ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හෙට Hong Kong Sixes තරග බිමේ

Hong Kong Sixes 2026

3

Hong Kong Sixes තරගාවලිය සඳහා සහභාගී වීමට එරට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය හෙට (30) බංග්ලාදේශය සමඟින් පැවැත්වේ.  

22 වැනි වරටත් පැවැත්වෙන මෙවර තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 12ක් සහභාගී වීමට නියමිතයි. නිමා වූ වසරේ ශූරයන් වූ පාකිස්තානය මෙවර තරගාවලියේ දී C කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන අතර ශ්‍රී ලංකා තරගාවලියට එක් වෙන්නේ B කාණ්ඩයෙනුයි.  

Hong Kong යන ශ්‍රී ලංකා Sixes කණ්ඩායමත් සූදානම්

තරගාවලියට එක් වෙන කණ්ඩායම් 

A කාණ්ඩය 

ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ හොංකොං 

 

B කාණ්ඩය 

බංග්ලාදේශය, ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව 

 

C කාණ්ඩය 

ඉන්දියාව, පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 

 

D කාණ්ඩය 

ඇෆ්ගනිස්තානය, ඔමාන් සහ දකුණු අප්‍රිකාව 

මෙම තරගාවලිය ඔක්තෝබර් 30, 31 සහ නොවැම්බර් 01 වැනිදා දක්වා වූ දින 3, Mong Kok හී Mission Road ක්‍රීඩාංගණයේ දී Cup Finals, Plate Finals සහ Bowl Finals යන අදියර 3ක් යටතේ පැවැත්වීමට නියමිතයි.  

තරගාවලියේ කාලසටහන 

ඔක්තෝබර් 30 

  • පෙරවරු 6.15 : හොංකොං සහ ඔස්ට්‍රේලියාව අතර තරගය 
  • පෙරවරු 7.10 : බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතර තරගය 
  • පෙරවරු 8.05 : පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය 
  • පෙරවරු 9.00 : ඔමානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය 
  • පෙරවරු 9.55 : හොංකොං සහ එංගලන්තය අතර තරගය 
  • පෙරවරු 10.50 : බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගය 
  • පෙරවරු 11.45 : ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය 
  • පස්වරු 12.40 : ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය 
  • පස්වරු 1.35 : ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගය 

ඔක්තෝබර් 31 වැනිදා 

පෙරවරු 6.15 : ඇෆ්ගනිස්තානය සහ ඔමානය අතර තරගය 

පෙරවරු 7.10 : ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය 

  • පෙරවරු 8.05 : ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය 
  • පෙරවරු 9. 00 : Bowl, 1 වැනි අවසන් පුර්ව තරගය 
  • පෙරවරු 9.55 : Bowl, 2 වැනි අවසන් පූර්ව තරගය 
  • පෙරවරු 10.50 : Plate, 1 වැනි අවසන් පූර්ව තරගය 
  • පෙරවරු 11.45 : Plate, 2 වැනි අවසන් පූර්ව තරගය 
  • පස්වරු 12.40 : 1 වැනි අවසන් පූර්ව තරගය 
  • පස්වරු 1.35 : 2 වැනි අවසන් පූර්ව තරගය 

නොවැම්බර් 1 වැනිදා 

  • පෙරවරු 7.10 : 11 වැනි ස්ථානය, Play-off තරගය 
  • පෙරවරු 8.05 : 7 වැනි ස්ථානය, Play-off තරගය 
  • පෙරවරු 9.00 : 3 වැනි ස්ථානය, Play-off තරගය 
  • පෙරවරු 10.50 : Bowl අවසන් මහා තරගය 
  • පෙරවරු 11.45 : Plate අවසන් මහා තරගය 
  • පෙරවරු 12.40 : Cup අවසන් මහා තරගය 

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මිට පෙර 2007 සහ 2024 වසර ද්විත්වයේ ශූරතාව ද සහ 1993 සහ 2004 යන වසර අනුශූරතාව ද දිනා තිබෙනවා. නිමා වූ වසරේ ලහිරු මධුශංක ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට Bowl කුසලානය දිනා ගත්තා.  

2026 ශ්‍රී ලංකා සය සාමාජික ක්‍රිකට් කණ්ඩායම 

සංගීත් කුරේ (නායක), මොවින් සුබසිංහ, විශේන් හැළඹගේ, චමිඳු විජේසිංහ, සචිත ජයතිලක, රවිඳු ප්‍රනාන්දු සහ මුදිත ලක්ෂාන්. 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<