ජාතික ක්‍රීඩා සභාව සහ තේරීම් කමිටුව නම් කරයි

217

ජාතික ක්‍රීඩා පිටිය සඳහා අදාළ තේරීම් සහ තීරණ ගැනීම සඳහා වන නව ජාතික ක්‍රීඩා සභාව සහ තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් නිල වශයෙන් නම් කර තිබෙනවා.

නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් වූ හරීන් ප්‍රනාන්දු මහතාට 1973 අංක 25 දරන ක්‍රීඩා පනතට යටතේ පැවරෙන බලතල උපයෝගී කර ගනිමින් මෙම නව ක්‍රීඩා සභාව සහ තේරීම් කමිටුව නම් කල බව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළා.

ඒ අනුව ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර මහතා පත් කර තිබෙන අතර එහි ලේකම්වරයා ලෙස අයි. යූ. වික්‍රමසූරිය මහතා නම් කර තිබෙනවා.

එමෙන්ම  කමිටුව සඳහා එම දෙදෙනාට අමතරව තවත් සාමාජික/ සාමාජිකාවන් 13 දෙනෙකු ඇතුළත්,

  • ශ්‍රියානි කුලවංශ මහත්මිය
  • විශ්‍රාමික මේජර් ජෙනරාල් රාජිත අම්පෙමොහොට්ටි
  • මහාචාර්ය අර්ජුන ද සිල්වා
  • පන්ඩුක කීර්තිනන්ද මහතා
  • ආනා පුංචිහේවා මහතා
  • මලික් කාදර් මහතා
  • වෛද්‍ය වි. ඩී. නානායක්කාර
  • හෆීස් මාර්සෝ මහතා
  • සිදත් වෙත්තමුණි මහතා
  • විශ්‍රාමික ජෙනරාල් ජගත් ජයසූරිය
  • අනුරාධ ඉල්ලේපුරුම මහත්මිය
  • මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු
  • කමල් දේශප්‍රිය මහතා

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබෙන අතර අර්ජුන් සිල්වා මහතා ලේකම්වරයා ලෙස කටයුතු කරනවා.

මෙම කමිටුවේ අනෙක් සාමාජිකයින් ලෙස වෛද්‍ය මයියා ගුණසේකර මහතා, සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ නලින්ද සම්පත් මහතා පත් කර තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<