ක්‍රීඩකයන්ට විවේකයක් ලබා දෙමින්, දවස නිමා වෙයි

SLC Major Clubs 3-Day Tournament 2023

602

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ SSC කණ්ඩායම සහ Police කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහා තරගයේ දෙවැනි දිනය වූ අද (09) දවස සම්පූර්ණයෙන් ම ක්‍රීඩාංගණයේ පැවැති අයහපත් වාතාවරණය විසින් බිලිගන්නා ලදි.  

සිවු දින තරගයක් ලෙසින් කොළඹ 7, NCC පිටියේ දී ක්‍රියාත්මක මෙම තරගයේ දි අද දවසේ දී කණ්ඩායම් දෙකේ ම ක්‍රීඩකයන්ට ක්‍රීඩාංගණයට පිවිසීමට හෝ ඉඩක් ලැබුණේ නැහැ.  

පෙර දිනයේ දී ද ක්‍රීඩා පිටියේ තැන තැන පැවැති අයහපත් වාතාවරණය මත තරගය ආරම්භ වූයේ විනාඩි 45ක් පමණ ප්‍රමාද වීමෙන් වූ අතර තරගය අවසන් වීමට තවත් පැයකට පමණ ආසන්න කාලයක් ඉතිරි ව තිබිය දී ද නතර කිරීමට සිදු වූවා.   

අද දවසේ දී එම තත්ත්වය හෝ තරගයට නොලැබෙන්නේ පෙර දිනයේ වට වැස්ස විසින් ක්‍රීඩාංගණය ගොදුරු කර ගත් බැවිනුයි. පිටියේ විනිසුරුවන් සහ තරග තීරකවරයා විසින් අවස්ථා වැඩි ගණනාවක් ම ක්‍රීඩා පිටිය නිරීක්ෂණය කළ ද සවස 4.30ට පමණ ඔවුන්ගේ නිගමය වූයේ තරගය දෙවැනි දිනයට පැවැත්විය නොහැකි බවයි.   

අවසන් මහා තරගය, NCC, දෙසැම්බර් 08 – 11, 2023, SLC Major League Tournament 

  • ක්‍රීඩාංගණය – NCC, කොළඹ 
  • කාසියේ වාසිය – Police  

SSC – පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විටපන්දුවාර 63.0ක දී කඩුලු 3ක් දැවී 250 (ශෙවෝන් ඩැනියෙල් 56, අවිශ්ක ප්‍රනාන්දු 107, නිපුන් ධනංජය 40, කුසල් මෙන්ඩිස් නොදැවී 29, චාරුක ප්‍රමෝද් 1/53) 

තරගය හෙට (10) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.  

මෙම තරගය ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව වන ThePapare.com මඟින් සජීවි ව විකාශය කිරීමට නියමිතයි. ඒ අනු ව Dialog TV නාලිකා අංක 119,  Dialog ViU app සහ ThePapare.com Web මඟින් ද නැරඹිය හැකියි.  

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමටThePapare.com සූදානම්, රැඳී සිටින්නThePapare.com සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<