ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ මෙවර පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට 25 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු පසිඳු සූරියබණ්ඩාර සමත් වුනා.
Tamil Union කණ්ඩායම සහ Moors කණ්ඩායම අතර අද (4) බොරැල්ල P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පසිඳු සූරියබණ්ඩාර පන්දු 294කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 200ක් ලබා ගන්නවා.
එය ඔහුගේ තරග 44ක් වන පළමු පෙළ තරගවල 3 වැනි ද්විත්ව ශතකයයි. ඔහු මීට පෙර 2022/23 තරග වසරේ දී ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කරමින් මහනුවර කණ්ඩායමට එරෙහි ව ලකුණු 214ක් සහ 2023/24 වසරේ දී ගාල්ල කණ්ඩායම නියෝජනය කරමින් යාපනය දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහි ව ලකුණු 242ක් ලබා ගන්නවා.
මේ අතර අද පැවැති තරගවල දී NCC කණ්ඩායමේ ලහිරු උදාර සහ අහන් වික්‍රමසිංහ ද ශතක වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනා. ලහිරු උදාර පන්දු 160කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 142ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ 13 වැනි ශතකයයි.
අහන් වික්‍රමසිංහ පන්දු 149කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 105ක් ද ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ 6 වැනි ශතකයයි.
එමෙන් ම පෙර දින Colts කණ්ඩායම Bloomfield කණ්ඩායම අතර තරගයේ දී Colts වෙනුවෙන් නොදැවී ලකුණු 82ක් ලබා සිටි කවිශ්ක අංජුල අද තම පළමු පෙළ මංගල ශතකය වාර්තා කිරීමට සමත් වෙනවා. ඔහු තම ඉනිම අවසන් වන විට පන්දු 167කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 110ක් ලබා සිටියා.
පන්දු යැවීමේ දී Panadura කණ්ඩායමේ දුශාන් හේමන්ත ලකුණු 51කට කඩුලු 6ක් ද, Chilaw කණ්ඩායමේ දුවිඳු තිලකරත්න ලකුණු 66කට කඩුලු 6ක් ද, Baduraliya කණ්ඩායමේ චානක කොමසාරු ලකුණු 86කට කඩුලු 6ක් සහ Nugegoda කණ්ඩායමේ මදුක ලියනපතිරණ ලකුණු 89කට කඩුලු 6ක් ද දවා ගනිමින් කැපී පෙණෙන දක්ෂතා දැක් වූවා.
ඊට අමතර ව Kurunegala කණ්ඩායමේ ලහිරු ජයරත්න සහ Tamil Union කණ්ඩායමේ තරිඳු රත්නායක ද කඩුලු 5ක් බැගින් දවා ගන්නවා.
අද පැවැති තරගවල දී Police කණ්ඩායමේ විශාද් රන්දික, ACE Capital කණ්ඩායමේ පවන්ත වීරසිංහ, Bloomfield කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත, මිනෙත් ප්‍රේමරත්න, SSC දිමුත් කරුණාරත්න, ක්‍රිශාන් සංජුල සහ ශෙවෝන් ඩැනියෙල්, Kurunegala දිල්හාර පොල්ගම්පොළ සහ සමීර සඳමාල්, Kandy Custom කණ්ඩායමේ සහන් කෝසල, NCC කණ්ඩායමේ අසේල් සිගේරා, Moors කණ්ඩායමේ සදීර සමරවික්‍රම සහ Tamil Union කණ්ඩායමේ මනෙල්ක ද සිල්වා අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වූවා.
පැවැත්වෙන තරගවල කෙටි ලකුණු පුවරු
Chilaw MCC සහ Police SC අතර තරගය තිඹිරිගස්යාය පොලිස් උද්‍යානයේ දී.
Chilaw – පළමු ඉනිම සියලුම දෙනා දැවී 148 (52.1) ලසිත් ලක්ෂාන් 25, කසුන් විදුර 31, ශෙහාන් ජයසූරිය 32, පැතුම් කුමාර 28, චතුරංග කුමාර 2/17, දිලුම් සුදීර 6/21
Police – පළමු සියලුම දෙනා දැවී 219 (77.3) අවිශ්ක තරිඳු 30, ප්‍රියමාල් පෙරේරා 41, විශාද් රන්දික 70, හිමේෂ් රාමනායක 25, දුවිඳු තිලකරත්න 6/66, හේෂාන් හෙට්ටිආරච්චි 2/19
Chilaw – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 89 (42.0) කසුන් විදුර නොදැවී 30, ශෙහාන් ජයසූරිය නොදැවී 43, නලින් ප්‍රියංකර 2/37
Panadura සහ Baduraliya CC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.
Baduraliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 186 (63.3) දුනිත් ජයතුංග 28, අනුක් ප්‍රනාන්දු 20, ගීත් කුමාර 52, චානක රුවන්සිරි 23, රනිත ලියනාරච්චි 2/13, විශ්ව ලහිරු 2/28, නිමේෂ් විමුක්ති 4/60
Panadura – පළමු ඉනිම සියලුම දෙනා දැවී 178 (58.0) ලහිරු දවටගේ 32, ඉරෝෂ් සමරසූරිය 58, රනිත ලියනාරච්චි 43, චානක කොමසාරු 6/86, චලන ද සිල්වා 3/45
Baduraliya – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 117 (42.0) ගීත් කුමාර 24, සසංක නිර්මාල් නොදැවී 28, දුශාන් හේමන්ත 6/51, නිමේෂ් විමුක්ති 2/16
Panadura – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 47 (7.0) ඕෂද ප්‍රනාන්දු නොදැවී 35
ACE Capital CC සහ Ragama CC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.
ACE Capital – පළමු ඉනිම සියලුම දෙනා දැවී 219 (67.3) පවන්ත වීරසිංහ 23, උදයවංශ පරාක්‍රම 24, රවීන් ද සිල්වා 77, සම්මු අශාන් 20, හරීන් රත්නමුදලි 3/40, ශෂික දුල්ශාන් 3/55
Ragama – පළමු ඉනිම සියලුම දෙනා දැවී 107 (32.4) දිනෙත් තිමෝද්‍ය 17, දනාල් හේමානන්ද 3/26, වනුජ සහන් 3/32
ACE Capital – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 167 (38.0) පවන්ත වීරසිංහ නොදැවී 87, උදයවංශ පරාක්‍රම 31, රවීන් ද සිල්වා 20, සංතුශ් ගුණතිලක 2/30
Colts CC සහ Bloomfield C & AC අතර තරගය හැව්ලොක් පෙදෙස Colts ක්‍රීඩාංගණයේ දී.
Colts – පළමු ඉනිම සියලුම දෙනා දැවී 340 (106.3) සංගීත් කුරේ 33, ඇන්ජලෝ මැතිව්ස් 88, සනෝජ් දර්ශික 22, ධනංජය ලක්ෂාන් 31, කවිශ්ක අංජුල 110, ඩිල්ශාන් මදුශංක නොදැවී 38, ඉසිත විජේසුන්දර 3/54, මිහිරංග සිල්වා 2/73, සහන් නානායක්කාර 3/61
Bloomfield – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 170 (63.0) රොන් චන්ද්‍රගුප්ත 58, නිපුන් කරුණානායක නොදැවී 37, මිනෙත් ප්‍රේමරත්න නොදැවී 50, ඩිල්ශාන් මදුශංක 2/27, අකිල ධනංජය 4/57
- කෙවින් සහ සුදීර හොඳම කඩඉම්වලට පිවිසෙයි
- බංග්ලාදේශ 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක
- ගෙවුණු වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් මතක
- ශ්‍රී ලංකාව ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයට යන්නේ කොහොමද?
- උදයවංශ සහ සහන්ගෙන් කැපී පෙණෙන දක්ෂතා
B කාණ්ඩය
SSC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.
Nugegoda – පළමු ඉනිම සියලුම දෙනා දැවී 311 (67.5) පුලිඳු පෙරේරා 28, රොෂාන් විජේනායක 20, ඇන්ජලෝ පෙරේරා 50, කෙවින් පෙරේරා 116, චාමිකර එදිරිසිංහ නොදැවී 43, දිනුර කළුපහන 3/72, අක්මල් ෆස්ලි 2/65, ප්‍රභාත් ජයසූරිය 3/63
SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 307 (80.3) දිමුත් කරුණාරත්න 79, ක්‍රිශාන් සංජුල 69, ශෙවෝන් ඩැනියෙල් 55, දිනුර කළුපහන 34, චාමිකර එදිරිසිංහ 2/62, මදුක ලියනපතිරණ 6/89
Nugegoda – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 76 (29.0) පුලිඳු පෙරේරා නොදැවී 43, ඩිලාන් ජයලත් නොදැවී 29
Kurunegala YCC සහ Kandy Custom SC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
Kandy Custom – පළමු ඉනිම සියලුම දෙනා දැවී 278 (102.0) මලිඳු මදුරංග 86, ඉමාල් ලියනගේ 24, ෂෙහාන් ප්‍රනාන්දු 40, සහන් කෝසල 79, මිතුන් ජයවික්‍රම 28, ලහිරු ජයරත්න 5/73, දිනුෂ්ක මාලන් 2/47, කවික ඩිල්ෂාන් 3/93
Kurunegala – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 227 (76.0) ධනුෂ්ක ධර්මසිරි 26, දිල්හාර පොල්ගම්පොළ නොදැවී 86, සමීර සඳමාල් නොදැවී 57, බුද්ධික සංජීව 2/78, ඉමේෂ් උදයංග 2/56
NCC සහ BRC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 226 (80.4) දේශාන් ඩයස් 74, ඩිල්ශාන් ද සොයිසා 65, රොෂේන් සිල්වා 51, චාමික කරුණාරත්න 3/27, අශේන් ඩැනියෙල් 5/36
NCC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 425 (75.0) නිරෝෂන් දික්වැල්ල 28, ලහිරු උදාර 142, කමිල් මිෂාර 26, අහන් වික්‍රමසිංහ 105, සහන් ආරච්චිගේ 22, අසේල් සිගේරා නොදැවී 57, චමින්ද බණ්ඩාර 2/122, මාලින්ද පුෂ්පකුමාර 2/97
BRC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 12 (6.0)
Tamil Union C & AC සහ Moors SC අතර තරගය බොරැල්ල P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
Moors SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 476 (132.3) ජනිශ්ක පෙරේරා 28, සොහාන් ද ලිවේරා 79, සදීර සමරවික්‍රම 59, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 200, සිතාර ගිම්හාන් 33, රමේෂ් මෙන්ඩිස් 32, මිලාන් රත්නායක 20, තරිඳු රත්නායක 5/188
Tamil Union – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 146 (45.0) නවොද් පරණවිතාන 22, තුලින ඩිල්ශාන් 48, මනෙල්ක ද සිල්වා නොදැවී 50
මෙම තරග සියල්ල හෙට (5) 3 වැනි සහ අවසන් දිනය ක්‍රියාත්මක වේ.
SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.