Bloomfield ක්‍රීඩකයෝ ඉනිමක ජයක් ලබයි

SLC Major Club 3 Day Tournament

91
SLC Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (21) නිමා වූ Bloomfield සහ Chilaw Marians අතර තරගයෙන් ඉනිමක සහ ලකුණු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Bloomfield කණ්ඩායම සමත් වූවා.

Bloomfield ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ පළමු දිනය එකඳු හෝ පන්දුවක් නොයවමින් අතහැර දැමුණ අතර දෙවැනි දිනය නිමා වූයේ දෙපිලේ ම කඩුලු 24ක් අහිමි වෙමිනුයි.

අද තරගය ආරම්භ වන විට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා Chilaw Marians කණ්ඩායමට කඩුලු 6ක් අතැතිව තවත් ලකුණු 55ක් ලබා ගත යුතු වූව ද  ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 51ක් පමණයි.

 ඔවුන්ගේ ඉනිම අසරණ කිරීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන 25 හැවිරිදි වියේ පසුවෙන රවිඳු ප්‍රනාන්දු ලකුණු 50කට කඩුලු 6ක් දවා ගත්තා. ඔහු පළමු ඉනිමේ දී ද ලකුණු 42කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූවා. ඒ අනුව ඔහු මෙම තරගයේ දී ලකුණු 92කට කඩුලු 11ක් දවා ගත් අතර එය ඔහුගේ තරග 39ක් වන පළමු පෙළ තරගයක වාර්තා වූ හොඳම පන්දු යැවීමයි.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Bloomfield C & AC සහ Chilaw Marians CC අතර තරගය Bloomfield ක්‍රීඩාංගණයේ දී.

  • Chilaw Marians– පළමු ඉනිම සියලුම දෙනා දැවී 109 (25.0) තික්ෂිල ද සිල්වා 50, රවිඳු ප්‍රනාන්දු 5/42, ජෙෆ්රි වැන්ඩර්සේ 4/33
  • Bloomfield– පළමු ඉනිම සියලුම දෙනා දැවී 190 (58.2)රොන් චන්ද්‍රගුප්ත 25, කසුන් අබේරත්න 28, ලහිරු මධුශංක 63, ඉසිත විජේසුන්දර 21, ශෙහාන් ජයසූරිය 3/38, දුවිඳු තිලකරත්න 5/55
  • Chilaw Marians– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 77 (28.1)ෂෙහාන් ජයසූරිය 16, දුශාන් විමුක්ති 18, රවිඳු ප්‍රනාන්දු 6/50, සහන් නානායක්කාර 2/09

Bloomfield කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 4ක ජයක්.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<