasan (vc) | 0 | 3 | 0 | 0 | 0.00 |
Asitha Fernando | run out (Shakib Al Hasan (vc)) | 2 | 6 | 0 | 0 | 33.33 |
Extras | 10 (b 0 , lb 8 , nb 2, w 0, pen 0) |
Total | 506/10 (165.1 Overs, RR: 3.06) |
Fall of Wickets | 1-95 (25.5) Oshada Fernando, 2-139 (43.1) Kusal Mendis, 3-144 (46.2) Kasun Rajitha, 4-164 (55.6) Dimuth Karunarathne, 5-266 (87.5) Dhananjaya de Silva, 6-465 (156.6) Dinesh Chandimal, 7-501 (162.5) Ramesh Mendis, 8-502 (163.3) Praveen Jayawickrama, 9-506 (165.1) Asitha Fernando , 10-482 (192.5) Niroshan Dickwella, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Khaled Ahmed | 23 | 1 | 85 | 0 | 3.70 | |
Ebadot Hossain | 38 | 4 | 148 | 4 | 3.89 | |
Shakib Al Hasan | 40.1 | 11 | 96 | 5 | 2.39 | |
Mosaddek Hossain | 12 | 1 | 38 | 0 | 3.17 | |
Taijul Islam | 49 | 10 | 124 | 0 | 2.53 | |
Mominul Haque | 3 | 0 | 7 | 0 | 2.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Mahmudul Hasan Joy | c Kusal Mendis b Asitha Fernando | 15 | 27 | 3 | 0 | 55.56 |
Tamim Iqbal | c Kusal Mendis b Asitha Fernando | 0 | 11 | 0 | 0 | 0.00 |
Najmul Hossain Shanto | run out (Praveen Jayawickrama) | 2 | 11 | 0 | 0 | 18.18 |
Mominul Haque | c Niroshan Dickwella b Kasun Rajitha | 0 | 2 | 0 | 0 | 0.00 |
Mushfiqur Rahim | b Kasun Rajitha | 23 | 39 | 4 | 0 | 58.97 |
Liton Das | c & b Asitha Fernando | 52 | 135 | 3 | 0 | 38.52 |
Shakib Al Hasan (vc) | c Niroshan Dickwella b Asitha Fernando | 58 | 72 | 7 | 0 | 80.56 |
Mosaddek Hossain | lbw b Ramesh Mendis | 9 | 22 | 1 | 0 | 40.91 |
Taijul Islam | lbw b Asitha Fernando | 1 | 10 | 0 | 0 | 10.00 |
Ebadot Hossain | not out | 0 | 5 | 0 | 0 | 0.00 |
Khaled Ahmed | b Asitha Fernando | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 2 (b 0 , lb 1 , nb 0, w 1, pen 0) |
Total | 162/10 (55.3 Overs, RR: 2.92) |
Fall of Wickets | 1-19 (3.2) Mominul Haque, 2-15 (5.1) Tamim Iqbal, 3-19 (7.2) Najmul Hossain Shanto, 4-23 (9.1) Mahmudul Hasan Joy , 5-53 (20.3) Mushfiqur Rahim, 6-156 (47.5) Liton Das, 7-163 (51.1) Shakib Al Hasan (vc), 8-169 (52.2) Taijul Islam, 9-169 (54.1) Mosaddek Hossain, 10-169 (55.3) Khaled Ahmed, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 12 | 5 | 40 | 2 | 3.33 | |
Asitha Fernando | 17.3 | 5 | 51 | 6 | 2.95 | |
Praveen Jayawickrama | 13 | 0 | 47 | 6 | 3.62 | |
Ramesh Mendis | 11 | 2 | 20 | 1 | 1.82 | |
Dhananjaya de Silva | 2 | 0 | 10 | 0 | 5.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | not out | 21 | 9 | 3 | 1 | 233.33 |
Dimuth Karunaratne | not out | 7 | 9 | 1 | 0 | 77.78 |
Extras | 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 28/0 (3 Overs, RR: 9.33) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Taijul Islam | 1 | 0 | 16 | 0 | 16.00 | |
Shakib Al Hasan | 1 | 0 | 7 | 0 | 7.00 | |
Ebadot Hossain | 1 | 0 | 5 | 0 | 5.00 |
තරගයේ අවසන් දිනය හෙටයි (27). තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<