හොංකොං සය සාමාජික ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ 2025 වසරේ ශූරයන් බවට පත් වීමට පාකිස්තානය සමත් වූවා. හොංකොං හි Mission Road ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී කුවේට් කණ්ඩායමට එරෙහි ව ලකුණු 43ක ජයග්‍රහණයක් ලබා ගත් ඔවුන් මෙම ශූරතාව දිනා ගත්තා.
කාසියේ වාසිය දිනා ගත් කුවේට් කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 135ක් ලබා ගත් ඊට පිළිතුර ලෙසින් කුවේට් කණ්ඩායමේ කඩුලු 6 ම දැවී ලබා ගත්තේ ලකුණු 92ක් පමණයි.
පාකිස්තාන Sixes කණ්ඩායම
Abbas Afridi (නායක), Abdul Samad, Khawaja Nafay (කඩුලු රකින්නා), Shahid Aziz, Maaz Sadaqat, Muhammad Shahzad.
කුවේට් Sixes කණ්ඩායම
Yasin Patel (නායක), Adnan Idrees, Meet Bhavsar, Bilal Tahir, Ravija Sandaruwan (කඩුලු රකින්නා), Mohamed Shafeeq.
පළමුවෙන් පන්දුවට පහර දීමට අවස්ථාව ලද පාකිස්තාන කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Abbas Afridi. ඔහු පන්දු 11ක දී හයේ පහර 7ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගනිමින් පිටියෙන් ඉවත් වූවා.
ඊට අමතර ව ආරම්භක පිතිකරු Abdul Samad පන්දු 13ක දී හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ද සහ Khawaja Nafay පන්දු 6ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Meet Bhavsar ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කුවේට් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්ද 9ක දී ලකුණු 33ක සබඳතාවක් එක් කිරීමට Adnan Idrees සහ Meet Bhavsar සමත් වෙනවා. එහි දී Adnan Idrees පන්දු 8ක දී හයේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ද සහ Meet Bhavsar පන්දු 12ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Maaz Sadaqat ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Abdul Samad, Abbas Afridi සහ Muhammad Shahzad කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
පාකිස්තාන Sixes කණ්ඩායම – කඩුලු 3ක් දැවී 135 (6.0) Abdul Samad 42, Khawaja Nafay 22, Abbas Afridi 55, Meet Bhavsar 3/29
කුවේට් Sixes කණ්ඩායම – සියලුම දෙනා දැවී 92 (6.0) Adnan Idrees 30, Meet Bhavsar 33, Maaz Sadaqat 3/29
පාකිස්තාන Sixes කණ්ඩායමට ලකුණු 43ක ජයක්.
තරගයේ වීරයා – Abbas Afridi (පාකිස්තානය)
- ප්‍රවීනයන්ගේ ශූරතාව පොලිස් දෙපාර්තමේන්තුවට
- රිච්මන්ඩ් පරාජය කළ මහානාමයන් Tier A ශූරයන් වෙයි
- Plate කුසලානය සත්කාරක හොංකොං ක්‍රීඩකයෝ තබා ගනි
තරගාවලියේ Plate කුසලානය වෙනුවෙන් පැවැති අවසන් මහා තරගයේ දී බංග්ලාදේශයට එරෙහි ව කඩුල්ලක ජයග්‍රහණයක් ලබා ගත් හොංකොං ක්‍රීඩකයෝ එම ශූරතාව දිනා ගන්නවා.
බංග්ලාදේශ Sixes කණ්ඩායම
Akbar Ali (නායක), Habibur Rahman Sohan (කඩුලු රකින්නා), Jishan Alam, Mosaddek Hossain, Abu Hider, Tofael Ahmed.
හොංකොං Sixes කණ්ඩායම
Babar Hayat (නායක), Anshy Rath (කඩුලු රකින්නා), Aizaz Khan, Nizakat Khan, Nasrulla Rana, Ehsan Khan.
කාසියේ වාසිය දිනා ගත් හොංකොං කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 120ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි හොංකොං කණ්ඩායම කඩුලු 5ක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.
හොංකොං ජයග්‍රාහී ඉනිමේ දී Aizaz Khan පන්දු 21ක දී හයේ පහර 11ක් සහ හතරේ පහර 4ක් සමඟින් ලකුණු 85ක් ලබා ගන්නවා. ඔහු ලකුණු 55ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වූ අතර අනතුරු ව නැවත 5 වැනි කඩුල්ල ලකුණු 91 දී දැවී ගිය පසුව තනිව ම පිටියේ එක් වෙමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යනවා.
ඔහුට අමතර ව එම ඉනිමේ අනෙක් වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 10ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත් Nizakat Khan.
කඩුලු දවා ගැනීමේ දී Abu Hider පන්දුවාර 2ක් යවමින් ලකුණු 22කට කඩුලු 4ක් දවා ගන්නවා.
- මැලේසියාවට එරෙහිව කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මනුදිට
- හොංකොං යන සය සාමාජික කණ්ඩායමේ නායකත්වය ලහිරු මදුශංකට
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Akbar Ali. ඔහු පන්දු 13ක දී හයේ පහර 7ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගනිමින් පිටියෙන් ඉවත් වෙනවා.
ඊට අමතර ව Abu Hider පන්දු 8ක දී හයේ පහර 4ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 28ක් ද සහ Jishan Alam පන්දු 7ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Nasrulla Rana ලකුණු 19කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Nizakat Khan සහ Ehsan Khan කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
බංග්ලාදේශ Sixes කණ්ඩායම – කඩුලු 5ක් දැවී 120 (6.0) Jishan Alam 27, Akbar Ali 51, Abu Hider 28, Nasrulla Rana 2/19
හොංකොං Sixes කණ්ඩායම – කඩුලු 5ක් දැවී 123 (6.0) Aizaz Khan නොදැවී 85, Nizakat Khan 28, Abu Hider 4/22
හොංකොං Sixes කණ්ඩායමට කඩුල්ලක ජයක්.
- තරගයේ වීරයා – Aizaz Khan (හොංකොං)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















