තෙවැනි දිනය පන්දු 10කට සීමා වෙයි

SLC Major Clubs 3-Day Tournament 2023

321

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ SSC කණ්ඩායම සහ Police කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහා තරගයේ තෙවැනි දිනය වූ අද (10) දවස පන්දු 10කට පමණක් සීමා වෙමින් නිමා වූවා.

සිවු දින තරගයක් ලෙසින් කොළඹ 7, NCC පිටියේ දී ක්‍රියාත්මක මෙම තරගයේ පෙර දිනය ක්‍රීඩාංගණයේ පැවැති අයහපත් තත්ත්වය මත සම්පූර්ණයෙන් ම අතහැර දැමුණ අතර අද දවසේ ද එම තත්ත්වය මත, කාර්තු 2ක් ම ක්‍රීඩකයන්ට සිදු වූයේ ක්‍රීඩාංගාරයට වී සිටීමටයි.

පිටියේ විනිසුරුවන් විසින් අවස්ථා කිහිපයක දී ම ක්‍රීඩාංගණය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සවස 3.45ට තරගය ආරම්භ කෙරුණා. ඒ වෙද්දී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි SSC කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 250ක් ලබා සිටි අතර පිටියේ නොදැවී රැදී සිටියේ කුසල් මෙන්ඩිස් (29) සහ නුවනිඳු ප්‍රනාන්දු (7)යි.

තරගය තෙවැනි දිනයට ආරම්භ කරමින් චාරුක ප්‍රමෝද් එක් පන්දුවාරයක් ද සහ චතුරංග කුමාර පන්දු 4ක් ද යැවුණ තැන නැවත වර්ෂාව NCC පිටියට පතිත වූවා. ඒ වෙද්දී යැවුණ සියලු පන්දුවලට මුහුණ දී සිටියේ නුවනිඳු ප්‍රනාන්දුයි.

එතැන් සිට නැවත තරගය ආරම්භ කරන්නට තරම් සුදුසු වාතාවරණයක් නොවූයෙන් පිටියේ විනිසුරුවන් තරගය තෙවැනි දිනයට නතර කෙරුණා. ඒ වෙද්දී SSC කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 254ක් ව තිබුණ අතර නුවනිඳු ප්‍රනාන්දු පන්දු පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා ගනිමින් ද සහ කුසල් මෙන්ඩිස් පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 29ක් ද ලබා සිටියා.

අවසන් මහා තරගය, NCC, දෙසැම්බර් 08 – 11, 2023, SLC Major League Tournament

o ක්‍රීඩාංගණය – NCC, කොළඹ

o කාසියේ වාසිය – Police

SSC – පළමු ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 63.0ක දී කඩුලු 3ක් දැවී 250) පන්දුවාර 64.4ක දී කඩුලු 3ක් දැවී 254 (ශෙවෝන් ඩැනියෙල් 56, අවිශ්ක ප්‍රනාන්දු 107, නිපුන් ධනංජය 40, කුසල් මෙන්ඩිස් නොදැවී 29, චාරුක ප්‍රමෝද් 1/54)

තරගය හෙට (11) සිවු වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම තරගය ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව වන ThePapare.com මඟින් සජීවි ව විකාශය කිරීමට නියමිතයි. ඒ අනු ව Dialog TV නාලිකා අංක 119,  Dialog ViU app සහ ThePapare.com Web මඟින් ද නැරඹිය හැකියි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<