චමෝද් සහ තනුක සුවිශේෂී කඩඉම්වලට

Major Clubs Limited Over Tournament 2023/24

330

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (13) ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වුණා.

එහි දී Chilaw Marians කණ්ඩායමේ 22 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු චමෝද් සඳරු, Kandy Customs CC කණ්ඩායමට එරෙහිව පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 101ක් ලබා ගත්තා. එය ඔහුගේ තරග 17ක් වන List A පිටියේ මංගල ශතකය වූවා මෙන් ම මෙවර තරගාවලියේ ද මංගල ශතකයයි.

ඊට අමතර ව Ace Capital කණ්ඩායමේ 25 වැනි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන තනුක දාබරේ, තරග 32ක් වන තම List A පිටියේ හොඳම පන්දු යැවීම අද Nugegoda කණ්ඩායමට එරෙහිව වාර්තා කළා. ඒ පන්දුවාර 6.1ක් යවමින් ලකුණු 18කට කඩුලු 5ක් දවා ගනිමිනුයි.

Galle CC කණ්ඩායමේ ඔෂඳ ප්‍රනාන්දු සහ ඉරෝෂ් සමරසූරිය, Colts CC කණ්ඩායමේ සංගීත් කුරේ, Chilaw Marians කණ්ඩායමේ රවීන් යසස්, Kandy Customs CC කණ්ඩායමේ ඉමාල් ලියනගේ සහ දේශාන් ඩයස් අර්ධ ශතක වාර්තා කරමින් කැපී පෙණෙන ඉනිම් ක්‍රීඩා කළා.

මේ අතර අද Bloomfield පිටියේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Group A කාණ්ඩයේ Ragama CC  සහ Air Force SC කණ්ඩායම් අතර තරගයත් Panadura පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ Group B කාණ්ඩයේ Panadura SC සහ NCC අතර තරගයත්  ක්‍රීඩාංගණවල පැවැති අයහපත් තත්ත්වය මත පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලදි.

Group A

  • Kurunegala Youth CC සහ CCC

o ක්‍රීඩාංගණය – වෙළගෙදර, කුරුණෑගල.

o කාසියේ වාසිය – Kurunegala Youth CC

CCC – සියලුම දෙනා දැවී 154 (22.5) ලසිත් කෲස්පුල්ලේ 25, ධනංජය ද සිල්වා 29, කමිඳු  මෙන්ඩිස් 20, චතුරංග ද සිල්වා 21, රන්දීර රණසිංහ 2/44, නවීන් ප්‍රනාන්දු 3/29

Kurunegala Youth CC – කඩුලු 5ක් දැවී 112 (20.0) ගයාන් මනීශාන් නොදැවී 45, නවීන් ප්‍රනාන්දු නොදැවී 24, චතුරංග ද සිල්වා 3/22

CCC කණ්ඩායමට ඩක්වරත් ලුවිස් න්‍යාය මත ලකුණු 17ක ජයක්.

  • Moors SC සහ Negombo CC

o ක්‍රීඩාංගණය – Moors SC, මුත්තයියා පාර.

o කාසියේ වාසිය – Negombo CC

Moors SC – සියලුම දෙනා දැවී 62 (21.4) සොහාන් ද ලිවේරා 12, ඩිල්ශාන් මුණවීර 2/22, උපුල් ඉන්ද්‍රසිරි 3/08, නිශාන් පීරිස් 4/05

Negombo CC – කඩුලු 2ක් දැවී 63 (15.3) කවිඳු ඉරෝෂ් නොදැවී 25, හිමාෂ ලියනගේ නොදැවී 15, ප්‍රවීන් ජයවික්‍රම 1/12

Negombo CC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

  • Colts CC සහ Galle CC

o ක්‍රීඩාංගණය – Colts CC, හැව්ලොක් පෙදෙස.

o කාසියේ වාසිය – Colts CC

Galle CC – කඩුලු 9ක් දැවී 188 (36) ඔෂඳ ප්‍රනාන්දු 56, ඉරෝෂ් සමරසූරිය 68, සම්පත් පෙරේරා 21, උදිත් මදුශාන් 3/41, දුනිත් වෙල්ලාලගේ 2/34, අකිල ධනංජය 2/28, කවිශ්ක අංජුල 2/47

Colts CC – කඩුලු 6ක් දැවී 151 (29.0) සංගීත් කුරේ 61, ඇන්ජලෝ මැතිව්ස් 24, සහන් අදීශ 3/41

Colts CC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 4ක ජයක්.

  • Police SC සහ Sebastianites C & AC

o ක්‍රීඩාංගණය – Police SC, තිඹිරිගස්යාය.

o කාසියේ වාසිය – Police SC

Police SC – සියලුම දෙනා දැවී 137 (44.0) හේෂාන් ධනුෂ්ක 28, චතුරංග කුමාර 29, තරිඳු රත්නායක 3/27, චාමිකර එදිරිසිංහ 2/28, ප්‍රමෝද් මදුවන්ත 3/16

Sebastianites C & AC – කඩුලු 4ක් දැවී 140 (38.0) අභිලාශ් ලියනාරච්චි 36, ලොහාන් ද සොයිසා 32, දුශාන් විමුක්ති 37, සුපුන් මදුශංක 2/35

Sebastianites C & AC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Group B

  • Nugegoda SWC සහ Ace Capital CC

o ක්‍රීඩාංගණය – Air Force, කටුනායක.

o කාසියේ වාසිය – Ace Capital CC

Nugegoda SWC – සියලුම දෙනා දැවී 223 (49.1) තිලකරත්න සම්පත් 30, රුමේෂ් බුද්ධික 75, Akram Muthalib 24, රාහුල් ගුණසේකර 26, ලහිරු ගමගේ 22, වනුජ සහන් 2/33, තනුක දාබරේ 5/18

Ace Capital CC – සියලුම දෙනා දැවී 142 (37.4) පවන්ත වීරසිංහ 28, සිතාර ගිම්හාන් 25, හර්ෂ කුරේ 29, ලහිරු ගමගේ 2/35, ඩිල්ශාන් අබේසිංහ 2/30, තිලකරත්න සම්පත් 2/11, සුවත් මෙන්ඩිස් 3/27

Nugegoda SWC කණ්ඩායමට ලකුණු 81ක ජයක්.

  • BRC සහ Bloomfield C & AC

o ක්‍රීඩාංගණය – BRC, හැව්ලොක් පෙදෙස.

o කාසියේ වාසිය – Bloomfield C & AC

BRC – සියලුම දෙනා දැවී 145 (33.0) දුශාන් හේමන්ත 36, භානුක රාජපක්ෂ 24, ලක්ෂාන් ගමගේ 30, අසිත වන්නිනායක 3/26, සහන් නානායක්කාර 3/31, ජෙෆ්රි වැන්ඩර්සේ 4/40

Bloomfield C & AC – කඩුලු 6ක් දැවී 146 (33.3) හසිත බෝයගොඩ 36, නිපුන් කරුණානායක 39, ලහිරු මධුශංක නොදැවී 31, Murvin Abinash 2/25

Bloomfield C & AC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

  • Chilaw MariansCC සහ Kandy Customs CC

o ක්‍රීඩාංගණය – Surrey Village, මග්ගොන

o කාසියේ වාසිය – Kandy Customs CC

Chilaw Marians CC – කඩුලු 9ක් දැවී 307 (50.0) විශ්ව චතුරංග 24, ලසිත් ලක්ෂාන් 21, චමෝද් සඳරු 101, රවීන් යසස් 86, තික්ෂිල ද සිල්වා 30, කසුන් මධුශංක 4/43, මිතුන් ජයවික්‍රම 2/67, ඉමේෂ් උදයංග 2/66

Kandy Customs CC – කඩුලු 4ක් දැවී 178 (35.0) මලිඳු මදුරංග 25, ඉමාල් ලියනගේ 87, දේශාන් ඩයස් නොදැවී 51, පුලින තරංග 3/19

Chilaw Marians CC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 20ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<